IMG-LOGO

2023 මැයි මස 30 වන අඟහරුවාදා


අඩියාගලහින්න රක්ෂිතයෙත් අක්කර 30 ක් එළි කරයි

 

(අමදෝරු අමරජිව)

ත්‍රිකුණාමලය මොරවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සීමා මායිම් ඇති අඩියාගල හින්න රක්ෂිතයේ  අක්කර 30ක  ප්‍රමාණයක් එළි පෙහෙළි කර ගිනි තබා  ඇතැයි ප්‍රදේශවාසිහු පවසති.

සංවිධානාත්මක කණ්ඩායම් කිහිපයක්  තැනින් තැන මෙම වන විනාශය සිදුකර ඇති අතර ගස්  කපා හෙළා  කොළඅතු වියලුණු පසු  ගිනි තබා විනාශ කර ඇති බව කියති.

2012 සැප්තැම්බර් 12 දිනැති අංක  1784/10 දරණ  ගැසට් නිවේදනය මගින්  ආඩියාගල  හින්න රක්ෂිතයට අයත්  හෙක්ටයාර් 3055 ක් ප්‍රකාශයට පත්කර තිබියදී මෙම වන  විනාශය සිදුවී තිබේ.

මේ සම්බන්ධයෙන්  අදහස් දැක්වූ  වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ  ත්‍රිකුණාමලය දිසා අඩවි වන නිලධාරි  චන්දන  අබේසේන මහතා පවසන්නේ  සංවිධානාත්මක  පිරිස් පිට ප්‍රදේශවලින්  කුලියට පිරිස් ගෙන්වා ගස් කපා කැළෑ එළි පෙහෙළි කර ගිනි තබා ඇති බවයි.

හේන් වගා  කිරිමේ අරමුණෙන් මෙම වන විනාශය සිදුකර ඇති බව කී  එම නිලධාරියා  සැකකරුවන්  අත්අඩංගුවට ගැනිමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර  ඇති බව කීය.



අදහස් (25)

අඩියාගලහින්න රක්ෂිතයෙත් අක්කර 30 ක් එළි කරයි

Prabha Friday, 25 September 2020 02:05 PM

කොටි හිටියා නම් හොඳයි කියලා හිතෙන්නේ මට විතරද?

:       6       54

NuwanFriday, 25 September 2020 02:16 PM

2009 යුද ජයග්‍රහණයෙන් පස්සේ අගේට කරන්න තිබුණු රට පවුල් බල තණ්හාවටයි, යුරෝපා සංගම් කියන දේවල් පස්සේ ගිය කට්ටියයි නිසා විනාශ මුඛයට ගියා. මේ චර්යා රටා ඉවර වෙනකම් තියේවි.

:       1       55

AsankaSaturday, 26 September 2020 06:16 AM

සහතික ඇත්ත. කොටි හිටිය කාලේවත් පරිසරයට මෙච්චර හෙණයක් තිබ්බේ නැහැ. මේ චණ්ඩි දේශපාලකයෝ සේරමත් හිටියේ ඇඳන් යට හැංගිලා...

:       2       10

සෙනෙවිSunday, 27 September 2020 08:49 AM

දැන් ගස් කපන්නෙ අපේ දේශීය මිනිස්සු. ඒකෙ වරදක් නෑ. මේක අපේ රට අපේ ගස්. නමුත් විල්පත්තුව කැපුවෙ කවුද. ඒක අපිට දරාගන්න අමාරුයි. අපේ එකෙක් ගහක් කැපුවට අපිට රට නැතිවෙන්නෙ නෑ.

:       0       1

Hafeel Friday, 25 September 2020 03:14 PM

කෝ දේශප්‍රේමීන්ලා? විනයගරුක පාලනයක් තුළ කෙළින් වැඩකරන නායකයෙක් දැන් බලයේ ඉන්නකොට මෙවැනි දේවල් වෙන්න පුළුවන්ද?

