IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


‘‘අංගම් පොර සටන් කලාව නීත්‍යානුකූල කරනවා‘‘

( තිලකරත්න දිසානායක)

තහනමකට ලක් කොට ඇති අංගම්පොර සටන් කලාව කැබිනට් පත්‍රිකාවක් මගින් ඉවත්කොට මෙම වසර තුල ගැසට් කිරීමට පියවර ගන්නා බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ජාතික ක්‍රීඩා සතිය නිමිත්තෙන් පිළිකුත්තුව පුරාණ රජමහා විහාරස්ථාන භූමියේදී පැවැති අංගම්පොර සටන් කලාව පිළිබඳ ප්‍රදර්ශනාත්මක සටන් සංදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එසේ කීය.

කොරතොට පරපුරේ අංගම්පොර සටන් ශිල්පී අජන්ත මහන්ත ආරච්චි ඇදුරාණන් ශිල්පය ලබාදී ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදා අංගම්පොර සටන් ශිල්පී කණ්ඩායම විසින් මෙම සංදර්ශන ඉදිරිපත් කළහ.

මෙහිදී අජන්ත මහන්ත ආරච්චි ඇදුරාණන් අදහස් දක්වමින්, සුදු අධිරාජ්‍යවාදීන් අංගම්පොර සටන් ක්‍රමයට බියව වර්ෂ 1815 ඔක්තෝම්බර් මස 5 වෙනි දින මෙම සටන් ක්‍රමය ශ්‍රී ලංකාව තුල තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කොට ඇති බවත් එය ඉවත් කිරීමට මෙතෙක් කිසිදු රජයකින් පියවර නොගෙන ඇති බැවින් එම තහනම ඉවත් කර දෙන ලෙසට වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව පැවසීය.

" අංගම්පොර සටන් කලාව පිළිබඳව අද ඊයේ නොව , බටහිර අධිරාජ්‍යවාදී සමයේදී තහනමක් සිදු කර තිබෙනව.මේ සම්බන්ධයෙන් මේ වන විට අධ්‍යනයක් කරගෙන යනව. අපි ඉතාමත් ඉක්මනින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරල , ගැසට් මගින් එය ඉවත් කිරීමට කටයුතු කරනව. මෙය අනිවාර්යයෙන්ම මෙම වසර තුල ඉටු කිරීමට කටයුතු කරනව."

 



අදහස් (6)

‘‘අංගම් පොර සටන් කලාව නීත්‍යානුකූල කරනවා‘‘

Prase Saturday, 31 July 2021 08:04 PM

අද මිනිස්සුන්ට ජීවත් වෙන්න රස්සාවක් ඕනේ .ඔයිට වඩා හොඳයි වට්ටක්කා චිප්ස් හදන කර්මාන්තයක් පටන් ගන්න කැබිනට් පත්‍රිකාවක් දැම්මා නම්

:       0       0

මුණසිංහ Saturday, 31 July 2021 08:58 PM

ඉතා හොඳ වැඩක්... ඒ වගේම පුහුණු කිරීමටත් වැඩ සටහනක් තිබිය යුතුයි...

:       0       0

Pradeep Saturday, 31 July 2021 09:29 PM

දැන් ඔය ඉන්නවයි කියන සටන් පරපුරුවල කවුරුත් එලියට ආවේ ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ දඩුබස්නාමානය ටෙලි නාට්‍ය විකාශනය වුනාට පස්සෙයි. ඊට කලින් අංගම්පොර ගැන කිසිම හෝඩුවාවක් තිබුනේ නෑ මම දන්න විදියට.

:       0       0

lanka Saturday, 31 July 2021 09:35 PM

ලංකාව වැනි බහුතරයක් නුගතුන් සිටින රටක, අංගම්පොර සටන් කලාව ප්‍රවර්ධනය කිරීමෙන් මැරයින් බිහිවිය හැක.

:       0       0

Sri Lanka Sunday, 01 August 2021 01:22 AM

සුද්දා තහනම් කරපු අපේ සියලුමදේ නැවත අපට දේවි කියලා හිතෙනවා.

:       0       0

Pathum Sunday, 01 August 2021 11:53 AM

රටට මේ වෙලාවේ අවශ්‍යම දෙයක් මෙයා කෙරුවොත් කරන්නේ හොඳ වැඩ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 825 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 953 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 387 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site