(නාලක සංජීව දහනායක)
අඩු ආදායම්ලාභී ජනතාවගේ ආහාර සුරක්‍ෂිතභාවය තහවුරු කිරීමේ අරමුණින් අඩු මිලට අත්‍යාවශ්‍ය ආහාර සැපයීමේ ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තීරණය කර ඇත.
සමෘද්ධිලාභීන්, සමෘද්ධි හිමිකම් නොලබන පුද්ගලයන්, ස්ථීර රැකියාවක් නොමැති හා වැවිලි ක්‍ෂේත්‍රයේ කම්කරුවන්, රැකියා නොමැති පවුල්වල ආබාධිත පුද්ගලයන්, වැන්දඹු පවුල්, ස්ථාවර ආදායමක් නොමැති වැඩිහිටියන් සහ බරපතළ රෝගාබාධයන්ගෙන් පෙළෙන්නන් සිටින පවුල් මෙම වැඩසටහනට සම්බන්ධ කරගනු ලැබේ.
මෙම වැඩසටහන යටතේ සෑම හිමිකම් ලාභියෙකුටම ආහාර මිලදී ගැනීමට විශේෂ ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් නිකුත් කරනු ලබන අතර සීනි,තේ, හාල්, පිටි, පරිප්පු, කඩල, ලූණු, මිරිස්, කරවල, අල, කිරිපිටි, ඇතුළු අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සහන මිලකට ලබාදීම මෙම වැඩ පිළිවෙල යටතේ සිදු කෙරේ.
එමෙන්ම ලංකා සතොස, සමූපාකාර වෙළඳ ජාලය, ග්‍රාමීය ප්‍රදේශවලින් තෝරාගත් බලයලත් වෙළඳසැල් මගින් ආහාර පහසුවෙන් මිලදී ගැනීමට මෙම වැඩසටහන යටතේ අවස්ථාව සලසා ඇත.
එහිදී තෝරාගනු ලබන ග්‍රාමීය වෙළඳසැල් සඳහා සහන ක්‍රමයට ශීතකරණ ඇතුළු උපකරණ ලබාගැනීමට ද පහසුකම් ලබාදීමටද රජය තීරණය කර තිබේ.
ජනාකීර්ණ ප්‍රදේශවල, අඩු ආදායම්ලාභී නිවාස සංකීර්ණ, ග්‍රාමීය පළාත් හා වැවිලි ක්‍ෂේත්‍ර ආවරණයවන පරිදි අදාළ වෙළඳසැල් තෝරාගනු ලබන අතර එහිදී කාන්තා ව්‍යවසායකයන්ට ප්‍රමුඛතාවය හිමිවේ.
දේශීය නිෂ්පාදකයන්ට මූලිකත්වය ලබාදෙමින් ඇසුරුම්කළ ආහාර, කුළු බඩු, මස්, මාළු, බිත්තර වැනි දෑ අතරමැදියන්ගෙන් තොරව ඍජුවම ව්‍යාපාරිකයන්ට ලබාදීම මෙම ව්‍යාපෘතිය මගින් පහසුකම් සළසා තිබේ.
මෙම වැඩ සටහනට සමගාමීව ග්‍රාමීය වතු සහ නාගරික ප්‍රදේශයන්හි ගෘහ ඒකක එක්ලක්‍ෂ පනස් දහසක් සඳහා පානීය ජලය ලබාදීමටත්, ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්‍ෂක් සංවර්ධනය සංවර්ධනය කිරීමට නියමිතය.
එමෙන්ම ඉඩම් අමාත්‍යංශය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව හා බිමිසවිය ආයතනය සමඟ සම්බන්ධීකරණය වෙමින් දිළිඳු හා අඩු ආදායම්ලාභීන් ලෙස හඳුනාගනු ලබන පුද්ගලයන්ට තිස් අවුරුදු බදු පදනම යටතේ ඉඩම් කැබලි ලක්‍ෂයක් බෙදා දීමටද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තීරණය කර ඇත.
COMMENTS
මැතිවරණයෙන් දිනන්නේ බලාගෙන. ජනතාවට කල් පැනපු ආහාර නොමිලේ ලබා දෙනවට වැඩිය ගම්මාන වල කොයිතරම් හොඳට ස්වයං රැකියා මධ්‍යස්ථාන පිහිටුවලා ජනතාවට වැඩකර කුස පුරවන. හැටියි කියලා දෙන්න අවශ්‍ය... මේ රට කරන විදියට ගියොත් රට අන්ත දුගී තත්වයට පත්වෙලා මිනිසුන්, වහලුන් බවට පත්වෙනවා හොඳම දේශගුණය තියෙන රටක්... 55 පිරුණු ගමන් කූපන් ගන්න පෝලිම වැඩිවෙන එක. අපි ලෝකෙන් ණයට අරන් පිනට දීලා අපේ රට ණය ගෙවාගන්න බැරි වෙනකොට රට විකිණෙයි. හාමුදුරුවන් කෑගහනකොට කියයි අපි ජනතාවට නිකම් කන්න දුන්නා කියලා. බලයේ ඉන්න රට ජනතාව ආයුධයක් කරගන්න එපා...
මෙවැනි දේවලින් සිදුවෙන්නේ දුප්පතුන්ව කම්මැලියන් කිරීමයි. ඊට පස්සේ වෙන්නේ ඡන්දෙකදී ඔවුන් තමන්ගේ පක්ෂය වෙනුවෙන් මරා ගැනීමයි.
හාල් පොත මතක් වෙනවනේ... නැවත පාන් පෝලිම... හාල් සහ මිරිස් පොල්? සතියේ දවසකට බත් නැහැ.. නැවත 60 දශකයටද අපි මේ යන්නේ? මේ සෑමදේ කිරීමට කාසි කොයින්ද? පෙර දින සෑම ඡන්දයක් මුලදීම කීදේත් මේ දේම නොවේද? අපි නැවත මුලා වුණාදෝ යැයි සිතේ..
ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ල නවත්වපු එක ගැන මොකුත් කියන්නේ නැද්ද? මේ මාසේ එ්කත් නවත්වලා...
අපි දුප්පත් කියාගෙන ඉන්න අයගෙන් වැඩිහරියක් බීමත්කම, නූගත්කම හෝ නිකම් දෙන නිසා ඉල්ලන්න පුරුදුවුණු නිකමුන්. මේ අයවලුන්ගෙන් බලෙන් හෝ වැඩක්ගෙන ශ්‍රමයට මිලක් නියමකරන්න පියවර නොගතහොත් කවදාවත් අපේ රට ගොඩගන්න බැහැ. මොනවා කළත් සහනාධාර දෙනවා කියන්නේ දූෂණයට පාර කැපීමක් විතරමයි. ගෝඨා මහත්තයා ඇමෙරිකාවේ ඉඳලා ඇවිත් සහන දෙන්න කතා කරන එක ගැන දුකයි. අබල දුබල, සුව කළ නොහැකි රෝගීන් වගේ අය ඒ සඳහා විශේෂවුණු ස්ථාන හදලා ඒවාට යොමු කරනවා නම් ඔවුන් නිසා යම් රැකියාවකට යන්න බැරි, බලාගන්න අයගෙන් කොටසක් ශ්‍රම බලකායට එකතු කළ හැකියි. ඒ වගේම ඒ වගේ අයගේ භාර කාරයින්ගෙන් යම් මුදලක් මාස්පතා ලබාගත හැකි නේද?
ඩඩ්ලිගේ කාලේ වගේ නොමිලේ හාල්දෙන තත්වයට රට ගෙනෙන්න එපා.