IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අඩු ආදායම් ලාභීන්ට දෙන්න හැදූ ගෙවල් වලින් 22 ක් හිතවතුන්ට දීලා

ජයන්ත සමරකෝන්

කොළඹ මහනගර සභාව රුපියල් ලක්ෂ 2000 ක වියදමින් දරා 2016 වසරේ ඉදිකරන ලද පැරඩයිස් නිවාස යෝජනා ක්‍රමයට අයත් (ඩෝබි වත්ත) නිවාස 64 ක් අතරින් 42 ක් එම අඩු ආදායම් ලාභී පවුල් අතර බෙදා දී ඉතිරි නිවාස 22 නාගරික මන්ත්‍රීවරුන් විසින් තම හිතවතුන්ට ලබාදී ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි කොළඹ මහනගර සභා ආරංචි මාර්ග අනාවරණය කරයි.

ඒ අනුව නිවාස ලාභීන් 22 දෙනෙකුගේ ලැයිස්තුවක් නගරාධිපතිනිය විසින් මේ වන විට පුණ්‍ය කොමසාරිස් වෙත යවා ඔවුන් අඩු ආදායම්ලාභී ස්ථීර නිවාස නොමැති අයද යන්න පරීක්ෂා කර නිර්දේශ ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

මේ අතර එක් නාගරික මන්ත්‍රීවරියක විසින් තම ඥාතීන් හා හිතවතුන් සඳහා එම නිවාස 5 ක්ම වෙන්කර ගෙන ඇතැයි ද දැනගන්නට තිබේ.

මේ පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් මත බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා විසින් අදාළ නිවාස 22 බෙදාදීම අත්හිටුවා ඒවා ලබාදෙන්නේ කුමන පදනමක් මතද යන්න පිළිබඳව වාර්තාවක් කැඳවා තිබේ.

 



අදහස් (3)

අඩු ආදායම් ලාභීන්ට දෙන්න හැදූ ගෙවල් වලින් 22 ක් හිතවතුන්ට දීලා

ajith Wednesday, 10 July 2019 09:01 AM

සජිත් කරන්නෙත් මේකම තමයි. ජනතාවගේ බදු මුදල් වලින් ගෙවල් හදලාදීලා ඡන්ද වැඩිකර ගන්නවා...

:       340       61

Bishan Wednesday, 10 July 2019 11:52 AM

අවුරුදු 70ක් තිස්සේ වෙන්නේ ඕක තමයි මිත්‍රයා.

:       0       0

shan Wednesday, 10 July 2019 03:45 PM

මේක මිලියන දෙක හන්දා පොඩි ගාණක් කියලා හිතලා හිතවතුන්ටත් ටිකක් දෙන්න ඇති... පසුගිය කාලේ 80% දුන්නේ හිතවතුන්ටනේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 160 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site