
( බන්ධුල ඉලේපෙරුම)
20 ට එරෙහිව දිගින් දිගටම විපක්ෂ මන්ත්‍රීවරුන් බාධා එල්ල කරමින් සිටින අතර සියලු මන්ත්‍රීවරු නැගිට විරෝධය පාමින් සභා ගැබේ කටයුතුවලට බාධා කරමින් සිටින අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී අතාවුල්ලා මහතා පාර්ලිමේන්තුවට ඇඳගෙන පැමිණ ඇති අමුතු ආකාරයේ ඇඳුමක් සම්බන්ධයෙන් විපක්ෂයේ නලින් බණ්ඩාර මහතා ප්‍රශ්න කළේය.
නලින් බණ්ඩාර මහතා - මොකක්ද ඔය ඇඳගෙන ඇවිත් තියෙන්නේ. පිස්සු ඇඳුමක්
අතාවුල්ලා මහතා - අද ප්‍රශ්නේ 20 ද මගේ ඇඳුමද ?
ඇෆ්ගනිස්ථාන පාර්ලිමේන්තුවට සුදුසු ඇඳුමක් මෙහි ඇඳන් ආවේ ඇයි යන්න මරික්කාර් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළ අතර මේ වනවිට අතාවුල්ලා මන්ත්‍රීවරයාගේ ඇඳුම පිළිබඳ ගැටලුවක් ඇතිවීම නිසා පාර්ලිමේන්තුව යළි උණුසුම් වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි නම් ඔක්කොම යන්න ඕනේ ඇඳුම් නැතිවයි.
රෙදි නැතුව යන අයට හැම දේම ප්‍රශ්නයක් තමයි.
මෙයා නියෝජනය කරන්නේ ඇෆ්ගනිස්ථානයේ ඉන්න මෙයාගේ ඡන්ද දායකයෝ වෙන්න ඇති. නාඩගම්..!!!
ඇයි, හිටන්තුමා ඉන්දියන් ඇඳුමක් ඇඳගෙන මෝදිවෙන්න හැදුවා වගේ මතකයි.
කළින් එක්කෙනෙක් මෝදි වෙන්න ට්‍රයි එකක් දුන්නා මතකද?
ඇඳුම නෙමෙයි කතාව, හැසිරීම තමයි හදන්න ඕනේ... අමුඩෙ ඇඳගෙන ආවත් කමක් නැහැ.
විමල්, ගම්මන්පිල, සරත් වීරසේකර... මේ අය පාර්ලිමේන්තුවේ උන්නද?