(පාලිත ආරියවංශ)
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට අගරදගුරුතුමන් වෙනුවට ‘අදරදගුරු’ ලෙස පැවසීමෙන් වූ වරදට සමාව ගන්නා බව බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.
බදුල්ල තැපැල් සංකිර්ණයේ දී අද (23) පැවැති සමගි ජන බලවේගයේ බදුල්ල ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් මේ බව ප්‍රකාශ කළේය.
ඇත්ත ඇතිසැටියෙන් දැකීමට හරි දේ හරි ලෙස දැකීමටත් වැරදි දේ වැරදි ලෙස දැකීමටත් දෙමාපියන් තමන්ට උගන්වා ඇති බවත් කොතෙක් මඩ ගැහුවත් තමන්ගේ කට වසා ගැනීමට සුදානම් නැති බවත් කිසිවෙකුටත් බිය නොවන අතර සමගි ජනබලවේගයේ ජයග්‍රහණය තහවුරු කරන බවද සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාව ගත්තාට කමක් නැහැ. අපිත් දන්නවා දේශපාලකයින්ට කඩේ ගියා කියලා... ඉස්සර හැමදාම වොයිස් කට් දුන්නා හැමදේටම... දැන් මොකකටවත් සද්ද නැහැ. සමාව ගත්තාට කමක් නැහැ.. ඇත්ත කියපු කෙනාට කොන්දක් තිබුණු එකට. මමත් කතෝලිකයෙක් තමයි.
අඩු කළේ වතුර සෙලවේ...
නිවැරැදි කිරීමක්... ජයග්‍රහණය නොව පරාජය තහවුරු කරන බව...
තවම බැරිවුණා පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයට සහනයක් අරගෙන දෙන්න. දේශපාලකයින්ට කඩේ ගියා විතරයි. පොඩි වචනයකට ඒ තරම් සිත් අවුල් කරගන්න ඕනෙ නැහැ. කිව්ව කෙනත් මේ වගේම කතෝලිකයෙක්...
දේශපාලකයන්ට කඩේ ගියාට කතෝලික මිනිස්සු දන්නවා පාස්කු ප්‍රහාරයේ කවුද ලකුණු දාගත්තේ කියලා.. කවුද ත්‍රස්තවාදීන්ව පඩිදීලා යොදාගෙන කළේ කියලා. ඒක තමයි මීගමුව පරාදවුණේ.. අපි දේශපාලනයට කඩේ යන්නේ නැහැ. හරි අය තෝරලා ඡන්දෙ දෙනවා.
සමාව ගත්ත එක හොඳයි. ඒත් කතාව ඇත්ත.
මම ඉතාම බැතිමත් ක්‍රිස්තියානි කරුවෙක්... ඒත් හරීන් මෙහිදී කියපු දේ හරි. අප බොහෝදෙනෙක් වත්මන් කාඩිනල් ගැන ඉන්නේ ඒ මතයේම තමයි. ලංකාවේ බෞද්ධ භික්ෂූන් වගේ ක්‍රිස්තියානි ආගමේ කාඩිනල්ලා දේශපාලනය කරේ නැහැ මීට පෙර... ඒත් දැන් නම් එහෙම නෙමෙයි. අප මෙය අනුමත කරන්නේ නැහැ. මට තියෙන කණගාටුව එතෙක් මෙතෙක් ලෝකේ බිහිවූ ඉතාම ප්‍රගතිශීලී පාප්තුමාවන වත්මන් පාප්තුමාගේ කාලයේ ලංකාවේ බිහිවූ ප්‍රතිගාමීම කාඩිනල් බිහිවීම...
මෙයාගේ නම් මොලේ පරීක්ෂා කරන්න වෙයි වගේ...
කරපු ප්‍රකාශයට නම් සමාව අරගෙන නැහැ.
තාත්තා උගන්නලා තියෙන්නේ තමන්ගේ වාසියට විතරක් ඇත්ත ඇති සැටියෙන් දකින්න වෙන්න ඇති. වෙන මොනවත්ම ඕන නෑ මහත්තයෝ.. පාස්කු ප්‍රහාරය හොඳාකාරවම දැනදැනත් ඔයයි ඔයාගේ තාත්තයි හැසිරුණු හැටි අපිට තවමත් මතකයි. තව තවත් තමන් මහා ලොකු සුදනෙක් කියලා කියා ගන්නේ නැතුව කට වහගෙන ඉන්නවා නම් ඒක නම්බුකාරයි. ඔයා විතරක් නෙමෙයි. දැනට දේශපාලනයේ ඉන්න සියළු දෙනාම ඔබ වගේම තමයි.
කාදිනල්තුමා දේශපාලනේ ගන්න ගැන කතා ඕන නෑ පාස්කු ඇටෑක් එක ගැන හරියට නීතිය ක්‍රියාත්මක කළා නම්. තමන්ට බලේ තිබිලා තමන්ගේ කාලෙ වෙච්ච දේට සාධාරණයක් කරන්න බැරිවුණා.
