IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අගමැති - හිටපු ජනපති හෙට සාකච්ඡාවක

(නාලක සංජීව දහනායක)

මහා මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ඇතිව තිබෙන මතභේදාත්මක කරුණු නිරාකරණය කර ගැනීම සඳහා වන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (18) අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ, අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්වරුන් සහභාගි වීමට නියමිත අතර ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එහි මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, අමාත්‍යවරුන්වන නිමල් සිරිපාල ද සිල්වා හා මහින්ද අමරවීර මහත්වරුන් සහභාගී වීමට නියමිතව ඇත.

එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්‍ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් හෙට පස්වරුවේදී අරලියගහ මන්දිරයේදී ද පැවැත්වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් මෙහිදී අදහස් විමසීමට නියමිතව ඇතැයි එම පක්‍ෂයේ ආරංචිමාර්ග සඳහන් කරයි.  



අදහස් (9)

අගමැති - හිටපු ජනපති හෙට සාකච්ඡාවක

chandima Monday, 17 February 2020 01:08 PM

ලුණුමිරිස් එක්කල අප්පයි කිරිබතුයිත් දෙනවද?

:       0       63

GalaparaTuesday, 18 February 2020 04:39 AM

ආපෝ... හිටපු ජනපති ගැන නම් කතා කරන්න එපා. මෙයා හොද බල්ටි කාරයා.

:       0       0

රවින් Monday, 17 February 2020 01:10 PM

හපොයි හපොයි !! හැකි ඉක්මනින් වටපිට තිබෙන සියලු උල් ආයුධ අඩුමගානේ කිලෝමීටර 25ක් වත් දුරින් ඉතාම ආරක්‍ෂිත ලෙස සඟවා තබන්න. වේවැල් පුටු පමණක් භාවිතා කරන්න. ආප්ප පිච්චීම තහනම්.

:       0       25

Chathuri Monday, 17 February 2020 02:15 PM

සිරිසෙනයි මහින්දයි කියන්නේ. මොළ කාරයෝද දෙන්නම ජනාදිපති වුණා. අවංකව රටට ජනතාවට වැඩක් කෙරුවද හැබැයි දෙන්නම සිවුර විතරයි පොරවගන නැත්තේ වදින වැදිල්ල කොහොමද හාමුදුරු නමක්වත් නැහැ. මේ විදියට වදින හොරු වංචාකාරයෝ කොහොමත් පන්සල් ගිහින් කැපී පෙනෙන්න. ආසයි. මෙවර ඉන්දියාවට ගියා තිරුපති ගිහින්. බාරයක් වුනේ නැත්ද. පරදින බව දන්නා නිසා මේ. දෙන්න. එකතු වුනත් නැතත්. ජනතාවට හොරුන්ට මිසක් වෙන කාටද චන්දෙ දෙන්න තියෙන්නේ පක්ෂේ ට ආදරෙයි. බොරුවට. හොරු මිනීමරුවෝ නිසා පක්ෂෙට වෙලා තියෙන කැළල ඒ ගැන කවුරුත් හිතනවද බඩ පිරිනොත් ඇති

:       0       102

ධම්ම Monday, 17 February 2020 02:42 PM

මිරිස්කුඩු වගේ පරිණත දේශපාලකයින් මේ සාකච්චාවලට සම්බන්ධ කරගන්න. විස්වාසවන්තයි, ප්‍රායෝගිකයි.

:       0       65

siri Monday, 17 February 2020 02:52 PM

ලජ්ජා නැතිකම මහමුදලි කමටත් වැඩිය ලොකුයි කියලනේ කියන්නේ. පැරදුනානම් පවුල පිටින් අඩි හයක් පොලව යටට යවන්නයි තිබුනේ කියලත් කිවා වගේ මතකයි. එකයි එහෙම හිතුනෙ.

:       0       132

ravi Monday, 17 February 2020 03:39 PM

හිටපු ජනාධිපති නැතුව, කිසිම පක්ෂයකට අනාගතයක් නැහැ.

:       0       0

Sunil Tuesday, 18 February 2020 12:44 AM

අනේ මෙයාවනම් ආයෙමත් ගාවගන්න එපා. මුලින්ම පක්ෂය පාවා දුන්නා.

:       0       54

isuru Tuesday, 18 February 2020 05:03 PM

වැඩක් නෑ සිරාට ඡන්ද නෑ ඡන්දෙ තියල බලන්න කෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site