IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් ඇප මත මුදා හැරේ

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නීත්‍යානුකූල කිසිඳු ලියවිල්ලක් සන්තකයේ නොමැතිව සිටි චීන ජාතිකයින් 7 දෙනෙකු වනාතාවිල්ලුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පුත්තලම වැඩ බලන මහෙස්ත්‍රාත් අබ්දුල් කාදර් මහතා වෙත අද (19)  සවස ඉදිරිපත් කිරීමෙන් පසුව එක් අයකුට ලක්ෂය බැගින් ශරීර ඇප නියම කරමින් ඇප මත මුදා හැරීමට පොලිසියට නියෝග කර තිබුණි.

මෙසේ ඇප මත මුදා හැරීමට නියෝග කලේ චෙන් කුයිමින්, වන්ග් ජීයන්, මා ගොව්ජීන්ග්, ෆෙන්ග් ලිමින් , චායි සෙන්ග්පෝ, වන්ග් ජන්ෂන්, ලීයු ජීන්ජීන්, නැමති චින ජාතිකයින් හත්දෙනෙකී.

මෙම චීන ජාතිකයින් 7දෙනා අරුවක්කාලු කසළ  අංගනයේ සේවය කරමින්  සිට වනාතවිල්ලුව 15 කණුව නැවතුම් පළට එමින් සිටියදී වනාතවිල්ලුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ මොවුන්ට කිසිඳු රැකියාවන් සඳහා කිසිඳු නීත්‍යානුකූල විසා නොමැති චෝදනා මතය.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් සම්බන්ධව වනාතවිල්ලුව බී වාර්තාව මගින් කරුණු ඉදිරිපත් කර තිබුණේ මෙම චීන ජාතිකයින් තම නීත්‍යානුකූල අනන්‍යතාවය සනාථ කිරීමට කිසිඳු ලියැවිල්ලක් හෝ නොතිබූ බවත් එසේම සංචාරක වීසා මත පැමිණ අරුවක්කාලු කසල අංගනයේ සේවය කරමින් සිටි බවත්ය.

මෙහිදී මෙම චීන ජාතිකයින් වෙනුවෙන් පෙනි සිටි නීතිඥ එස්.අයි.එම්. හිස්මි මහතා අධිකරණයේදී පවසා සිටියේ මෙම පිරිස සංචාරක වීසා මත ලංකාවට පැමිණ ඇති බවත් ඒ සඳහා ආගමන විගමන පාලකවරයා විසින් නොවැම්බර් 10 දක්වා ලංකාවේ රැඳී සිටීමට අවසර ලබාදී ඇති බවත් ඒ අතරතුර අරුවක්කාලු කසළ අංගනය නැරඹීමට පැමිණ සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.

එසේම නීතීඥවරයා කරුණු දක්වමින් වැඩිදුරටත් අදහස් දක්වමින් අධිකරණයේදී මෙම පිරිස කිසිඳු වරදක් කර නොමැති බව කියා සිටියේය. එසේම මෙම පිරිසට අරුවක්කාලු කසළ අංගනය නැරඹීම සහ අධ්‍යයනය සඳහා අදාළ ලිපියක්ද චයිනා හාබර් ආයතනයෙන් ලබා දී ඇති බවයි.

කෙසේ නමුත් සියලු කරුණු සැළකිල්ලට ගත් වැඩ බලන මහෙස්ත්‍රාත් අබ්දුල් කාදර් මහතා මෙම සැකකාර චීන ජාතිකයින් 7 දෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප නියම කර මොවුන්ගේ ගමන් බලපත්‍ර වනාතවිල්ලුව පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කරමින් නැවත ඔක්තෝබර් 22 වැනි දින මෙම සැකකරුවන්ට පුත්තලම අධිකරණයේ පෙනි සිටීමට නියම කෙරුණි.

 



අදහස් (9)

අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් ඇප මත මුදා හැරේ

Prabha Saturday, 19 October 2019 02:56 PM

චීන්නු ගැන හරියට තේරෙනකොට පෙරහැර ගිහින් ඉවරයි.

:       22       223

kamalSunday, 20 October 2019 02:26 AM

ආණ්ඩුවෙ පිං පඩි කම්කරු රස්සා දෙන්න ගත්තට පස්සෙ දැන් කම්කරුවෙක් හොයා ගන්න නෑ. චීනෙන් ණය අරන් පින් පඩි ගෙවනවා. චීන්නු මෙහෙ ඇවිත් වැඩ කරනවා.

:       0       0

Indhika Saturday, 19 October 2019 03:38 PM

චීනෙදි අපිට එහෙම උනා නම් ජීවිතාන්තය දක්වා හිරෙ.

:       32       148

මාදව Sunday, 20 October 2019 01:52 AM

රටක ආගමන විගමන නීතිය කඩාපුවම ඒ රටේම ඉන්න නීතිඥවරු නීතිය කඩාපු අයව බේරනවා කියන්නේ දෙවරක් සිතාබැලිය යුතු කාරණාවක්. මේ අයගේ ඇදුම් දිහා බලාපුවම ඕනේ කෙනෙක්ට තේරේනවා මේ අය කම්කරු රැකියාවක් කර කර ඉදපු අය විත්තිය.

:       0       42

Achini Sunday, 20 October 2019 02:00 AM

ලංකාවේ නීති වල ගොඩක් හිල් තියෙනවා. ඕවා ඉතින් නීතිඥයෙකුට සුලු දෙයක්. කරුණු කියලා එළියට ගන්න එක.

:       0       0

ලුම්බිණි Sunday, 20 October 2019 02:30 AM

කවුද අනේ කුණුගොඩවල් බලන්න යන සංචාරකයා? ඇප මොකටද? වීසා තිබුනට නීති විරෝධී දෙයක් නම් කළේ එවෙලේම චීනෙට යවන්නනේ තිබුනේ.

:       1       4

Mahee Sunday, 20 October 2019 05:38 AM

ඔව් ඔව් එහෙම ඇප දෙන එක හොඳයි. ඒ මොකද තව ටික කාලෙකින් ඒ ගොල්ල අපිව රිමාන්ඩ් කළහම අපටත් අඬා වැටිලා හරි ඇප ඉල්ලන්න පුළුවන්නේ.

:       0       0

Aris Sunday, 20 October 2019 09:43 AM

චීන්නුන්ගෙන් ණය අරගෙන වැඩත් කරවාගෙන පස්සේ ඔවුන්ට හිරිහැර කරනවා. මේකෙන් වෙන්නේ රටවල් දෙක අතරේ සබඳතා ගිලිහී යාමයි.

:       36       0

GuneSunday, 20 October 2019 12:14 PM

සිංහල ඉගෙන ගත්තු චීන්නුත් ඉන්නවා එහෙනම් ආ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site