(නිමන්ති රණසිංහ)
මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ සාජන් මේජර් චාමක සුමිත් කුමාර ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා අද (23) නියෝග කළේය.
එසේම මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි නව වන සැකකරු වන යුද හමුදා බුද්ධි අංශ සාමාජික ලලිත් රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd