(අංජුල මහික වීරරත්න)
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කම්මුතු කරන්නෙකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශකර ඇතැයිද එහෙත් අද රටට අවශ්‍ය අනාගතය කම්මුතු කරන්නෙකු නොව, අනාගතය සුරක්‍ෂිත කරන්නෙකු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පැවැසීය.
එවැනි කම්මුතු කරන්නෙකු බලයට පැමිණියොත් ආර්ථිකය මෙන්ම සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ද කම්මුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේදී කොළඹ, කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්ගේ හමුවක් අමතමිනි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තව දුරටත් පැවසූයේ ගතවූ වසර කිහිපය තුළ ආණ්ඩුව විවිධ අපහසුතා මධ්‍යයේ ගොඩනැගූ සංවර්ධනයත් රටත්, විනාශ කරන කම්මුතුකරුවෙකුට රට බාර නොදී රටත්, අනාගතයත් ආරක්ෂා කරගන්නා ලෙස තමන් සියලූ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ය.
එම දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්ගේ මැදිහත්වීමෙන් සිදුකර තිබෙන සංවර්ධන කටයුතු හා ඉදිරි පියවර පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම සඳහා මෙම හමුව කැඳවා තිබිණි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
“පසුගිය වසර කිහිපය තුල රටේ විශාල සංවර්ධනයක් සිදුකිරීමට අපේ ආණ්ඩුවට හැකි වුණා. නව යුගයක් කරා රට ගෙන යාම අපේ අරමුණයි. අද රටට හොඳ පිළිගැනීමක් තිබෙනවා. අප සිදුකළ මෙම වැඩකටයුතුවලින් රටට අනාගතයක් තිබෙනවා නම් ඔබට අනාගතයක් තිබෙනවා නම් රටේ අනාගතය ආරක්ෂා කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා.
පොදුජන පෙරමුණ පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා කම්මුතු කරන්නෙකු බව බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කර තිබෙනවා. එවැනි කම්මුතු කරන්නෙකු බලයට පැමිණියොත් ආර්ථිකය කම්මුතුයි. සංවර්ධනය කම්මුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය කම්මුතුයි. මාධ්‍ය නිදහස කම්මුතුයි. ස්වාධීන අධිකරණය කම්මුතුයි. නිදහස් අධ්‍යාපනය කම්මුතුයි. නගර දියුණුව කම්මුතුයි, සෞඛ්‍ය ක්ෂේත්‍රය කම්මුතුයි. එහෙම නම් රට බාරදෙන්නේ මෙවැනි කම්මුතු කරන්නෙක්ට ද කියා මා ජනතාවගෙන් විමසා සිටිනවා.
අද පොහොට්ටු පක්ෂයට මාධ්‍යයෙන් විශාල සහයෝගයක් ලබා දෙනවා. නමුත් මා මාධ්‍යයෙන් විමසා සිටින්නේ මාධ්‍ය නිදහස කම්මුතු කරන්නෙකුට රට භාර දෙනවාද කියායි. මට මාධ්‍යයෙන් බණින ආකාරයට කම්මුතුකාරයෙකුට බැනිය හැකිද? එහෙම වුනොත් ඔබට අද ලබාදී තිබෙන නිදහස කුමක් වේද? ඔබේ ජීවිතය හා මේ රටේ අනාගතය ඔබ කම්මුතු කරනවාද?
කම්මුතුකරුවෙකුට රට භාර දෙන්නේ නැතුව රටත් ඔබේ අනාගතයත් ආරක්ෂා කිරීම වෙනුවෙන් ක්‍රියාකරන ලෙස මා ඔබ සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා “
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අභ්‍යන්තර ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, පාර්ලිමේන්තු කටයුතු හා ඉඩම් ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යන මහත්වරු ප්‍රමුඛ මැති ඇමතිවරු හා ප්‍රාදේශීය දේශපාලනඥයෝ රැසක් සහභාගී වී සිටියහ.
COMMENTS
නැති ත්‍රස්තවාදයත් ඇති කරලා එනවා මෙතන...
සූත්තර පුංචාගේ කතාව නම් නිවැරදිය. ඇත්තෙන්ම " ඔක්කොම අවුරුදු 60 ක් 70 ක් වැනි ඉතා කෙටි " කාලයකදී අපගේ මාතෘභූමිය කම්මුතු කළා නොවේද? අැයි දැන්වත් 225ටම එය අමතකද..? නුඹලා සියල්ලන්ම විසින් කාබාසිනියා කළ, කම්මුතු කළ ඒ අපගේ ලක්මව 225ම ජාතිජාතිත් සාප කරනු ඇත. එමෙන්ම 225ම පවුල් වලටද ඒ සාපයෙන් මිදිය නොහැක. දැනටමත් ඒ සාපයට ගොදුරු වී ඇති බව 225ම පවුල්වල විස්තර වලින් හොඳහැටි පැහැදිලි බව සඳහන් කිරීමට කැමැත්තෙමු.
එවැන්නෙකුට රට බාරදීමට වුවද ජනතාව කැමැත්තෙන් සිටින්නේ ඔබ රටේ ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකළ නිසයි. රට කම්මුතු වුවහොත් ඔබද වගකිව යුතුය.
අවසානකාලේ විකාර කියවනවා.
ඒ නිසාද අර ටිකක් උස සුදු ඇඳුම් අඳින සතියක් මහනදම් පුරපු කෙනෙක්ව ජනාධිපති තරඟයට ඉදිරිපත් කරන්න යනවා කියන්නේ? එහෙම කලොත් අනිත් පැත්තේ කෙනාට තරඟයක් නැතුවම රජවෙන්න පුළුවන් වේවි. "උස නම් සෙකියුරිටි, කොටනම් කම්කරු" කියන්නෙත් " නගර සංවර්ධනය කියන්නේ එකක්" රාජ්‍ය පාලනය කියන්නේ තව එකක්. හරියට "කේක් සහ මඩ්ගාර්ඩ්" වගේ කිව්වලු...
ඇයි හලෝ තව කම්මුතු කරන්න දෙයක් ඉතිරි වෙලා තිබෙනවද? තුම්සේලා මේ අවුරුද්දටම කලේ රටේ අනාගතය කම්මුතුකරන එක නේද? පටන් ගත්තේ බැංකුව මංකොල්ල කාලා...
අනාගතයක් තියෙන්න එපැයි විනාශ කරන්න. ඔබතුමා ඇතුළු සෙට්එක ඔක්කොම විනාශ කරලා ඉවරයිනේ...
මෙතුමා මේ "කම්මුතු කරනවා" කියනවට හිතලා තියෙන්නේ "මහා බැංකුව කම්මුතු කරාවගේ" "හම්බන්තොට වරාය කම්මුතු කරාවගේ" නැත්නම් දැන් මේ රටේ ආර්ථියක එතුමා "කම්මුතු" කරාවගේ කියලා. ඒත් බැසිල් මහත්තයා අදහස් කරන්න ඇත්තේ ගෝථාභය මහත්තයා "30 වසරක යුද්ධය කම්මුතු කරා" වගේ, "කොළඹ කුණු කම්මුතුකරා වගේ" එහෙම නැත්නම් "මුස්ලිම් අන්තවාදය කම්මුතු කරාවගේ" වෙන්නැති, මොනවා වුනත් ඇත්තම ඇත්ත කියන අගමැතිතුමෙක් ඉන්නවා නේද?
එ්ක නේන්නම් ජනතාව මේ තරම් කාලයක් කියන්නේ රොත්ත පිටින්ම අයින් වෙයව් කියලා...
රට ඇමෙරිකාවට විකුණනවා කියන්නේ අනාගතය කම්මුතු කරනවා නොවෙයිද...? මොලේ අබිලික් වෙලාද කොහෙද.. දෙන්න හිතෙනවා..
කවුරු නැතත් ඒක ඔබතුමා දැන ගත්ත එක ලොකු දෙයක්... අගමැතිතුමෝ යන කාලේ හරි නේද?
ඉතින් කවුද ඔය හැකියාව තියන එජාප කාරයා.. තටමන්නේ නැතිව කියන්නකෝ...?
යාළුවන් දම්මලා මහබැංකු මංකොල්ල කන හොරෙකුත් නෙමෙයි රටට ඕනේ...
කියන්නා කෙසේකීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියලා කියමනක් තියනවනේ. කියන දේ හරියට වටහාගන්නේ නැතිවට කාටවත් කරන්න දෙයක් නැහැ. අමාරුවෙන් ගොඩ ගත්ත රට විනාශ මුඛයට දමා තව වැරදි වචනත් භාවිත කරනවා ජනතාව රවට්ටන්න. එ්ත් දැන් ජනතාව එදාට වඩා අද බුද්ධි මට්ටමෙන් ඉහළයි. ඔබ තනතුරට නුසුදුසු නිසා තමයි 2018 ඔක්තෝබර වල ඉවත් කලේ. දැන් තියන පාර්ලිමේන්තුව ජනතා වරමෙන් පත්වූවක් නොවේ. අධිකරණය මගින් පත් වූවක්. එදා ඔබ ගියානම් අප්‍රේල් 21 විනාශය වළක්වා ගන්න තිබුණා නේද? අනෙක නම් අධිරාජ්‍ය වාදීන් වැරැද්දක් වුනොත් නම්බුකාර පිටින් ඉවත් වුණත්... වැරද්දක් වුණා කියල පිළිඅරන්, වගකීම භාර ගන්නවා කියලත් නම්බුව තියාගෙන යන්නේ නැතිව, තව ඉන්නේ මොනවටද කියලා දැන් ජනතාව අහනවා. ඉදිරියේදී රට විනාශ මුඛයට යාමට ජනතාව ඉඩ නොතබන බව සිහි තබාගත යුතුයි.
අන්න බොරැල්ලේ හන්දියේ මොලේ වැටිලා තිබුණා. කොල්ලෝ එක වසුරු පිඩක් කියල හිතල කුණු බක්කියට දැම්මද කොහෙද?
නැහැ නැහැ.. අනාගතය කම්මුතු කරපු අයෙක් තමයි ඕනේ.. ඔය වගේ....
ඉතින් දෙවියනේ කාගේ වරදින්ද රටට මේ විනාශය වෙන්නේ? ප්‍රධාන පක්ෂ දෙක එක එක්කෙනාට ඇඟිල්ල දික්කරමින් වරද පටවමින් දෙගොල්ලොම කෙරුවේ රට කාපු එක, පන්සල් ගියාට, තිරුපති ගියාට වැඩක් නැහැ. දෙගොල්ලොම නමගිය හොරු, දුප්පතාගේ දේ හොරාකන උන්ට දෙවියන්ගෙන් සමාවක් නැහැ. එ්කයි රටේ ප්‍රශ්න වැඩිවෙන්නේ... දෙවියන්ටත් පූජා කරන්නේ හොරාගත්තු මුදලින්, දෙවියන් පූජාව බාරගන්නේ පිරිසිදු නම් විතරයි.. සුදු රෙද්ද ඇඳගෙන, පපුව හොඳ නැතිව වැඩක් තියෙනවද? පිරිසිදු පපුවක් තියෙනවා නම් මේ සුන්දර රටටයි, අහිංසක ජනතාවටයි මේ තරම් ගින්දර ගොඩක් දෙයිද? අඹුවයි, දරුවොයි එක්ක පවුල් කන නායකයත් එකයි, දරුවෝ නැතිව ඉන්න නායකයොත් එකයි. මෙතරම් හොරාකන්නේ, සුරසැප විඳින්නේ මොකටද? මේ රට බාරදෙන්න අන්ධ කෙනෙකුට ලස්සනට රට පාලනය කරලා පෙන්වයි. මේ නඩේ හරියට අන්ධ, බිහිරි, ගොළු මිනිසුන්ටත් වැඩිය අන්තයි..
එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් අතර පවතින විරසක සහ ගැටලු අගමැතිවරයාට, පක්ෂයේ ලේකම්වරයාට දන්වා සාකච්ඡා මාර්ගයෙන් විසඳා නොගෙන සිදුවූ සියල්ල ජනමාධ්‍යයට ප්‍රකාශ කිරීමෙන් විසඳුමක් ලැබෙන්නේ නැත. එක පුද්ගලයකු කරන මෙවැනි මෝඩ ක්‍රියා නිසා සිදුවන්නේ 225 දෙනාටම බැනුම් ඇසීමටය. එක්සත් ජාතික පක්ෂයට "ඔම්බූඩ්ස්මන්" කෙනෙකු පත්කර ගැනීමට සිදුව තිබෙන බවක් පෙනෙන්නට තිබේ.
අයියෝ සිරිසේන...
කොල්ලනේ අහපියව්.. ඔය කතා කරන්නේ ඉතා දුර දක්නා නුවණක් ඇති, විචක්ෂණ බුද්ධියක් ඇති, මනා රාජතාන්ත්‍රික දක්ෂතා ඇති, ආසියාවේ මිනි පහනක් වැනි, පසුගිය වසර හතර තුළ අපට ඇස් අදහාගත නොහැකි වූ ආර්ථික සංවර්ධනයක් සිදුකළ, දීර්ඝ කාලින අසහාය විපක්ෂ නායකයෙක් වූ උත්තමයෙක්. එතුමා රටට, ජාතියට සහ එක්සත් ජාතික පක්ෂයට කළ අප්‍රතිහත සේවය දිහා බලා ඉදිරියේදීත් එ් ආකාරයෙන්ම ඒ රටත්, ජාතියත් සංවර්ධනය කරන්නයි ඔය බලය දෙන්න කියන්නේ.
2015 - 2019 වෙනකොට රට කම්මුතු වුණා.
ඇත්ත කතාව, අදට අවශ්‍ය අනාගතය කම්මුතු කරන්නෙකු නොවේ, මහබැංකුව කම්මුතු කරන්නෙකුයි.
ඔබතුමා දන්නවද කම්මුතු කියන වචනේ තේරුම? ඒ කියන්නේ කම් (එන්න) මුතු කියන එකනේ. ඔබ ගෝඨාභයගේ පැත්තෙන්නේ කතාකරලා තියෙන්නේ එයාට බලයට එන්න කියලා..
ඇමරිකානු සහ සිංගප්පූරු පුරවැසියන් අපිට එපා. අපිට ඕනේ ලාංකිකයෝ. අනුන්ට අභියෝග කරන්න කලින්, අගමැතිට පුළුවන් නං, මහේන්ද්‍රන්ව ගෙන්නලා අධිකරණයට ඉදිරිපත් කරන්න.
කෙටියෙන්ම කියනවා නම් ඔය කියන විදියට ඉස්සෙල්ලාම ඉවත්වෙන්න ඕනෑ තමන් බව අපි දන්නවා. ඔයා රට කම්මුතු කරලා තව පොඩ්ඩක් ඉතිරිවෙලා තියෙනවා. ඒකත් කම්මුතු කරන්න කලින් එළවන්නයි අපි සූදානම් වෙලාඉන්නේ...
ටර්මිනේටර් යනු යමක් කෙළවර කරන්නායි. එය හොඳක් වෙන්නත් පුළුවන්, නරකක් වෙන්නත් පුළුවන්. ඉංග්ලිෂ් වලින් උපන් මොහුට ඒවත් දැන් අමතක වෙලා.
එයා නැත්තම් මෙයා, මෙයා නැත්තම් එයා, අනේ දෙයියනේ මේ සංකල්පය වෙනස් කරන්න බැරිද අපිට... නිල්, කොළ ඇරෙන්න වෙන විකල්පයක් නැද්ද අපිට මේ රට ගොඩනගන්න... අහෝ බත් බැලයිනි, දැන්වත් අැහැ කන ඇරලා බලාපියව් මේ යන ක්‍රමය වෙනස් කරන්නට නම්..
පව් අප්පා එකෙක්වත් හොඳක් කියලා නෑනේ..
අපට ඕනේ රට විකුණන නායකයෙක්... සුදුස්සා ඔබයි.
මහා බැංකුවට ගහල, නැත්තට නැති කළ ත්‍රස්තවාදය නැවතත් ඇති කරලා රට කම්මුතු කලේ කවද සර්? ඔය ලලනාව කියන කෙනා කුඩු ගහලද කතා කරන්නේ..? රටට දෙවියන්ගේ පිහිටයි...
අවසන් කාලේ පිස්සු කියවනවා. දිට්ඨධම්මවේදනීය කර්මය පල දීලා...
මුණසිංහ, ඔබ හරි
පාර්ලිමේන්තුවේදී ...වාඩිවෙනවා ...!!! වාඩිවෙනවා ...!!! අපි වයිෆයි කලාප ඇතිකරනවා ...වොක්ස්වැගන් කාර් හදනවා.. උසස්පෙළ පන්තිවලට ටැබ්දෙනවා.. ලක්ෂ 10 රැකියා දෙනවා. මෙන්න මේවගේ ජනාධිපති කෙනෙක් අපි ඉදිරිපත් කරනවා. ශ්‍රී ලංකාවේ මෝඩරැල ආයිත් වරෙල්ලා...
ඔබතුමාලා රටම කම්මුතු කරලා ඉවරයි . ආයේ කම්මුතු වෙන්න දෙයක් නැත. ඔබලා 1948 සිටම අපිව රවටනවා. රටේ දියුණුවක් ළඟ පාතක පේන්නවත් නැත. සදාචාරය නීති ගරුකබව අන්තයටම පීරිහී ඇත.