(පුෂ්පකුමාර මල්ලවආරච්චි  සහ ආනන්ද ජයකොඩි )

කොරෝනා ආසාදිත බවට හඳුනා ගන්නා ලද අත්තනගල්ල සහකාර ප්‍රාදේශීය ලේකම් වරයාගේ ආශ්‍රිතයින් සඳහා පවත්වන ලද පරීක්ෂණ වලින් එම කාර්යාලයේ නිලධාරීන් 5 දෙනෙකු කොරෝනා ආසාදිත බව අනාවරණය වූ බව අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

එම කාර්යාලයේ රියදුරකු ප්‍රධාන ලිපිකරු ඇතුළු 5 දෙනෙකු මෙසේ ආසාදිත බව හෙළි වී තිබේ.

සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ආසාදිත බව හෙළි වීමෙන් පසු මෙම පිරිස නිරෝධායනයට ලක්කර තිබූ බව ද එසේ හඳුනාගන්නා ලද ආසාදිතයින්ගේ තවත් ආශ්‍රිතයින් 18 දෙනෙකු සඳහා පී සී ආර් පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවද මහජන සෞඛ්‍ය  පරීක්ෂක  සී.එම්.රාජපක්ෂ මහතා පැවසීය.