(අජන්ත කුමාර අගලකඩ)
දිළිදුකම තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ අඩු ආදායම් ලාභි පවුල්වලට තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වර්ග පහක මල්ලක් එහි වටිනාකමින් අඩක මුදලකට මාසිකව ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය බලාදී ඇත.
සීනි,නාඩු සහල් , පරිප්පු , පාන්පිටි සහ තේ කොළ යන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පහ එම සහන බඩු මල්ලට ඇතුළත් වනු ඇත.
එම බඩු මල්ලේ වෙළඳපොළ වටිනාකම රුපියල් 1000 ඉක්මවන අතර එය අඩු ආදායම් ලාභී පවුල් සඳහා රුපියල් 500 ක මුදලකට ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
නාඩු සහල් කිලෝ 5 ක් , සීනි කිලෝ එකක්, පිටි ග්‍රෑම් 500 ක් , පරිප්පු කිලෝ එකක් සහ තේ කොළ ග්‍රෑම් 200 ක් එම බඩු මල්ලට ඇතුළත් කිරීමට අපේක්ෂිතය.
ලංකා සතොස සමුපකාර වෙළඳසල් සහ ග්‍රාමීය ප්‍රදේශවල තෝරාගත් බලයලත් වෙළඳසල් ජාලයක් හරහා මෙම සහන බඩු මල්ල නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් සඳහා විද්‍යුත් කාඩ්පතක් නිකුත් කෙරේ.
එම කාඩ්පත භාවිතා කරමින් මසකට වරක් මෙම සහන බඩුමල්ල ලබාගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.
මෙම වැඩපිළිවෙළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙම වැඩසටහන සඳහා අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 33 ක් පමණ සම්බන්ධ කර ගැනීමට යෝජනාවී ඇති අතර එය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් කෝටි 160 ක පමණ මුදලක් වෙන් කිරීමට නියමිතය.
පළමු අදියර යටතේ පවුල් දස ලක්ෂයක් තෝරාගැනෙනු ඇත.
COMMENTS
ඡන්ද ගුණ්ඩුනේ
මේවට වියදම් වෙන මුදල් අය කරන්නේ කාගෙන්ද? මේ සහනය දෙන්නේ ඡන්දෙ දිණුවට පස්සෙද? මේකත් ඡන්ද ප්‍රෝඩාවක් නේද?
සිරිමාගේ යුගයට යනවා වගේ...
මොනවද මේ විහිලු? මේවගේ ගොන් වැඩවලින් දිළිඳුකම නැතිකරන්න පුළුවන්ද? මේකෙන් වෙන්නේ මිනිස්සු තව තවත් කම්මැලිවෙලා නිකම්ම කන්න පුරුදුවෙන එක. ඡන්දයක් ලංවෙනකොට මේ වගේ රැවටිලි නම් ගොඩයි. ගැබිණි මව්වරුන්ට දුන්නු පෝෂණ මල්ලත් නැතිකරපු ආණ්ඩුව...
මට ඔය සහන මල්ලක් ලැබුණු ගමන් මම මේ ආණ්ඩුවට තමයි ඡන්දෙ දෙන්නේ.. ඕං කිව්වා...!!!
කියනකොට එකක් කරන්නේ තව එකක්...
ඕවා කෙරෙනවද නොවෙයි... මිනිස්සු රවටන වැඩ එපා...