(තිලිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
තමන් අගමැති ධූරයේ සහ අමාත්‍ය ධූරයේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු නියෝගය ක්රියාත්මක කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අගමැති ධූරයේ කටයුතු කළ මහින්ද රාජපක්ෂ සහ අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ චමල් රාජපක්ෂ , දිනේෂ් ගුණවර්ධන , ජොන්ස්ටන් ප‍්‍රනාන්දු හා ආචාර්ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් විසින් අද (4) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ අභියාචනා පෙත්සම් දෙකක් ගොනු කරන ලදී.
මෙම විශේෂ අභියාචන පෙත්සමේ වගඋත්තරකරුවන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂය , දෙමළ ජාතික සන්ධානය , ජනතා විමුක්ති පෙරමුණ , ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය , සමස්ත ලංකා මහජන කොංග‍්‍රසය යන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 122 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
නීතීඥ සනත් විජේවර්ධන මහතා මඟින් වෙන වෙනම ගොනු කළ මෙම අභියාචන පෙත්සම් දෙකෙහි මෙසේද සඳහන් වේ.
අභියාචනාධිකරණය නීතිය වැරදි ලෙස අර්ථකථනය කරමින් මෙම තමන් එම තනතුරු වල කටයුතු කිරීම අත්හිටුවමින් පොරේදා (03) අතුරු නියෝගයක් නිකුත් කර ඇත. මෙම අතුරු නියෝගයෙන් වගඋත්තරකාර පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍යවරුන්ට අගතියක් හා අප‍්‍රතිකාරී හානියක් සිදුවන බවද පෙත්සමේ සඳහන් වේ.
එසේම තමන් තනතුරුවල කටයුතු කිරීම අත්හිටුවමින් දුන් එම තීන්දුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවද එහි සඳහන් වේ.
එබැවින් පෙත්සම මෙම විශේෂ අභියාචනා පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත් , අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතුරු නියෝගය ඉවත දමන ලෙසද මෙම විශේෂ අභියාචන පෙත්සමේ සඳහන් වේ.
එම තීන්දුව ක‍්‍රියාත්මක කිරීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙසත් , අභියාචනාධිකරණය හමුවේ පෙත්සම්කාර වගඋත්තරකාර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 122 දෙනෙකු විසින් ගොනු කර ඇති ක්වෝ වොරොන්ටෝ රිට් ආඥාවක් නිෂ්ප‍්‍රභ කරන්නැයි ද මහින්ද රාජපක්ෂ සහ අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ චමල් රාජපක්ෂ , දිනේෂ් ගුණවර්ධන , ජොන්ස්ටන් ප‍්‍රනාන්දු හා ආචාර්ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් සිය විශේෂ අභියාචන පෙත්සම් වලින් ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලය ලැබුණාම කව්රුත් ලේසියෙන් අත අරින්නේ නෑ. එල්ලිලාම ඉන්න තමයි බලන්නේ. බලන්න ජනතාව ගැන කොපමණ හිතනවද කියලා...
අභියාචණාධිකරණය කිව්වේ 12 වැනිදාට බහුතරය පෙන්වන්න කියලනේ... එය වළක්වන්න කියන්නේ බහුතරය නැති නිසානේද?
ඉතින් මේකෙන්ම මෙයාට සහයෝගයට ඉන්නේ 49 කියලා පිළි අරගෙනනේ. අනික 120 අනිත් පැත්තෙ කියලත් පිළි අරගෙනනේ. බලන් ගියහම සරල බහුතරයකවත් නැතුව ඉදලා තියෙන්නෙත්. ඒකයි ඉතින් පාර්ලිමේන්තුවට යන්නත් බයවෙලා තියෙන්නේ.
රටට හෙණ ගැහුවත් කමක් නැහැ තම දරුවාව රජකරවන දවල් හීනේ කෙරෙනවානම්..............
අලි සෙල්ලං කරනකොට අපි තැලෙයි කිව්වලු.
අනේ .. මෙහෙම ආසාවක්. අනේ .. මෙහෙම තණ්හාවක්! අපිට සේවය කරන්නලු!
ව්‍යවස්ථාවට පටහැනිව පත්කරන ලද අගමැති හා ඇමති මණ්ඩල ධුරයන්හී කටයුතු කිරීම පාර්ලිමේන්තුවේ 122 ක බහුතරයෙන් අත්හිටුවීම නොතකා අත්තනෝමතික ලෙස දිගටම කටයුතු කිරීම වැරදි බව ගරු අධිකරණයට ද පෙනීයන නිසා අත්හිටුවීමේ නියෝගය නිකුත් කළ බව පැහැදිලිය. නොතේරෙනවා ද , තේරුම් ගන්නට අවශ්‍යතාවක් නැති ද , මහජනතාවට වෙනත් දෙයක් තේරුම් කර දෙන්නට හදනවා දැයි අපට තේරෙන්න නැත.
