
(යොහාන් භාසුර)
කොළඹ වරාය ආසන්නයේ ගිනිගෙන දැවුණු ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව මීටර 500 ත් 600 ත් අතර බටහිර දෙසට ඇදගෙන යද්දී නැවේ පසුපස කොටස මුහුදු පතුලේ ගෑවීම නිසා නැව ගැඹුරු මුහුදට ඇදගෙන යෑම අත්හැර දැමු බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.
නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවුහොත් එය වැලැක්වීමට නාවික හමුදාව සහ වරාය අධිකාරිය ඇතුළු කණ්ඩායම් කීපයක් සූදානමින් සිටින බවත් මෙම නෞකාව පිළිබඳව කටයුතු කිරීමට ඉන්දීය යාත්‍රා තුනක් ද සූදානමින් සිටින බවත් නාවික හමුදා මාධ්‍යප්‍රකාශකවරයා කියයි.
නෞකාවේ පිටු පස කොටසේ ජලය පිරීමෙන් මුහුදු පතුලේ වැදීමෙන් නෞකාව තව දුරටත් ඇදගෙන යෑමට නොහැකි තත්වයක් මතුවීමෙන් ගැඹූරු මුහුදට ඇදගෙන යෑම අත්හැරි බවත් ගිනිගැනීමෙන් දැඩි හානි සිදුවී තිබීම නිසා ඇදගෙන යෑම ආරම්භයේදීම අවිනිෂ්චිත තත්වයක් ඇතිවී තිබූ බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි. නෞකාවෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් මේ වන විට මුහුදේ ගිලෙන තත්වයක් පෙන්නුම් කළේය. විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකා වරායේ නාවික මාර්ගයෙන් (නැව් පෙතෙ) ඉවත් කිරීම විදේශ සමාගමකට අයත් ගලවාගැනීමේ කණ්ඩායමක් අද පෙරවරුවේ ආරම්භ කළේය.
ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා සහ ඉන්දීය නාවික හමුදාපතිවරයා නෞකාවේ සිද්ධිය පිළිබඳව අද පස්වරුවේ දුකථනයෙන් සාකච්ඡා කර තිබේ. එහිදී ඉන්දීය නාවික හමුදාපතිවරයා ශ්‍රී ලංකාවට තව දුරටත් සහාය දැක්වීමට පොරොන්දු වී ඇතැයි ද වාර්තා වේ.








COMMENTS
තවත් නියෝගයක්... සෞභාග්‍යයේ රට..
දැන් බලන්න ඕනේ අපේ රටට, අපේ පරිසරයට වගේම අගතියට පත්වුණු ධීවරයින්ට සාධාරණයක් කරන එක...
අපේ පාලකයින් අනාගන්නා අවස්ථා බොහෝය. නැව තුබුණු තැන තිබුනා නම් මුහුදට තෙල් කාන්දුවක් වන්නේ නැත. ඇතුලත තත්ත්වය නිරීක්ෂණය කිරීමට තිදෙනෙක් ඇතුළු වී අවශ්‍ය කාලය දියයුතුව තිබිණ. තෙල් තොගය තිබුනා නම් එම තෙල් වෙනත් නැවකට පොම්ප කරගැනීමට අවස්තාව තිබිණ. නැව ගැඹුරු මුහුදට ඇදීමට හදිසි වීම නිසා දැන් කරගතහැකි දෙයක් නැත. කොටසක් ගිලී ඇත්නම් තෙල් ගැනීම කල නොහැක. මුහුට තෙල් එකතු වුවහොත් වියහැකි පරිසර හානිය හිතාගත නොහැක. දැන් ඉන්දියාවෙන් සහය ඉල්ලා තිබුනත් ඒ සඳහා විශාල මුදලක් වියදම් කලයුතුය. ඒ මහජනයාගේ මුදල් ය. මේ රටේ පාලකයින් මේ බව නොදන්නවා වියහැක., අසරණ අපි වෙනදේ බලා සිටිමු.
අයියෝ අයියෝ අපේ වගේ අවාසනාවන්ත රටක්, තීරන පසුව ගැනීමේ අනිසි ප්‍රතිපල , මේ නාඩගමේ අවසාන ප්‍රතිපලය කුමක්ද ? ජනාධිපති තුමා නැව අදින්න කියල පොලිටික්ස් තීරණ කතාවෙ තේරුම කුමක්ද? අපිට රටක් නැතිවෙනව, ඒ අයට යන්න තව රටවල් තිබෙනව.
ඒකත් ඉතින් අනිත් සේරම වගේ අතර මඟදී හබක්. ඉස්සර එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ උපාධිධාරීයෙක් මේ වගේ වැඩ කටයුතු බාරව හිටියා කියලා කියනවා. දැන් කෝච්චියේ ගිහින් උපාධියක් ගත්තු කෙනෙක්ලු ඒ වැඩේ කරන්නේ. ඉතින් හිතාගන්න පුළුවන්නේ රටට වෙලාතියෙන අලකලංචිය..
අයියෝ... මේ සර් නම් කරන්න යන හැම වැඩක්ම අනාගන්න එකමනේ.. අපිව අනාථම කරලා දාලා තමයි පස්ස බලන්නේ...
හා ... එහෙම කියලා කොහොමද? මේවා අපේ සර්ගේ ඕඩර්ස්... අදින්න. අදින්න.
අපි අපේ රට වෙනස් කරගත යුතුයි. ‘‘මහදැන මුත්තගේ දූපත‘‘ කියන නම අපේ අදහසයි. අඩුමගානේ ‘‘රෝහිතගේ මුහුදු සීමාව‘‘ කියන්නත් පුළුවන්නේ... !!!
ෆේල් වෙනවා කියලා මෙහෙමත් ෆේල් වෙන්න මනුස්සයෙකුට පුළුවන්ද?
මේ තරම් වැඩඅනපු ආණ්ඩුවක් ඉතිහාසයේ නැහැ.
නැව ගිලුණත් බෑන් චූන්...!!!
නැවේ ගින්න නිවන්න කියලා උපදෙස් දුන්නා. නැව අළු වුණා. නැව මුහුද මැදට ඇදගෙන යන්න උපදෙස් දුන්නා. නැව ගිලුණා. මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තුවට පත්කර යවන පොල් බූරුවන්ටයි තලන්න ඕනෑ.
ඉතිං මේ උඩ කමෙන්ට් දාන වැඩකාරයින්ට කියලා නැව ඉන්දියාව පැත්තට තල්ලුවක් දාමුකෝ..!
නැවත පාඩුවේ සියල්ලම ගිනි ගන්න ඇරියා නම් අහවරයි නේද?