
කඩාවැටුණු ඉන්දුනීසියානු ගවන් යානයේ කළු පෙට්ටිය තිබෙන ස්ථානය සොයාගෙන ඇතැයි එරට බලධාරීහු පවසති.
යානය කඩාවැටුණු ප්‍රදේශය සෝදිසි කරමින් සිටි සෝනාර් උපකරණ සහිත කුඩා යාත්‍රා සමූහයක් විසින් කළු පෙට්ටිය තිබෙන ස්ථානය තහවුරු කරගෙන ඇති අතර නාවුක කිමිදුම් කරුවන් විසින් එය ගෙන ඒමට නියමිතව ඇත.
එම ප්‍රදේශයෙන් ගුවන් යානයේ කොටස් සහ මිනිස් අවශේෂ සොයාගෙන තිබේ.
මගීන් 62ක් රැගත් ශ්‍රී විජය ගුවන් සමාගමට අයත් බෝයිං 737 යානය ජකර්තා ගුවන් තොටුපලෙන් ගුවන් ගතවී සුළු මොහොතකින් අතුරුදන් වූ අතර එය මුහුදට කඩා වැටී ඇති බව පසුව තහවුරු කරගනු ලැබීය.
"අප කළු පෙට්ටිවල පිහිටීම සොයා ගෙන ඇත්තෙමු. කිමිදුම්කරුවන් විසින් එය නෙ එනු ඇති අතර ඒ සඳහා වැඩි කාලයක් ගත නොවනු ඇතැයි අපේක්ෂා කරමු." යනුවෙන් ඉන්දුනීසියාවේ ප්‍රවාහන ආරක්ෂක කමිටුවේ ප්‍රධානී සොර්ජැන්ටෝ ටජ්ජොනෝ මහතා පවසයි.
අයහපත් කාලගුණය හේතුවෙන් සෙවුම් කටයුතු වලට බාධා පැමිණ ඇතැයි සඳහන් වේ.
කෙසේ වුවද බලධාරීන් පවසන්නේ අනතුරින් දිවි ගලවාගත් අය සොයාගැනීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවයි.

(බීබීසී ඇසුරිණි)
085
COMMENTS
ඉන්දුනීසියන්, මැලේසියන් ගුවන් යානාවල යන්න බයයි. අනතුරු වැඩියි.
පරීක්ෂණ සඳහා මෙහෙන් ජනාධිපති කොමිසමක් පත්කර යවමු...!!!