(බිඟුන් මේනක ගමගේ)
ජාතික අධ්‍යාපනය රැකගැනීමට නම් උපකාරක පන්ති ක්‍රමය අහෝසි කළ යුතු යැයි ප්‍රවීණ අධ්‍යාපන විද්‍යාවේදියකු හැටියට සැලකෙන ඔස්වල්ඩ් ගෝමිස් හිටපු අගරදගුරුතුමෝ ‘ලංකාදීප’ යට අද(22) පැවැසූහ.
මෙම තීන්දුව ගතහැක්කේ ඒකාධිපතියකුට පමණක් යැයි ද එය ඒ තරමටම පිළිකාවක් සේ පැතිරී ගොස් ඇතැයි ද හිටපු අගරදගුරුතුමෝ අවධාරණය කර කීහ.
ලොකු පොඩි භේදයකින් තොරව නගරයේත් ගමේත් පාසල් දරුවන් මේ වනවිට ටියුෂන් පංති කරා ඇදීයන්නේ යැයි කී උන්වහන්සේ එය තනිකරම මාෆියාවක්යැයි චෝදනා කළහ.
මෙම පරිසරයෙහි පාසල් යෑම බොරු වැඩක් වී ඇතැයි ද රජය කඩිනම් අවධානයක් යොමු නොකළහොත් අධ්‍යාපනයෙහි සියලු සාරාර්ථ ඉක්මනින්ම විනාශමුඛයට යනු ඇතැයි ද ඔස්වල්ඞ් ගෝමිස් හිටපු අගරදගුරුතුමෝ කීහ.
පාසල් ක්‍රමය ශක්තිමත් කර දුර්වල සිසුන්ට සවස් පංති පවත්වන ක්‍රමයක් නිර්මාණය කළ යුතු යැයි ද ඒ සඳහා ගුරුවරුන් කැපවිය යුතු යැයි ද උන්වහන්සේ කීහ.
අධ්‍යාපනය ලබාදීමේ අයිතිය රාජ්‍ය අංශයට පමණක් සීමා විය යුතු නැති නමුත් අධ්‍යාපනයට නිසි ප්‍රමිතියක් තිබීම අත්‍යවශ්‍ය යැයි ද හිටපු අගරදගුරුතුමෝ පැවැසූහ.
රාජ්‍ය හෝ පෞද්ගලික භේදයකින් තොරව අධ්‍යාපනයට ප්‍රමිතියක් සකස් කළහොත් ටියුෂන් සංස්කෘතියෙන් අධ්‍යාපනය විනාශ වීම වලක්වාගත හැකි යැයි ඔස්වල්ඞ් ගෝමිස් හිටපු අගරදගුරුතුමෝ වැඩිදුරටත් පැවැසූහ.
COMMENTS
විශිෂ්ඨ යෝජනාවක්...
උන්වහන්සේ කියන්නේ සම්පූර්ණ ඇත්ත. ඔය වගේම එකක් තියෙනවා. සෞඛ්‍ය සේවය රැකගන්න නම් පෞද්ගලික වෙදකම අහෝසි කරන්න. හැබැයි, ඒකත් කළ හැක්කේ ඒකාධිපතියෙකුට පමණයි.
එතකොට, මේ ළමයින්ව නොමග යවන්න හෝ ප්‍රයෝජනයට අල්ලාගන්න අපහසු වෙනවා නේද?
අධ්‍යාපනඥයෙක් හැටියට මේ පූජකතැනට තමන්ගේ අදහස කියන්න පුළුවන්, එ්ත් ප්‍රායෝගික නැහැ. ඉගෙනීමට දුර්වල දරුවට ගුරුවරයෙක් ගෙන්වලා උගන්වනවා නම් එ්කත් තහනම් කරනවද? අන්තිමේ වියදම් කරන්න පුළුවන් අය විතරක් එහෙම කරාවි, දවසට පැයට පන්දාහක් දහදාහක් ඉල්ලන ගානට ගුරුවරු ගණන් උස්සාවි, යාන්තම් ජෙනරාල් ක්ලාස් එකකට ගාන ගෙවාගන්න පුළුවන්.... දුප්පත් කොල්ලන් කෙල්ලන් තරඟයෙන් හැලේවි, තරුණ අසහනය වෛරය වැඩිවේවි. මේකට ඔය තහනම් කිරිල්ල හරි යන්නේ නැහැ. තහනම් කරලා විසඳුම් දෙන්න පුළුවන් ප්‍රශ්නයකුත් නෙවේ. තියෙන්නේ එකම විසඳුමයි... පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරලා, වැඩි වැඩියෙන් අධ්‍යාපනයට තැනදෙන්න. වැඩි වැඩියෙන් අධ්‍යාපනයට අවස්ථා දෙන්න. වෘත්තීය අධ්‍යාපනයට විශේෂ වැදගත්කමක් දීලා වැඩියෙන් නවකයන් අද්දවාගන්න. ඒ වගේම විභාගවලින් වැඩියෙන් ලකුණු ගන්න ඉහළම දක්ෂතා ඇති සිසුන් අර බූරු දිස්ත්‍රික්ක පදනම්වලින් හලන්නේ නැතිව කෙලින්ම බඳවාගන්න. පුරප්පාඩුවලට සම්මුඛ පරීක්ෂණ විශේෂ කුසලතා ආදියෙන් බඳවාගන්න. ඒ හැර වෙන විකල්ප නැහැ....
ඕක හරියන යෝජනාවක් නෙමෙයි..! එතකොට මේ දරු, දැරියන්ට ටියුෂන් යනවයි කියලා. දෙමව්පියන්ගෙන් සල්ලි කඩාගෙන.. වෙන වෙන තැන්වල යන්නත් බැරිවෙනවනේ..
සහතික ඇත්ත. ඒත්?... මොකද පරණ ටියුෂන් ගුරා සෙට් කරලද කොහෙද? ටියුෂන් ගුරුවරු ඡන්දයට ඉස්සෙල්ලා වෙනම හම්බවෙලා පාටියක් දැම්මනේ. පින්තුර හෙමත් ප්‍රසිද්ධ කරලා තිබුනේ. ඉතින් ආවඩා ආයුබෝවේවා කියන්නේ නැතිව දුම්මල මුට්ටිය ගන්න පුළුවන්ද? තවතව අධ්‍යාපනය අනන තරමට උන්ට වැජඹිය හැකිය...
ඉස්සර ළමයි විභාග පාස් වුනේ ටියුෂන් පන්ති ගිහින් නෙවෙයි. ගුරුවරු කැපවීමෙන් ඉගැන්නුවා. අද ගුරුකම සේවයක් වෙනුවට ව්‍යාපාරයක් වෙලා. ප්‍රසිද්ධ පාසැල්වල ගුරුවරු. ගුරුවරියන් පවා ගෙවල්වලට ගිහින් ටියුෂන් දෙනවා...
ඔය වැඩේ කරන්න ඒකාධිපතියකු හොයාගන්නේ කොහෙන්ද?