මහින්ද, තවත් පච නොවී ගෙදර යන්න.
අනේ මේ අයට ලැජ්ජාවක් සහ අාත්ම ගරුත්වයක් නැති හැටි...
අපි ආයාචනය කරනවා කරුණාකරලා අපිට පව් දෙන්නේ නැතුව යන්න කියලා.
පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්නේ නැතුව ආණ්ඩු කරන්නේ කොහොමද ? මේ විකාරවලින් වෙන්නේ රටේ ආර්ථිකය දිනෙන් දින පහල වැටෙන එක...........
අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක් මිනිසුනේ ලැබේද ඉන් සැනසීමක්..............
ලෝකෙට පේන්න දවල්ට ගහබැන ගන්න, මරාගන්න මුන් දෙගොල්ල රෑට රෑට එකම මේසෙ කෑම කන්නෙ කියල දන්නෙ රටේ කීයෙන් කී දෙනාද?....... නිල් පාට කොල පාට තවර ගත්තු වහල්ලු මුන් වෙනුවෙන් අවුරුදු 70ක් තිස්සේ දෙපැත්ත බෙදිලා මරා ගන්නවා. තහනම නොතකා වැඩ කරන්නයි දැන් කල්පනාව....... ජනතා සේවයට මාර පෙරේතකමක් නේ මෙයාට තියෙන්නේ...මරාගෙන හරි වැඩේ දෙන්න ලොක්කෝ....
අනේ මෙහෙම තණ්හාවක්!
හැමෝම තමන්ගේ අගතිය සහ අපකීර්තිය ගැන කතා කරනවා. රටට වෙන අගතිය සහ අපකීරිතිය ගැන කවුද හිතන්නේ ? මේ රට මැවිලා තිබෙන්නේ අපිට පිස්සු නටන්නයි වගේ තමයි ඔක්කොම දේශපාලකයන් හිතන්නේ. පස්සා දොරෙන් තනතුරු දෙනකොට ඒවා භාර ගන්න එක ලැජ්ජාවක් කියලා හිතුවා නම්! අන්න පිටරටින් ආරංචි එනවා ඒ රටවල මිනිස්සු අහනවලු මොකද්ද මේ ලංකාවේ අවුල කියලා . දැන් ඉතින් කියමු අපේ අවුල් අපි විසඳා ගන්නම් කියලාවත්.
වැඩක් නෑ තීන්දුව දීල අවසානයි 19 වන ව්‍යවස්ථාවට අනුව හිතන්න මොන්ටසොරි යන ළමයිත් හිනස්සන්න එපා.............
ඇයි මේ තරම් වයසට ගිහිල්ලත් බලයට කෑදර..?
විජේදාස කොයිබටදෝ............
අගමැතිකම ලොකු නැහැ කිව්ව කෙනා නේද මේ....... අගමැතිකම නැතිව මහා මැතිවරණයකට යන්න මේගොල්ලෝත් බයයි, ගියොත් කිසිම පක්ෂයකට ආණ්ඩු පිහිටුවීමට තරම් බලයක් ලැබෙන්නේ නැහැ, එතකොට ආයෙත් අර්බුදය එලෙසම පැනනගිනවා. මේ අර්බුදයට විසඳුම මහා මැතිවරණයක් කියන මෝඩයෝ පිරිසකුත් ලංකාවේ ඉන්න එක ගැන දුකයි. විය යුතුවන්නේ අර්බුදයේ නිර්මාතෘ විසින්ම අර්බුදය විසඳීමයි. ඔහු එසේ නොකරන්නේ නම්, අර්බුදය විසින්ම අර්බුදයේ නිර්මාතෘව ගිල ගැනීමට සැලැස්වීමයි.
දැන් ඉතින් කී පාරක් කිව්වද පිළිගන්නේ නැහැ, ඔට්ටු නැහැ, අපි හිටියේ නැහැ, මේක මහා විහිළුවක් වෙලා නේ
මුණ අප්සෙට්
දැන් අකුලාගෙන ගියානම් නේද හොඳ .. ඕනනම් යන්න හෙලිකොප්ටර් දෙකක් එවන්නම් ..
අප්පච්චිට වෙච්ච දෙයක්?
මට අගමැතිකම ලොකු නැහැ හාමුදුරුවනේ... කියලා කෙනෙක් එහෙම කිව්වලු...
රටේ යහපත තකා, නැත්නම් අවුල් නිරවුල් කිරීම සඳහා මම අගමැති තනතුර අත්හරිමි කියලා ගෙදර ගියා නම් ඔබට ලැබෙන ගෞරවය ඔය විදිහට අගමැතිකමේ එල්ලීගෙන ඉන්න දඟලන දැඟලිල්ල හේතුවෙන් අහෝසි වන බව නිකමටවත් හිතෙන්නේ නැද්ද අගමැති තුමෝ?
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.