IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘අතීතය ගැන කතා කරමින් වර්තමානයට උත්තර හොයනන බෑ‘

 (අංජුල මහික වීරරත්න)

අතීතය ගැන පමණක් කථා කරමින් සිට වත්මන් ප්‍රශ්නවලට විසඳුම් සොයන්නට නොහැකි යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (28) පැවසීය.

පශ්චාත් කොරෝනා යුගයේ රට ගොඩනැගීමට ඇති එකම මඟ කිසිම දේශපාලන පක්ෂයකට වෙනස් කළ නොහැකි ශක්තිමත් දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීම බවද වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කළේය.

එජාප නායකයා මෙි බව කීවෙි සමගි ජන බලවේගයට සහය දැක්වීම නිසා පක්ෂයෙන් ඉවත් කෙරුණු මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වෙනුවට පත් කෙරුණු නවක මන්ත්‍රීවරුන් 72 දෙනකු සිය  ධුර වල දිවුරුම් දීම වෙනුවෙන් පැවති කෙටි උත්සව සභාවේ දීය.

මෙහිදී "සිය රට" එජාප නිල පුවත්පත ඊ පුවත්පතක් ලෙස එළි දැක්වීම ද සිදු කෙරිණි.

මෙම අවස්ථාවට නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබෙිවර්ධන, මහලේකම්  පාලිත රංගේ බණ්ඩාර, උපනායක අකිල විරාජ් කාරියවසම් මහත්වරු ප්‍රමුඛ එජාප නායකයෝ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 



අදහස් (0)

‘අතීතය ගැන කතා කරමින් වර්තමානයට උත්තර හොයනන බෑ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site