ඔව්, ටියුෂන් ඉවත් කරන එක හොඳයි... එතකොට ළමුන් අතර තියන තරඟකාරි අධ්‍යාපන රටාව වෙනස් වෙයි. නමුත් ටියුෂන් නවත්තන්න තියන හොඳම ක්‍රමය පෝස්ටර් ගහන එක තහනම් කරන එක නොවන බව අවබෝධ කරගත යුතුයි. හැම ළමයෙක්ම ටියුෂන් යන්නේ පාසල් අධ්‍යාපනය ප්‍රමාණවත් නොවන හින්දා, සමහර ටියුෂන් කරන ගුරුවරු සමහර පාසල් ගුරුවරුන්ටත් වඩා සුදුසුකම් තියන අය... ඒ වගේම එයාලා ගොඩක් දක්ෂයි. නමුත් එයාලා පාසල්වලට ආවොත් ඒ සුදුසුකම්වලට සරිලන වැටුපක් එයාලට ලැබෙන්නේ නැහැ. පොඩ්ඩක් හිතලා බලන්න... ලංකාවේ හැමෝම දන්න සර් කෙනෙක් තමයි ජීව විද්‍යාව උගන්වන තිස්ස ජනනායක සර්, අන්න ඒ වගේ සර් කෙනෙක් උගන්වන පාසලක ළමයි කවදාවත් ජීව විද්‍යාවට අමතර පන්තිවලට යාවිද...? විය යුත්තේ හිටි හැටියේම ටියුෂන් තහනම් කරන එක නොවන බව මාගේ අදහසයි. විය යුත්තේ පාසල් අධ්‍යාපනය නගා සිටුවීමයි... එතකොට ඉබේම ළමයි ටියුෂන් යන එක නවත්තනවා.
හිමියනි, මේක කාලෝචිත යෝජනාවක් නොවෙයි. ඔබ වහන්සේ අධ්‍යාපනඥයෙක් හැටියට යෝජනා කරන්න ඕන රාජ්‍ය අධ්‍යාපන පද්ධතිය විධිමත් කිරිමේ යෝජනාවක්... රජයේ පාසල් පද්ධතිය විධිමත් කරලා, පහසුකම් වැඩි කරලා... අධ්‍යාපන රටාව වෙනස් කරලා පියවර ගන්නකම් ඔය යෝජනාවෙන් ඵලක් නැහැ.
මේ යෝජනාව මේ සියවසේදී ක්‍රියාත්මක කරන්න තාක්ෂණිකව අපහසුයි. අන්තර්ජාලය හරහා දැනටමත් ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව වැනි විශාල රටවල ඈත පළාත්වල අධ්‍යාපනය ලබාදීම සිදුකරනවා. ඒ ඒ ළමයින්ට අවශ්‍ය හොඳ ඉන්ටර්නෙට් සම්බන්ධතාවකුත් ඒ පන්තියට ඇතුළත්වීම සඳහා අවශ්‍ය පාස්වර්ඩ් එකකුත් පමණයි. ඒ සඳහා ශිෂ්‍යයා ගෙවීම් කළ යුතුයි. ඉතින් අපේ රටේත් ටියුෂන් ගුරුවරුන් "ටෙලි ක්ලාසස් " කළොත් ඔබතුමාගේ ඔය අදහස ක්‍රියාත්මක කිරීමෙන් බලාපොරොත්තුවන ප්‍රතිඵල ලැබේවිද..,?
ඕක මාෆියාවක් තමයි. රටේ තිබෙන ලොකුම ප්‍රශ්න 10න් එකක්. සිසුන්ගේ විනය පිරිහීමට ලොකුම හේතුව... රජයේ පාසල්වල ඉගෙනීම බාලවීමට මෙය හේතුවක්. එ්ත් හොඳ පැත්තකුත් තිබේ. එ්ත් තහනම් කළොත් සල්ලි තියෙන උදවිය පමණක් ඒ අවස්ථාව ලබා ගනී. කළයුතු දේ නම් පාසල්වල ගුරුවරුන්ගේ ප්‍රතිඵල මත පමණක් උසස්වීම් ලබාදෙන ක්‍රමයක්. එසේම වැඩ නොකරන ගුරුවරුන් අස්කිරීමේ හෝ පඩි අඩු කිරීමේ ක්‍රමවේදයක්. එසේම විදුහල්පතිවරුන්ද මනින ක්‍රමයක්. එතකොට නිකම්ම පාසල් අධ්‍යාපනය දියුණු වේවි...!!! හරි පහසුයි.
