IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


අටුළුගම ආසාදිතයින්ගේ අමනවැඩ ගැන ලියූ මාධ්‍යවේදියාට තර්ජන

 

"බස් වලින් යද්දි අටුලුගම ආසාදිතයෝ පොලිස් මුරපොල මගදෙපස කෙළ ගහලා " පුවත ලියූ බණ්ඩාරගම ලංකාදීප මාධ්‍යවේදීයාට එම පුවතට අදාළව කිසියම් පුද්ගලයකු  අද(22) දුරකතනයෙන් තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් පානදුර  ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරී කාර්යාලය ට පැමිණිලි කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ඔහුට  ඊයෙ (21) ලද විශ්වාසදායක තොරතුරක්  තව දුරටත් සොයා බලා සාක්ෂි සහිතව  සනාථ කර ගැනීමෙන් අනතුරුව  එම පුවත විද්‍යුත් මාධ්‍යවලට මුදාහැරීමෙන් අනතුරුව  එදිනම රාත්‍රී ප්‍රචාරය වූ අතර  අද  (22) මුද්‍රිත මාධ්‍යවල  ප්‍රධාන පුවතක් ලෙස පළ කෙරිණි.

ඊයේ එම පුවත සම්බන්ධයෙන් නීතිඥවරයෙකු යැයි  කියා ගන්නා පුද්ගලයෙක් ඔහුගෙන්  ඒ පිළිබඳ  විමසීමේදී එම පුද්ගලයාට  පිළිතුරු ලබාදීමට  තමන් සූදානම් නැති  බවත් අවශ්‍ය වූ දිනක සාක්ෂි සහිතව ඔප්පු කිරීමට හැකියාව තිබෙන බව  මාධ්‍යවේදියා  පැවසීමෙන් පසු එම පුද්ගලයා ඊට උරණ වී බලාගමු යයි  තර්ජනය කළ  බව එම පැමිණිල්ලේ සඳහන් වේ.

තමන් ප්‍රවෘත්ති වාර්තා සපයන්නේ දුප්පත් පොහොසත් ජාති ආගම් භේද  සැලකිල්ලට ගෙන  නොමැති බවත් කොරෝනා වයිරසයට  (විෂබීජයට) ජාති ආගම් බේද නොමැති බවත්  සියලු  ජාතීන්ගේ  සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා  එම පුවත පළ කළ බවත්  ඔහු කළ පැමිණිල්ලේ  සඳහන් වේ.

පළකළ එම පුවත සම්බන්ධයෙන් විමසා ඔහුගේ ජංගම  දුරකථන අංකයට ලද  දුරකථන අංකය ද  පැමිණිල්ල සමඟ ඉදිරිපත් කළ බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.



අදහස් (13)

අටුළුගම ආසාදිතයින්ගේ අමනවැඩ ගැන ලියූ මාධ්‍යවේදියාට තර්ජන

amara Tuesday, 22 December 2020 02:22 PM

අයියෝ දෙයියනේ....

:       0       1

Nuwan Tuesday, 22 December 2020 03:06 PM

මේ ජාතියේ 10% ඉන්න කොයි රටේද ආයුබෝවන් කරදරයක් නැතිව හිටියේ...?

:       0       0

Deepal Nirosh Tuesday, 22 December 2020 03:06 PM

කොරෝනා වෛරසයට වඩා ඉතා භයානක වෛරසයක් අටළුගම පැතිරිලා වගෙයි. පුද්ගලික රූපවාහිනි නාලිකාවක වාර්තාකරුවෙකුත් මීට පෙර මේ අටළුගම වෛරසයෙන් බැට කෑවා, ඒ විතරක්යැ..? ඇයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරිත් අපිට මතකයි බැටකෑවා. මේක පැතිරුණොත් නම් බෙහෙතක් අහන්නෙම නැතිවෙයි...

:       0       0

ම්වුබිමේ අනාතයා Tuesday, 22 December 2020 05:16 PM

ලිවීමට කිසිවක් නැත. සිතින් සිතා ගතිමි...

