IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


අතරමැදියෝ වී මිල උස්සති

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

රජය විසින් සහල් සදහා උපරිම සහතික මිලක් නියම කළ ද වී තොග රදවාගෙන සිටින අතරමැදියන් කිලෝව රුපියල් පනස් පහ බැගින් වී තමන්ට ලබා නොදීම නිසා සහල් නිෂ්පාදන කටයුතු අඩාලවී ඇති බව පවසන රත්නපුර දිස්ත‍්‍රික්කයේ සහල් නිෂ්පාදකයන්ගේ සමූපකාර සමිතිය අතරමැදියන් සන්තකයේ තිබෙන වී තොග මෝල් වලට ලබා නොදුන හොත් ඉදිරියේ සහල් හිගයක් යළි ඇතිවනු ඇතැයි අනතුරු අගවයි.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ සහල් නිෂ්පාදකයන්ගේ සමූපකාර සමිතියේ ලේකම් එස්.ජී. ගුණදාස මහතා පැවසුවේ රජය මගින් රුපියල් පනහේ සහතික මිලට ලබාගත් වී තොග රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඇත්තේ කිලෝ ලක්‍ෂ පහකටත් අඩු ප‍්‍රමාණයක් බවයි.

පසුගිය මාස් කන්නයේ වී මිලදි ගැනීමේ දී රජයේ සහතික මිල වු රුපියල් පනහට ද අඩුවෙන් රුපියල් හතළිස් හය වැනි මිලට ගත් වී තොග පවා අතරමැදියන් සතුව ඇතත් ඔවුන් ඒවා සහල් කිරිමට රුපියල් පනස් පහට ලබාදීම ප‍්‍රතික්‍ෂේප කරන බවද ගුණදාස මහතා පැවසුවේය.

‘මේ වී තොග තියාගෙන ඉන්න අයට රුපියල් පනස් පහට මෝල් හිමියන් වූ අපට දුන්නාට පාඩුවක් නෑ. බොහෝ වෙලාවට ඒ අය මේවා මිලදී ගෙන තියෙන්නේ රජයේ සහතික මිලටත් අඩුවෙන්. දැන් යල් කන්නයේ වගා කටයුතුත් ආරම්භ වෙලා. තවමාස එක හමාරකින් ඒ අස්වැන්නත් වෙළ`ද පොළට ඒවි. ගොවින් සන්තකයේ දැන් මහාපරිමානයෙන් වී නෑ.’

‘වී තොග තියන අය කියන්නේ එයාල ෂතුව තියන වී රුපියල් පනස් අටෙන්  පනස් නමෙන් අඩුව දෙන්න බෑ කියලා. ඒ ගානට මෝල් හිමියන් වූ අපිට අරගෙන ඒවා සහල් බවට පත් කරලා රුපියල් අසු හතට අසූ අටට තොගමිලට දෙන්න බෑ. මේ අතරමැදියන් කියන්නේ එයාලා වී ගත්තේ පනස් පහට නිසා පනස් පහටම දෙන්න බෑ, පාඩුයි කියලා. නමුත් ඇත්ත කතාව එයාල වී ගත්තේ ඊට අඩුවෙන්. ගොවීන්ගෙන් ඇහුවොත් කියයි කීයට ද වී ගත්තේ කියලා. මේකත් හාල් මාෆියාවේ නොපෙනෙ පැත්තක්.’

‘මේ විදියට වී තියාගෙන ඉන්න අමතරමැදියන්ගේ වී තොග හොයලා බලලා ඒවා මෝල්වලට පනස් පහ ගානේ දෙන්න පාරිභෝගික අධිකාරිය මැදිහත් වෙලා කටයුතු කළ යුතුයි. පනස් පහේ මිලට වී කිලෝ එකක් මෝල් හිමියන් වන අපි ගත්තොත් පාරිභෝගිකයාට රජයේ සහතික මිල වන රුපියල් 93ට කැකුලූ හාල් කිලෝවක් දෙන්න පුලූවන්.’

‘නමුත් වී මිල ඊට වැඩි වුනොත් හාල්වල තොග මිලත් වැඩි වෙනවා. ඊට සාපේක්‍ෂව සිල්ලර මිල් වැඩි වෙනවා. මෙහෙම ගියොත් යළිත් වරක් වෙළදපොලේ සහල් හිගයක් ඇතිවෙලා කැකුලූ හාල් කිලෝව රුපියල් සියය ඉක්මවයි. නාඩු සහ සම්බා ඊටත් වැඩිවෙයි.’

‘දැන් බලන්න ආණ්ඩුව සන්තකයේ වී තොග නෑ. සහතික මිලට වී දෙන්න ගියාම ගොවියාගෙන් ගන්නේ විවිධ කොන්දේසි දාලා. ඒ හින්දා මිනිස්සු වී විකුණන්න රස්තියාදු වෙන්නේ නෑ. කමතට එන පුද්ගලික වෙළෙන්දට දීලා දානවා. නමුත් දැන් ගොවියාට රජයෙන් පෝර සහනාධාරය දෙනවා. ඒ හින්දා මහ වාරිමාර්ග ක‍්‍රම යටතේ වී වගාකරන හැම ගොවියෙක්ම අක්කරයකින් වී කිලෝ පන්සියයක් අනිවාර්යෙන් රජයේ සහතික මිලට රජයට දුන්නොත් රජය සතුව වී තොගයක් එකතු වෙනවා. එතකොට මේ අර්බූදය එන්නේ නෑ. එහෙම රජයේ සහතික මිලට අක්කරයකින් කිලෝ පන්සියයක්  රජයට නොදෙන ගොවීන්ට ඊළ`ග කන්නයේ පෝර සහනාධාර දෙන්නේ නෑ කියලා කොන්දේසියක් පනවන්න. එහෙම නොකර මේ හාල්මිල ඉහළ යාම වළක්වන්න බැරි වෙනවා. හාල් මිල ඉහළයාම වළක්වන්න රජය සතුව ප‍්‍රමාණවත් වී තොග තියෙන්නම  ඕනෑ. එහෙම නැත්නම් වී මුදලාලිලා කියන විදියට රජයට නටන්න සිදුවෙනවා. මේ වැඩෙන් අමාරුවේ වැටෙන්න සමස්ත පාරිභෝගිකයා’ රත්නපුර දිස්ත‍්‍රික් සහල් නිෂ්පාදකයන්ගේ සමුපකාර සමිතියේ ලේකම්වරයා තවදුරටත් පැවසුවේය.

පසුගිය මාස් කන්නයේ පොලොන්නරුවෙන් මුදලාලිලා පැමිණ මොනරාගල, ඇඹිලිපිටිය, හම්බන්ගොට ආදී ප‍්‍රදේශවලින් වී මිලදි ගෙනගිය බව ද ලේකම්වරයා පැවසුවේය.



අදහස් (8)

අතරමැදියෝ වී මිල උස්සති

සමිත සේනක අලුත්ගමගේ. Monday, 01 June 2020 09:39 AM

මෙන්න මේ වගේ වෙලාවට තමයි රජයක් නිසි ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඕනෑ. නැතිනම් රජයක් කුමටද? සහල් මාෆියාවේ මෙහි සඳහන් විවිධ පැති මෙල්ල කිරීමට ඊළඟ කන්නයේ අස්වනු අලෙවියට බාධා නොවන අයුරින් ක්ෂණිකව සහල් ආනයනය කර නියමිත මිළට වෙළෙඳ පොලට නිකුත් කළොත් මාෆියා කාරයින්ට වී තොග තියාගෙන ගිනි තපින්න වෙයි නේද? එහෙම වුනොත්, ඊළඟ කන්නයේදී රජයට සියළු වී තොග ගෙන ගබඩා කරගෙන ප්‍රශ්නය විසඳන්න පුළුවන් නේද? ඒත්, ප්‍රධානම හාල් මෝල් හිමියගේ සොයුරා ඉන්නේ රජයේ ඔඩොක්කුවේ නිසා එහෙම කරන්න පුළුවන් වෙයිද?

