IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අටුලුගම මුස්ලිම් කාන්තාවට පහරදුන් 10 දෙනා රිමාන්ඩ්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේ මුස්ලිම් කාන්තාවකට පහරදී අඩත්තේට්ටම් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මග හරිමින් සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් දස දෙනා පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 9 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (03) නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ අටුලුගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දස දෙනෙකි.

සිංහල ජාතිකයෙකු හා විවහ වීම හේතුවෙන් ප්‍රදේශයේ මුස්ලිම් පිරිසක් තමන්ගේ නිවසට කඩා වැඳී තමාට මෙන්ම මවට පහරදී  දරු දෙදෙනා ද බියකර නිවසේ දේපල වලට අලාභ හානි සිදු කළැයි ඉකුත් මාර්තු මස 24 බණ්ඩාරගම අටුලුගම පදිංචි අබ්දුල් හසන් ෆාතිමා හයිෂා නැමැත්තිය බණ්ඩාරගම පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පුද්ගලයන් අත් අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

පුද්ගලයින් 20 කට වැඩි පිරිසක් නිවසට කඩා වැඳී තිබූ බව බන්ඩාරගම පොලිසිය සිදුකළ විමර්ශන වලදී හෙලි වූ බව බණ්ඩාරගම දකුණ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

එම සැකකරුවන් පිරිසෙන් 6 දෙනෙකු 2019.06.21 බණ්ඩාරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ බව පොලිසිය කියයි.

අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කටයුතු බණ්ඩාරගම පොලිසියෙන් ඉකුත් අගෝස්තු මස 02 වැනි දින ඉවත් කළ අධිකරණය එම විමර්ශන බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය වෙත පවරනු ලැබීය.

මේ අතර මෙම පැමිණිල්ලේ සාක්කි කරුවන්ට බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී අබ්දුල් හමීඩ් මොහොමඩ් ඉමිතියාස් නැමැත්තා මේ වන තුරුත් රිමාන්ඩ් බාරයේ පසුවන බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දස දෙනා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (6)

අටුලුගම මුස්ලිම් කාන්තාවට පහරදුන් 10 දෙනා රිමාන්ඩ්

ෆාතිමා රිස්වාන් Thursday, 03 October 2019 02:53 PM

හරිම සතුටුයි

:       0       631

sharm warnFriday, 04 October 2019 04:21 AM

ඔබේ ජීවිත අයිතිය වෙනුවෙන් ඔබ හඩක් නැගීම බලවත් සතුටක්. කිසිම ජාතියක් ගල් යුගයට යායුතු නැත . එය ඔබලාටත් අදාලයි .. ජීවිතය සතුටින් ගෙවන්න ලැබේවා ...

:       0       105

මොහමඩ් ෆාරුක් Thursday, 03 October 2019 03:17 PM

අගය කළයුතු තීරණයක්.. වැරැද්දට දඬුවම් දිය යුතුය..

:       0       903

Bamunuarachchi Thursday, 03 October 2019 03:22 PM

මේ පැත්තේ වුණා නම් අඬු කඩනවා.

:       65       488

Bamunuarachchi Thursday, 03 October 2019 03:24 PM

අටුලුගම සිංහල මිනිස්සු නැද්ද? සිංහලයනි, පෙනෙනවාද අපේ අනාගතය මොකක්ද කියලා. ඉඩම් විකුනන්න එපා. ඒ අයට වතුර පොදක් ගන්න ඉඩ තියන්න එපා.

:       1116       2494

ලසන්තFriday, 04 October 2019 01:22 AM

බමුණුතුමෝ සිංහල අපිට රටවත් ජාතියවත් ආගමවත් මුදල්වලට වඩා වටින්නේ නැහැ ඇයි තමා දන්නේ නැද්ද සල්ලි දෙයියන්ගේ මල්ලි කියලා. අපේ අය ඉඩම් කුණු කොල්ලෙට ඉල්ලද්දී මුසල්මානුවෝ ඉහලම ගණන්වලට ඉල්ලනවා. තමුන් මේවාට අකමැතිනම් අයට ඉඩම් දෙන එක නවත්වන්න ක්‍රමයක් සකස් කරන්නකෝ.

:       4       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site