:       0       0

Tharaka Tuesday, 22 December 2020 05:32 PM

මේ අමනයින්ගේ තුප්පහි වැඩ තවත් මේ රටේ ඉවසිය යුතුද? 10%ක් වෙලා මෙහෙම නම් 20% වුණුදාට රටේ අනිත් මිනිස්සුන්ට මේ රටින් යන්න වෙනවා. අපි මේ රජය පත් කළේ මොවුන්ගේ මේ නොහික්මුණු අමන ක්‍රියාවලට තදින් ක්‍රියාත්මක වෙයි කියලා හිතාගෙන... ඒත් අද ඔවුන් හැසිරෙන්නේ තිරිසන් විදිහට.. මළ මිණියක් බදාගෙන නටලා අන්තිමට ඔවුන්ට ඕන විදිහට නීතියත් වෙනස් කර ගත්තා. කොහෙටද මේ රට මොවුන් අරගෙන යන්නේ?

:       0       0

Prabha Tuesday, 22 December 2020 10:36 PM

එකම රටක්... එකම නීතියක්... කණගාටුයි අපේ රට ගැන...

:       0       0

නෙවිල් Wednesday, 23 December 2020 01:45 AM

අපේ රටට දැන් සාපයක් වෙන්න යන්නේ මේ ලෙඩරෝග නොවෙයි.., මේ අන්තවාදී අමනයින්ගේ වැඩ. කුඩු, වන විනාශ, පුරාවිද්‍යා ඉඩම් විනාශ, හොර බේත්, මෙ විනාශ ඔක්කොම පිටිපස්සේ ඉන්නේ මේ අය තමයි. ඉංග්‍රීසි නම් දාගෙන කරන ඔක්කොම වෙළෙඳ ව්‍යාපාර මගඩි..

:       0       0

මුණසිංහ Wednesday, 23 December 2020 02:02 AM

දේශපාලන පක්ෂවලට පක්ෂග්‍රාහී නොවී ජනතාව වෙනුවෙන් කරන සේවා නිසා ඔබ රැක ගැනීමට ජනතාව පෙළ ගැසෙනවා. බය වෙන්න එපා....

:       0       0

රංග තේනුවර Wednesday, 23 December 2020 02:13 AM

ජාති, ආගම් බේද නිසා රට අගාධයට යෑමට ඉඩ තිබේ.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 23 December 2020 02:32 AM

මාධ්‍යවේදියාට තර්ජනය කිරීම ගැන අපගේ බලවත් පිළිකුල හා විරෝධය ... ! මෙයින් ගම්‍යමාන වනුයේ මේ රටේ එක්තරා දඩබ්බර පිරිසකගේ නීතියට හා සමාජීය පැවැත්මට දක්වන අනුවණ ක්‍රියා පිළිවෙතයි.මොවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක වියයුතු වුවද,ඔවුන්ගේම බලවතුන්ගේ අදුර්ශමාන හස්තය ඔවුන් ආරක්ෂා කරනු පෙනේ. තැන තැන කෙල ගැසීම කොයි ජාතියටත් තහනම් කළ යුතුය. බුලත් සපන්නන් නිතර දෙවේලේ මහාමාර්ග හා පොදු ස්ථානවල කෙළ ගැසීම නිසා ඇතිවනුයේ පුදුමාකාර අප්පියාවකි. මේවාට දඬුවම් දීමට සෞඛ්‍ය අංශ දැනුවත් කළ යුතුය.

:       0       0

Senarath Wednesday, 23 December 2020 03:30 AM

කොහොමත් බස්වලින් යනගමන් කෙළගසන එක සමාජය අනුමත කරන දෙයක් නොවේ. ඒකෙන් පදිකයන්ට වෙන අකරතැබ්බ ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. ඉතින් මේ වගේ කෙළ වලිනි බෝවන ලෙඩක් තියෙන වෙලාවක මේ මිනිස්සු එහෙම කෙළ ගහනවා නම් අල්ලලා උසාවි දමලා දඬුවම් දෙන්නම ඕනේ...

:       0       0

Anton Austria Wednesday, 23 December 2020 04:54 AM

මේක හරියන්නේ නැහැ.... නැගිටිමු සිංහලයනි. අලි සබ්රිව දාගෙන මොනවද කරන වැඩ. සිංහලයින් නැද්ද?

:       0       0

Rata Perata Wednesday, 23 December 2020 07:33 AM

නන්දසේනට 20 ගේන්න රාජපක්ෂලා මුස්ලිම් සහාය පතනකොට ඕවා වෙන බව අපි දැනගත්තා. දැන් ඉතින් අහිංසක මිනිස්සුන්ට විඳවන එකයි තියෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1159 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1165 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site