(ඩයනා උදයංගනී)
කිරිපිටි, ගෑස්, සහල් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩිකිරීමේ තීරණයක් රජය ගෙන නැතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
නමුත් ලෝකයේ පවතින භාණ්ඩ මිල ගණන් සහ සැපයුම් පිළිබඳ අර්බුදයත්, ශ්‍රී ලංකාව තුළ ඩොලරය ඉහළ යාමත් හේතුවෙන් ඉදිරියේදී යම් යම් තීන්දු තීරණවලට එළඹීමට සිදු විය හැකි බව ද ඇමතිවරයා සඳහන් කළේය.
ඇමති රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
මීට පෙර එක්තරා ගෑස් සමාගමක් ගෑස් මිල ඉහළ දැමීමට රජයෙන් ඉල්ලීම් කළ අවස්ථාවේ රජය එයට ඉඩනොදීමෙන් පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවයකට පත් වූ බව කී අමාත්‍යවරයා, පාරිභෝගිකයා සහ සැපයුම්කරුවා යන දෙපාර්ශ්වයම ආරක්ෂා කරගැනීම සඳහා මධ්‍යස්ථ තීන්දු ගැනීමට රජය කටයුතු කරන බව ද කීවේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.