
(තිලකරත්න දිසානායක)
ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 156 වෙනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිට වූ ධර්මපාල තුමන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර පුද කිරීමේ උත්සවයක් අද (17) පෙරවරුවේ සිදු කෙරිණි.
ගම්පහ තරුණ බෞද්ධ සංගමය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණී.
එම අවස්ථාවට ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කේ.මල්ලවආරච්චි මහතා ඇතුළු පාසල් සිසු දරුවන් පිරිසක් ද, සහකාර ප්‍රාදේශීය ලේකම් උපේක්ෂා කපුරුබණ්ඩාර , සිංහල භාෂා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ප්‍රජා රත්නායක, හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, තරුණ බෞද්ධ සංගමයේ සභාපති වෛද්‍ය විල්ෆ්‍රඩ් විජේසිංහ, ලේකම් උපාලි ගණේපොල යන මහත්ම මහත්මීන් සහ පොලීසිය, වෙළඳ සංගමය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd