(ඩයනා උදයංගනී)
දිවයිනේ ඊසාන දිග ප‍්‍රදේශවල වර්ධනය වී ඇති ක‍්‍රියාකාරී වළාකුළු පද්ධතියක බලපෑම හේතුවෙන් අද (03) රාත‍්‍රියේ දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල මිලිමීටර 100ත් 150ත් අතර තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
දිවයිනේ බොහෝ පළාත්වල හෙට (4) දිනයේත් වැසි ඇතිවිය හැකි බව එම ප‍්‍රකාශකයා කීවේය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල එම ප‍්‍රදේශයන්හි තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බවද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd