IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


අද මැදියම් රැයේ සිට දුම්රිය රියදුරෝ ලෙඩ වෙති

(මහින්ද නිශ්ශංක)

අද(05) මධ්‍යම රාත්‍රී 12.00 සිට හෙට(06) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා අසනීප නිවාඩු වාර්තා කිරීමට දුම්රිය රියදුරන් තීරණය කළ බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර් සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.

සංගමය අද(05) දහවල් රැස්වී මෙම තීරණය ගත් බවද ඔහු කීය.

දුම්රිය රියැදුරන් කුඩු ප්‍රවාහනය කරන බවට අමාත්‍ය විමල් වීරවංශ මහතා කර ඇති ප්‍රකාශයකට විරෝධය දක්වා මෙම තීරණයට එළඹි බවද ඉන්දික මහතා පැවසීය.

දුම්රිය රියැදුන්ගේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට දුම්රිය පාලකවරුන්, නියාමකවරුන් හා ස්ථානාධිපතිවරුන් සහාය දක්වන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ලාල් ආරියතිලක මහතා පැවසීය.



අදහස් (18)

අද මැදියම් රැයේ සිට දුම්රිය රියදුරෝ ලෙඩ වෙති

lalithm Thursday, 05 March 2020 08:37 AM

වස්සෙක් උම්බෑ කිව්වට බල්ලෙක් හඳට උඩු බිරුවට මිනිස්සු ඒ දිහා තරහින් බලන්න හොඳ නැහැ.

:       2       302

saman Thursday, 05 March 2020 09:03 AM

මේ වගේ අනවශ්‍ය ප්‍රතිචාර දක්වා මගින් අපහසුතාවයට පත් කිරීම හෙළාදකිමු. අවශ්‍යනම් අර උද්ගෝෂණ ස්ථානයට ගොස් එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙස උද්ගෝෂණයක් කරන්න.

:       242       85

A to Z Thursday, 05 March 2020 09:19 AM

ඔක්කොම දේශපලන පොරපිටියෙ, මේ නිසා රටට වෙන පාඩුව, මිනිස්සුන්ට වෙන අසාධාරනය මේවට වග කියන්නෙ කව්ද?

:       3       67

kamal Thursday, 05 March 2020 09:46 AM

හොර වෛද්‍ය සහතික දෙන දොස්තරලාටත්, ඒවා ඉදිරිපත් කරන වංචා කාරයින්ටත් නීතිය ක්‍රියාත්මක කරන්න බැරි අැයි..?

:       0       9

Wasudewa Thursday, 05 March 2020 09:48 AM

ඔය වංශගේ කට නිසා අසරණ දුම්රිය මගින් හරි කරදරයක වැටෙන්නේ. මෙයා දේශපාලනයෙන් හොඳට හම්බ කරගෙන බොරු පොර ටෝක් දුන්නට හොම්බ බිම අනාගෙන දැන් ඉන්නේ... අනේ අපොයි.. මේ වගේ අය එක්ක ජනාධිපතිතුමාට රට ගොඩගන්න පුළුවන්ද..?

:       1       363

beau Thursday, 05 March 2020 09:57 AM

දුම්රිය රියදුරන් කුඩු ගෙනියන බවට ශාක්ෂි තියෙනවද? නැත්නම් වීරවංස කට තිබුනට ඕවා කියන එක වැරදිනේ.

:       0       174

amila Thursday, 05 March 2020 10:04 AM

හෙට ඉතින් දුම්රියේ යන මිනිස්සුන්ට දෙවියන්ගේ පිහිට තමා

:       0       8

amila Thursday, 05 March 2020 10:09 AM

විමල් වීරවංස කියන්නේ තමන්ට වත් වැඩක් තියෙන කෙනෙක් නොවෙයි. ඒක නිසා ඔය කියන දේවල් ගණන් ගන්න එපා කරුණකර හෙට අසරණ දුම්රිය මගින් අමාරුවේ දාන්න එපා.

:       1       115

දිමුත් Thursday, 05 March 2020 10:33 AM

මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියාවි...

:       0       52

MD Thursday, 05 March 2020 10:52 AM

මෙයාලා වර්ජනයෙන් පස්සේ දවස් 14ක් නිරෝධානය කරලා ගන්න.

:       1       2

මුණසිංහ Thursday, 05 March 2020 10:53 AM

විමල්ගේ කතාව බොරු නම් අපහාස නඩුවක් දාන්න. ඔප්පු කරලා පෙන්නන්න කියලා. ඔය වැඩෙන් අපිට නම් තේරෙන්නෙ ඇත්ත කිවු නිසා තරහා ගිය බවයි.

:       106       10

Hemantha Thursday, 05 March 2020 10:55 AM

අනේ ඔය වාචාල කතා ගණන් ගන්න එපා. හෙට වැඩට එන්න මිනිස්සු අසරණ කරන්නේ නැතුව.

:       0       74

MD Thursday, 05 March 2020 11:07 AM

මොන්ඩිසෝරි ළමයි වගේනේ.

:       0       5

විපරමා Thursday, 05 March 2020 11:33 AM

කිසිම මානුෂික හැඟීමක් නැතුවා වත්ද? මේ වැඩවලින් අපහසුතාවට පත්වන්නේ ජනතාව මිස දේශපාලුවන් නෙවෙයි. අනික කට කැඩිච්ච කතා ඔයතරම් ගණන් ගන්නේ මොකටද?

:       0       142

bandaThursday, 05 March 2020 12:39 PM

මේ අයගේ කට වහන්න මේ වගේ වැඩ කරන්නම ඕනෑ...

:       0       191

Bamunuarachchi Thursday, 05 March 2020 12:05 PM

විමල් වීරවංස එහෙම කීවාද? සොයා බැලුවොත් නරකද? පලපුරුදු දේශපාලකයෙක් ඔවැනි කතාවක් කියන්නේ නැහැ. සජිත් කීවානම් මට විශ්වාස කරන්න පුළුවන්...

:       0       180

banda Thursday, 05 March 2020 12:36 PM

සමාව ගන්නකම් දිගටම වර්ජනය කරන්න ඕනෑ..

:       0       0

banda Thursday, 05 March 2020 12:37 PM

මීලග ඡන්දෙදී ගෙදරම යවන්න ඕනෑ..

:       0       138

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1048 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1082 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site