(නිමල කොඩිතුවක්කු)
කෙටි කාලයක් තුල අත්දැකීම් ඇති නිලධාරින් පිරිසක් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉවත් කිරිම බරපතල සැකයකට තුඩු දෙන කරුණක් බැවින් එය මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වයට එල්ලවන බරපතල තර්ජනයක් බවත් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.
රටේ ජනතාවගේ පරමාධිපත්‍යය උල්ලංඝනය වන ක්‍රියාදාමය ට එරෙහිව සියලු ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂ සහ සංවිධාන එකමුතුව කටයුතු කල යුතුව ඇතැයිද මහලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
"නමුත් පසුගිය මාස කිහිපය තුළ මැතිවරණ කොමිසන් සභාවේ සේවය කරන අත්දැකීම් සහිත නිලධාරීන් රැසක් ස්ථාන මාරුවිම් කර ඇති බව වාර්තා වේ. මෙසේ කෙටි කාලයක් තුල අත්දැකීම් ඇති නිලධාරින් පිරිසක් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉවත් කිරිම බරපතල සැකයකට තුඩු දෙන කරුණකි.
මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වයට එල්ලවිය හැකි තර්ජනයකි. දේශපාලන අධිකාරියේ බලපෑමට වෙසෙසින් ලක්විය හැකි නවක නිලධාරින් මැතිවරණය මෙහෙයවිමට පත්කිරිම තුලින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විමේ ඇති ඉඩ කඩ ඇහිරිමටද අවදානමක් ද ඇති විය හැකි ය.
COMMENTS
අවුරුදු 05 ටම එකම ඡන්දයක්වත් නොතියපු මාර අත්දැකීම් ඇති නිලධාරින්... අනේද කියන්නේ...!!
ජනතාවගේ ඡන්දෙන් කැමැති ආණ්ඩුවක් තෝරාගැනීම ජනමාධ්‍ය මොන කොමිසමටවත් වෙනස් කරන්න බෑ. බඩු මිල වැඩි වුණාම, ජීවත් වෙන්න දුෂ්කර වුණාම මිනිස්සු ඡන්දෙ පාවිච්චි කරන හැටි දන්නවා.
පේන විදියට නම් මැතිවරණ සිතියම අකුලලා පරණ රෙජීමය වගේ ගමනක් යන්න ලැහැස්ති වෙන්නේ... දැන්ම ඉඳන්ම ඔබතුමාලා උපරිම විමසිල්ලෙන් ඉඳලා දැක්ක තැන විවේචනය කරලා මහජනතාව දැනුවත් කරන්න...
හොඳම කෙනා හූල් නේද? අනේ මෙහෙමත් කටවල්...