
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ රෙජිස්ටාර් ඇතුළු අධිකරණ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව කියන නීතිඥවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය
වැල්ලවත්ත කකවිරත්න පෙදෙසේ පිහිටි නිවසක භුක්තිය සම්බන්ධව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මඟින් කරන ලද නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ රෙජිස්ටාර් වරයා ඊයේ (2) එම ස්ථානයට ගොස් සිටියදී සැකකාර නීතිඥවරයා අධිකරණ නියෝගයට අවනත නොවී අධිකරණ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධව වැල්ලවත්ත පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු තිස් නවයක් වන පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.සැකකරු කොළඹ අංක 3 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.වැල්ලවත්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෘර්තීය අත්දැකීම් නැති ගොබ්බයෙක් . සේවාදායකයාට කලර්ස් පෙන්නන්න ගිහිල්ලා කෙලවාගෙන