





(ඩබ්. ඒ. පියතිලක)
පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ පූදුර් ප්‍රදේශයේ මවගෙන් මගහැරී අතරමංවී සිටි කුඩා අලි පැටියෙකු සොයා ගත් බව පොළොන්නරුව වනජීවි කාර්යාල නිලධාරීහු පවසති.
සෝමාවතිය ජාතික උද්‍යානයේ සිට ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයට ගමන් කරමින් සිටි ගොවීන් වෙල් යායක ඇතින්නක් පැටවෙකු බිහිකරනු දැක තිබේ. අලිපැටවා වන අලි රංචුවක් සමඟ සිටිනු ඔවුන් දැක ඇත. පැටවා කෑ ගසන හඩක් ඇසී විමසාලැබීමේදී ඇතින්න නොමැතිව මඩ වගුරක සිටින පැටවා දැක ඒ බව වනජීවි කාර්යාලයට දැනුම් දී තිබේ.
වනජීවි නිලධාරීන් දැඩිව වර්ෂා මධ්‍යයේ අලි පැටියා අලි රංචුව සිටි ස්ථානයට රැගෙන ගියද ඇතින්න එම ස්ථානයට පැමිණ නැතැයි ඔවුහු කීහ.
පැටවාගේ සුළු තුවාලවලට ප්‍රතිකාර කර ගිරිතලේ වනජීවි රෝහල වෙත රැගෙන ගොස් භාර දුන් බව පොළොන්නරුව වනජීවි කාර්යාල නිලධාරීහු කීහ.
COMMENTS
ඉස්සර පන්සල් වලත් ඔය වගේ සිදුවීම් වුණා මතකයි...
ඒ උන්නාන්සේට මේ වතාවේ මොකක්ද වුණේ...?
අනේ පව් අසරණ පැටියා. මම දන්නා තව ලොකු අලියෙක් 17න් පසුවදා සිට ආගිය අතක් නැහැ කොහේ හරි අතරමං වෙලා ඇති.