:       0       42

de silva Monday, 01 June 2020 09:52 AM

වහාම සහල් පිට රටින් ගෙන්වන්න. එතකොට ඔය හංගපු වී තොග පටස්ගාලා එළියට ඒවි..

:       0       4

සනත් ඉතාලිය Monday, 01 June 2020 10:41 AM

සහල් පිටරටින් ගෙන්වන්න මේක වෙලාව නෙමෙයි. එකක් කිසිම ආදායමක් නැතුව මේ වෙලේ විදේශ විනිමය පිටට දෙන්න විදියක් නැහැ. අනික කිසිම රටක් මේ වෙලේ තමන්ගේ නිෂ්පාදන පිටට යවන්නේ නැහැ.. ඒකයි ආණ්ඩුව මේ වෙලේ ඩඩ්ලිට නැමුනේ.. නමුත් එක කන්නයක් ඉවසන්න කියලා නොකියා කිව්වේ ඊළඟ කන්නෙ අනිවාර්යයෙන් ආණ්ඩුව විශාල වී තොගයක් ගබඩා කරගන්නවා... බලමු එතකොට..

:       0       0

Kamal Koyrala Monday, 01 June 2020 12:35 PM

ඔහොම කරන්න එපා කියන්න... තරුපටි මහත්වරු එස්.ටී.එෆ් සහ රූපවාහිනී නාලිකා සහ පරිවාර රථ සමග කඩා පනී කියලා තව සතියක ටෙලි නාට්‍යයක් සඳහා...

:       0       0

de silva Monday, 01 June 2020 04:35 PM

සනත් ඉතාලියේ ඉඳන් පිස්සු දොඩවනවා... ආණ්ඩුව සහ ඩඩ්ලි කියන්නේ එකක් මිස දෙකක් නොවේ. බොරුවට ජනතාව මුලාකරන්න මාධ්‍ය සංදර්ශන පවත්වනවා.. ආණ්ඩුවට පාරිභෝගික අපි ආරක්ෂා කරන්න ඕනේකම තිබෙනවා නම්.., පිටරටින් සහල් තොගයක් ඇනවුම් කරලා, ඒක එනකම් ආණ්ඩුව සතුව තිබෙන වී තොග සහල් කරලා වෙළඳපලට දමන්න පුළුවන්... එතකොට සහල් මිල නිකම්ම අඩුවෙනවා.. සහල් මෝල් හිමියන්ට සහ ගොවියන්ට පමණක් නොව පාරිභෝගික අපටත් ඡන්ද තිබෙන බව ලබන ඡන්දෙදී ආණ්ඩුවට පෙන්වමු.

:       0       0

agith Tuesday, 02 June 2020 05:11 AM

සහතික මිලට ඉහළින් මිලට ගත්තාම ගොවියාට වාසිනේ... එ්කේ වරද කුමක්ද?

:       0       0

BamunuarachchiTuesday, 02 June 2020 12:34 PM

එහෙම ගොවියාට වාසිකරලා ඉන්දියාවෙන් ලාබෙට හාල් ගෙනාවම අපිට වාසියි. එතකොට දෙගොල්ලන්ටම වාසියි... කැමතිද?

:       0       0

BamunuarachchiTuesday, 02 June 2020 02:00 PM

රුපියල් 100 ගොවියාගෙන් වී මිලටගෙන රුපියල් 200 හාල් කිලෝඑක දෙනවාට... බත් කන මිනිස්සු අකමැති වුණත් තණකොළ, ක්‍රෝටන් කන අය නම් කැමැතිවේවි...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 123 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 74 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site