එහෙම කලොත් බහුතරයක් ටියුෂන් මුදලාලිලාට ඇත්තටම රස්සාවක් හොයාගන්න හෝ ත්‍රීවිල් එලවන්න තමයි වෙන්නේ...
ලංකාවේ ටියුෂන් අහෝසි කිරීම යනු කට වටකර වැටක් බඳිනවා වැනි වැඩකි. වෘත්තියෙන් ගුරුවරයෙක් වුණු පලියට, සෑම ගුරුවරයෙකුටම යම් විෂයක් අවබෝධ පරිදි සිසුන්ට ඉගැන්වීමේ හැකියාවක් නොමැත. මා අත්දැක ඇති පරිදි විෂයක් ඉගැන්වීම කෙනෙකුට උත්පත්තියෙන් පිහිටා තිබෙන දෙයක්. ඕනෙම ටියුෂන් ගුරුවරයෙක් දීර්ඝ කාලීනව සාර්ථක වී ඇත්නම් එය සිදුවී ඇත්තේ ඔහුගේ හෝ ඇයගේ විෂයක් ඉගැන්වීමේ ඇති දක්ෂතාවය මත පමණක්ය. ලංකාවේ ටියුෂන් මෙතරම් වර්ධනය වී ඇත්තේ තෘතීය අධ්‍යාපනය සඳහා ඇති දරුණු තරගයයි. මෙයට පිළියම ටියුෂන් අහෝසි කිරීම නොව, තෘතීය අධ්‍යාපන ආයතන බහුල කිරීමයි. ලංකාව වැනි බදු අදායම අඩු රටකට අවශ්‍ය තරම් තෘතීය අධ්‍යාපනය නඩත්තු කළ නොහැකිය. එවැනි ආයතන බිහිකිරීම සඳහා පුද්ගලික අංශය සහභාගි කරගත යුතුමයි.
ටියුෂන්වලින් හරි දැනුම ලබා ගන්නවා නම් ඒක ලොකු දෙයක්.... අනිත් එක දුප්පත් ළමයි යන ශාලා පන්ති තහනම් කරයි. ඇති හැකි අය ගෙදර ටියුෂන් ගනී. පාසලේ ඉගැන්වීම පිළිබඳව විශ්වාසයක් ඇතිකළ හැකි නම් එදාට ටියුෂන් ඉබේම නවතීවි. දැනුමක් ඇතැයි සිතන අය ගැටළුවේ පසු කෙළවරෙන් අල්ලා ඉගෙනීමට ඇති මූලික අයිතිය ඒකාධිපති අණ යටතේ භංග කිරීමට යෝජනා කිරීම ජාතියේ අවාසනාවකි.
ලංකාවේ උසස් අධ්‍යාපන ඇමති වෙලා තියෙන්නෙත් ටියුෂන් මාස්ටර් කෙනෙක්. ටියුෂන් හොඳද නැද්ද කියලා කලින් එතුමාගෙන් ඇහුවා නම් හොඳයි කියලා හිතෙනවා..
මෙහි ප්‍රතිචාර දක්වා ඇති අය අධ්‍යාපනය යනු කුමක්දැයි අවබෝධයක් නොමැති අයසේ පෙනේ. 11 ශ්‍රේණිය 12 හා 13 වසර ළමයින් පාසල් පැමිණෙන්නේ කොතරම් කෙටි කාලයක්ද? 1 වසරේ සිට මෙඩිකල් ෆැකල්ටි පළමු අවුරුද්ද දක්වා දැන් ටියුෂන් නිර්මාණය වී ඇත. මෙසේ වුවද ඉන් ලැබෙන ප්‍රතිඵල වැඩිවී තිබේද? සියලුම ගුරුවරු උගන්වන්නේ නැති නිසාද මේ? උදේවරුවේ ටියුෂන් නවතා ළමයින් පාසල් යැවීමට සැලැස්වුවහොත් පමණක් දැනුමැති මනුස්සයකු බිහිකර ගත හැක.
