බෞද්ධ ධර්ම ප්‍රචාරකයෙකු සහ ශ්‍රී ලංකාවේ නිදහස් සටනේ පුරෝගාමීකයෙකු වූ ශ්‍රීමත් අනාගාරික ධර්මපාලතුමන්ගේ 157 වැනි ජන්ම දින සැමරීම අද මරදාන මාලිගාකන්ද මහාබෝධි විහාරයේදී  පැවැත්විය

අනගාරික ධර්මපාලතුමා සිහි කිරීම සදහා මහා බෝධි විහාරයේ ඉදිකර ඇති පිළිරුවට මල් දම් පලදමින් පුෂ්පෝහාර  දැක්විය.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධනත්වයෙන් පැවැත්වුණු  මෙම වැඩසටහනට එයට අම්බුළුගල ශ්‍රී සුමංගල හිමියන්  හා ඉන්දියානු නියොජ්‍ය  මහකොමසාරිස් ඇතුළු පිරිසක් සහබාගිව සිටියහ. 

(ඡායාරූප: ශාන්ත රත්නායක)