කතාව ඇත්ත වුණාට අනෙක් පක්ෂය නියමෙට වාසි ගන්නවා. අපේ රටේ ජනතාව ආගමික නායකයන් විවේචනය අනුමත කරන්නේ නැහැ. ඒක දන්න සට කලට දේශපාලකයින් ජනතාව රවට්ටන්න ඛොරු ආගම් භක්තිය පෙන්නනවා.
මෙකේ කතෝලික කියලා කියාගෙන කාදිනල් තමුන්ට අපහාස කරපු එක හරි කියන වන්දිභට්ටයින් ගැන ඇත්තටම කණගාටුයි. අපි බෞද්ධ.. ඒත් අපිත් උන්වහන්සේට ගරු කරනවා. නොබියව අදහස් ප්‍රකාශ කරන එකට.. බෝම්බ ගහලා මිනිස්සු මරද්දී ඒ ගැන දැනගෙන කිසිම පියවරක් නොගෙන ඉද්දී උන්වහන්සේ ඒක විවේචනය කරද්දී, කාටද දේශපාලන වාසි යන්නේ කියලා බැලුවේ නැහැ. කඩේ යන අයට ඕනෑවෙලා ඇත්තේ... කමක් නැහැ මිනිස්සු මැරුණාට එදා ආණ්ඩුව හොඳයි කියන එක වෙන්න ඇති. එදා පාර්ලිමේන්තු කමිටු දාලා කරපු බොරුව ඇස් ඉස්සරහ බොරු වෙද්දිත් උන්වහන්සේට අපහාස කරන මිනිස්සුන්ට කවදාවත් ස්වර්ගය නම් දකින්න ලැබෙන එකක් නැහැ.
කඩේ යන එක ගැන කිව්ව කතාව ඇත්ත. ඇයි පාස්කු ප්‍රහාරය ගැන ඡන්දේ කාලේ විතරක් කතා කරන්නේ? පහුගිය කාලෙම සද්දේ නැතුව හිටියා. දුටිමි පූජකයින්, නොදිටිමි මෙවන් පූජකයින්...
අනේ නිකං යන්න පව් නොදී. තවත් එක බලලෝභී, අවස්ථාවාදී, කුහක වැඩක්.... දෙමව්පියන් මොනවා ඉගැන්නුවත් ඉගෙනගෙන තියෙන්නෙ මවාගත්ත, බොරු හිනාවකින් අහිංසක මිනිස්සු රවට්ටන්න.
දෙමාපියන්ගෙන් ඉගෙන ගත්ත දේ කරන්න ගිහිල්ලා තමයි මෙහෙම වුනේ. ඇත්ත ඇති සැටියෙන් දකින්න ඇත්ත මොකක්ද කියා හරියට දැන ගැනීමේ හැකියාවක් තිබෙන්න ඕනේ. ඒ බැරි කෙනා වැරදිදේ දකින්නෙත් හරිදේ කියලා. කොහොමත් ඔබට කතෝලික ජනතාවගෙන් සමාව ලැබෙන්නේ නැත.
මීට අවුරුදු ගාණකට පෙර නුවර කුඹල් පෙරහරට කැරොල් ගායන කණ්ඩායමක් අාවේ කාගේ අදහසකටද?
කාදිනල් තුමන් හට පහර දෙන්නට සිංහල සහ කිතුනු නම් වලින් පෙනී සිටින අය අදහස් පළ කර ඇත. කාදිනල් තුමන් හට හෝ / හා බුද්ධ පුත්‍රයන් වහන්සේලා හට අවමන් කිරීම ඔන්ලයින් කර්මාන්තයක් බවට පත්ව ඇත. මේ සයිබර් මෙහෙයවන්නන්ට අනුව ආගමික නායකයන් අන්ධයන් ගොළුවන් ලෙස කටයුතු කළ යුතුය.
බය නැතිව ඕනෑ දෙයක්ද කියන්න පුලුවන්... ඡන්දෙ ඉල්ලන්නේ නෑනේ... එන්නේ ජාතික ලැයිස්තුවෙන්.
එවකට ආරක්ෂක ඇමැතිකම දරපු සිරිසේන මහත්මයා මෙම ප්‍රහාරයේ වගකීම බාරගන්න ඕනෑවෙන කවුරුවත් නොවේ...
හැමදාම කළේ බොරුව පස්සේ යාමයි. පසුගිය අවුරුදු 4ම රට ආගාධයට ඇද දැම්මේ මේ වගේ අය... අහිංසක මිනිස්සු රවට්ටගෙන ඡන්දය අරගෙන. දැන් ඉන්න අය මෙයාලට ඡන්දෙ දෙන්නේ නැහැ. හැමෝටම තේරුණා රටේ අන්තවාදීන් ඉන්නේ මොන පැත්තේද කියලා.. දැන් අපේ රට ගොඩනගන්න කාලයයි. මිනිසුනේ හොඳට හිතලා බලලා ඡන්දය පාවිච්චි කරන්න. මේක තමයි අවස්ථාව...
පුන්නක්කු කන්නේ කවුද කියලා බලාගන්න ආසාවෙන් ඉන්නේ ඡන්දෙ දවස එනකන්...