සමහර පාසල්වල ගුරුවරු නැහැ. සමහරු හරියට උගන්වන්නේ නැහැ. එහෙම පාසලක ළමයින්ට ටියුෂන්වත් නැතුව කොහොමද? මගේ අදහස තරඟ විභාග සඳහා විතරක් ටියුෂන් තිබුණට කමක් නැහැ. 9 වසරෙන් පහළ අයට පාසල් අධ්‍යාපනය පමණක් හොඳටම ඇති. ඉතුරුවෙන කාලය සෙල්ලම් කරන්න පොඩි අයට වෙලාවක් ලැබෙයි. පොඩි කාලෙම අනවශ්‍ය තරඟයක් ඇයි? ශිෂ්‍යත්වයටත් අවුරුද්දක් පන්ති ගියොත් මදිද? 1 වසරේ සිටම පන්ති යන්නේ මොකටද?
මේක නොබියව කියන්න කොන්දක් තිබීම ගැන පළමුව ආචාර කරමු. බෞද්ධ උන්නාන්සේලාට නැති කොන්දක් තිබීම ගැන... මේ ටියුෂන් කියන වැඩේ වහාම නතර කරවන්න. අපි නිවාඩුකාලෙ එනකන් ඉන්නවා එදා. අද මෙන්න ලීසිං එක ගෙවන්න පන්ති දාගෙන... නිවාඩු කාලේ! අන්තිමට O/L ලියනවා... ලන්ඩන් O/L වගේ...
අපේ කාලේ ටියුෂන් ගත්තේ පාසල් වැඩ ගැන බොහොම දුරවල ළමයින්ය. 1959 කාලේ මමත් ඕ ලෙවල් ළමයෙකුට භෞතික විද්‍යාව ටියුෂන් දුන්නාට මාසයකට රු.10 ලැබුණි. අපිට ගුරුවරු අදාළ විෂය පෙව්වා කීවොත් නිවැරදිය. අපි ඉගෙනගත්තා අලම්යි එකතුවී සෙල්ලම් කළා අද ආපසු හැරී බලන්න අමාකාලයක් ගෙව්වා. එසේ ඉගෙනගෙන දොස්තරවරු ඉංජිනේරුවන් ආචාරය මහාචාර්ය වරු බිහිවුණා. එහෙනම් දැන්මේ වෙනස මොකක්ද? සිලබස් වෙනස් වෙන්න පුළුවන්... නමුත් මේ ටියුෂන් ක්‍රමයක් ආවේ කෙසේද? විශ්ව විද්‍යාලයට ගන්නේ වැඩිම ලකුණු ගත් කෙනාවීම නිසායි. හැබයි එ් කාලෙත් විශ්ව විද්‍යාලයට ගත්තේ වැඩිම ලකුණු ගත්තා වුණාට සම්මුඛ පරීක්ෂණයත් සමත් වුණු කෙනාය.... විභාගය පාස් වුණා කියලා හැම හල්පාරුවටම විශ්ව විද්‍යාලයට ඇතුල්වීමට බැරිය.
අද දෙමාපියන්ට උසුලන්න බැරි මාසික වියදමක් මේ ටියුෂන් පන්ති නිසා ගුරුවරු අද ගන්න වැටුපට සාධාරන සේවයක් පාසලේ කරන්නේ නැත. උසස් පෙළ දරුවෝ පාසල් එන්නෙම නෑ බොරුවට පැමිනීම ලකුණු කරලා දෙනවා
එය ප්‍රායෝගික නොවේ
කටට එන පළියට ප්‍රකාශ නිකුත් කිරීම මෙවැනි උතුමෙකුට වටින්නේ නෑ. ටියුෂන් ක්ෂේත්‍රයේ රැකියාව කරන දහස් ගණනක සේවක පිරිස්වලට කන්න දෙන්නේ පල්ලියෙන්ද? පිස්සු තමයි.