(ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් හා ඊට පසු සිදුකළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයේ සහ පොලීසිය භාරයේ සිටින සැකකරුවන්ට ඇප ලබාදීම සඳහා බව කියමින් එම සැකකරුවන්ගේ ඥාතීන්ට දුරකතන ඇමතුම් ලබාදී කප්පම් ලෙස මුදල් ඉල්ලා සිටින සංවිධානාත්මක කල්ලියක් පිළිබඳ තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම සංවිධානාත්මක කල්ලිය අත්අඩංගුවේ සිටින සැකකරුවන් නිදහස් කිරීමට බව කියමින් මෙන්ම වෙනත් සාමාන්‍ය ජනතාවට ද ඇමතුම් ලබාදී ඔවුන් ත‍්‍රස්ත කි‍්‍රයාවන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට යන බව පවසා අත්අඩංගුවට නොගෙන සිටීමට බව කියමින්ද කප්පම් ඉල්ලන බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.
ඇමතුම් ලබාදී එලෙස මුදල් ඉල්ලන මෙම සංවිධානාත්මක කල්ලියට නොරැවටෙන ලෙස තමන් ජනතාවට දැනුම් දීමක් කරන බව ද රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
කිසියම් අයෙකුට මෙවැනි ඇමතුමක් ලැබුණහොත් ඒ බව ඇමතුම ලැබුණු දුරකථන අංකය සමඟ ළඟම ඇති පොලීසියට පැමිණිලි කරන ලෙස පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ඉල්ලීමක් ද කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එලිපිට නිදහස් කරද්දී ඕක මොකක්ද.?
මේ කියන්නේ කප්පම් කල්ලියට සල්ලි නොදී එයාලට නිදහස් කරන්න ඉඩ දෙන්න කියලනේ... කවුරු කළත් නිදහස්නේ.. අපි දැක්කනේ පහුගිය කාලේ බෝම්බ ෆැක්ටරියේ අය නිදහස් කළා.
කට කතා පතුරුවන අය ඇප නැතුව හිරේ දානවලු, එකට මොකෝ බෝම්බ හදපු තඹ කම්හලේ අහිංසක උපාසක ත්‍රස්තයෝ එළියේ, අනේ මන්ද මටනම් මොකුත්ම තේරෙන්නේ නැහැ
ඒ කල්ලියේ නායකයාගේ නම අපි නම් දන්නවා. බ යන්නෙන් පටන් ගන්නේ.
හැම එකටම බදුර්දීන්ව ගාවගන්න අයට ටිකක් රිදෙයි