:       0       51

ලසන්තSaturday, 26 September 2020 01:23 AM

ඔක්සිජන් මොකටද කියලා අහන මිනිස්සු සිටින කෙලින් වැඩකරන කණ්ඩායමට 69 ලක්ෂයක පිරිසක් 2/3ක් සහිත බලයක් දුන්නේ ඕකට කියලයි මට හිතෙන්නේ.

:       4       23

Asanga Friday, 25 September 2020 04:27 PM

කෝටි ගණන් ඒ ගොල්ලන්ගේ ඡන්ද ව්‍යාපාරයට සල්ලි වියදම් කරපු ව්‍යාපාරිකයින්ට මැතිවරණයට කලින් වෙච්චි පොරොන්දු ඉටු කරන්න ඕනේනේ.. ඒවා තමයි ඔය කැලෑ ටික බෙදලා දෙන්නේ..

:       4       44

පොල්ගහවෙල Friday, 25 September 2020 04:39 PM

එක රටක් එක නීතියක් හොඳේ... මරු නේද?

:       3       37

dayanda Friday, 25 September 2020 05:21 PM

අනේ කැලෑවලට යන කල...

:       0       37

dasa p Friday, 25 September 2020 06:12 PM

ගස් නැතිව කොහොමද පොහොට්ටු පිපෙන්නේ..?

:       0       9

Perera Friday, 25 September 2020 07:17 PM

කැලෑවල් කපන්නේ මැදපෙරදිග රටවල් වගේ ලංකාව සංවර්ධනය කරන්න. 69 ලක්ෂයට ඕවා තේරෙනවා. ටික දෙනාටයි ඕවා තේරෙන්නේ නැත්තේ...

:       1       12

banda Friday, 25 September 2020 08:26 PM

ලංකාවට මාර වැඩේ වුණේ...

:       0       15

විජේ Friday, 25 September 2020 11:09 PM

අනේ අපොයි...

:       0       11

ලුම්බිණි Saturday, 26 September 2020 12:49 AM

හොඳ වැඩේ. මක්කැයි කියන්නේ දැන්?

:       0       14

rohana Saturday, 26 September 2020 01:25 AM

මේ අය බලයට එන්න කළින් දේශප්‍රේමියෝ... දැන් දේශපාලුවෝ... ලංකාවේ ඉන්නේ බත්කන වහල්ලු.

:       0       25

s d Saturday, 26 September 2020 02:13 AM

දිනු ජය සාමකමීව සමරමු.

:       0       26

Champa Saturday, 26 September 2020 04:17 AM

කෝ පරිසර ඇමති? පරිසරයට මුදා හරින බෝල්පොයින්ට් පෑනට අඬනවා. මෙහෙ රටපුරාම රක්ෂිතවල මහ ගස් කොළන් බිම හෙලනවා. ගිනි තියනවා.

:       0       26

GAYAN Saturday, 26 September 2020 04:22 AM

මක්කෙයි ඔහෙලා කියන්නේ.. අපි හම්බ කළොත්, අපි කනවා.

:       1       12

nalin Saturday, 26 September 2020 06:08 AM

අත්තනෝමතික ලෙස රජයේ ඉඩම් බලෙන් අල්ලගෙන ඉන්නවා නම් ඒ ඉඩම්වලට ඔප්පු ලබාදෙනවා කියලා ගහපු ගැසට් හින්දා වෙන වන විනාශය.. කොහොමත් අවුරුදු පහ ඉවරවෙනකොට රටේ පරිවාර වනාන්තර ටික ඔක්කොම ඉවරවෙලා තියේවි..

:       0       12

Wimal Saturday, 26 September 2020 08:05 AM

කොහොමත් සියලු කැලෑ කපන්න ඕනේ නරි ඉන්න නිසා.

:       0       6

dhamneth Saturday, 26 September 2020 09:24 AM

කැලේ නිධන් හාරන ආරංචි එනවා. නිධන් හොරුන්ව පොලිසිය අල්ලගෙන එනවා.

:       1       6

siri Saturday, 26 September 2020 02:21 PM

මේවා සාධාරණීයකරණය කරන්න හොර පරිසර සංවිධානත් පිහිටුවාගෙන වොයිස් කට් දෙනවා වගෙයි පෙනෙන්නේ.

:       0       0

rohana Sunday, 27 September 2020 02:11 AM

තාම වුනේ නැහැ මේවට වග කියන්න ඕන ලංකාවේ 69 ලක්ෂය

:       0       0

Bamunuarachchi Sunday, 27 September 2020 03:27 AM

ලස්සන වැඩේ කියන්නේ කැලේ කපලා ගිනිතියලා ලී ටික මෝලෙ ඉරලා විකුණාගෙන සල්ලි බෙදාගත්තාට පසුව තමයි අදාළ නිලධාරීන් කැලේ කැපුවා කියලා දැනගන්නේ. ඊටපසු ලොකුවට දානවා. වගකිව යුතු හෝ දඬුවම් ලබන කෙනෙක් නැහැ. මේවා රජයේ නිලධාරීන්ගේ සම්බන්ධතා ඇතුව කෙරෙන බවට හොඳටම ශුවර්. ගමේ මිනිහෙක් පැලඉනි වැටට කෝටු ටිකක් කැපුවහොත් අනවසරයෙන් කැලේ කැපුවා කියා අල්ලාගෙන යනවා.

:       0       1

fairoos Sunday, 27 September 2020 08:37 AM

යහපලානේ කාලේ කැලේ කැපුවේ මුස්ලිම් අය දැන් කපන්නේ සිංහල අය ඒක තමයි වෙනස.

:       0       1

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

සමත් නැති ගොඩට දැමූ පහේ 146 ඉහළින්ම පාස්
2023 මැයි මස 30 1330 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයේදී විභාගය අසමත්ව සිටි සිසුන් 146 දෙනකු කඩඉම් ලකුණු අභිබවා විභාගය සමත්ව ඇතැයි විභාග කොමසාරිස් ජනර


උසස් පෙළ ප්‍රතිඵල මාස හයකට පසු දෙන්න යයි
2023 මැයි මස 30 435 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන ආගෝස්තු මාසයේදී නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කීය.


මස් මාළු බිත්තර මිල වේගයෙන් ඉහළට
2023 මැයි මස 29 4598 15

වෙළඳපොළේ කුකුලු මස්, මාලු සහ බිත්තර මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


සද්ධා රතන හිමි රිමාන්ඩ්
2023 මැයි මස 29 2445 4

ආගමික සහජීවනයට බාධා වන ආකාරයෙන් ප්‍රකාශ කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරත්න හිමි ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාග


නතාශා එදිරිසූරිය රිමාන්ඩ්
2023 මැයි මස 28 4010 18

ප්‍රහසන වැඩසටහනකදී බෞද්ධ ආගමට අපහාස වන පරිදි අදහස් දැක්වූයේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් නතාශා එදිරිසූරිය ලබන 07 වැනිදා තෙක් රක්


බුද්ධාගමට අපහාස කළැයි ජයනි නතාෂා ගුවන්තොටේ දී අල්ලයි
2023 මැයි මස 28 7902 44

’’ මෝඩාභිමානය ’’ නැමැති ප්‍රහසන වැඩසටහනකදී බෞද්ධ ආගමට අපහාස වන පරිදි අදහස් ඉදිරිපත් කළැයි ලැබුණු පැමිණිලි අනුව ජයනි නතාෂා එදිරිසූරිය නම් කාන්තාව සි


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි 2023 මැයි මස 29 75 0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි 2023 මැයි මස 26 787 0
ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය 2023 මැයි මස 23 489 0
ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ

Our Group Site