
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
නිසි බලපත්‍ර නොමැතිව අලි ඇතුන් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පවතින නඩු ඉල්ලා අස්කර ගෙන එම අලි ඇතුන් ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත භාර දීමට අදාලව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ වන ජීවී අමාත්‍ය සී. බී. රත්නායක යන මහත්වරු විසින් ඉදිරිපත් කර තිබෙන අමාත්‍ය මණ්ඩල සංදේශයට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) අවසර ලබා දෙන ලදී.
ඒ අනුව එම පෙත්සම් විභාගය ලබන ජනවාරි මස 25 දින විභාගයට ගැනීමටද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
ජනක් ද සිල්වා,කුමුදුනී වික්‍රමසිංහ, ගාමිණී අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබූණි.
එහිදී දෙපාර්ශවයේම ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් පෙත්සම් විභාගයට අවසර දීමට විනිසුරු මඩුල්ල තීන්දු කලේය .
අලි ඇතුන් ඔවුන්ගේ මුල් අයිතිකරුවන් ට බාර දීමට අදාළ ව ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට චෝදනා කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය, එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වරයෙකු වන හේමන්ත විතානගේ, නීතිඥ සංජය එදිරිසිංහ, සත්ව වේදිනියක වන පංචාලි පනාපිටිය යන මහත්වරුන් මෙම පෙත්සම ගොනු කළහ.
එහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, වනජීවී අමාත්‍ය සී බී රත්නායක සහ නීතිපතිවරයා නම් කර සිටිති.
බලපත්‍ර නොමැතිව සන්තකයේ තබාගෙන සිටි අලි ඇතුන් ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත භාර දීමටත් ඊට අදාළ නඩු ඉල්ලා අස්කර ගැනීම යන කරුණු ඇතුළත් අමාත්‍ය මණ්ඩල සංදේශයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ වනජීවි අමාත්‍ය සී.බී. රත්නායක යන මහත්වරුන් විසින් ඉකුත් මාර්තු මස 12 වනදා ඉදිරිපත් කළ බව පෙත්සමෙහි සදහන් වේ.
එම කැබිනට් සංදේශය තුළින් අධිකරණයේ පවතින අලි ඇතුන් සම්බන්ධ නඩු ඉල්ලා අස්කර ගැනීමට යෝජනා කර ඇති අතර එසේ අධිකරණය හමුවේ පවතින නඩු ඉල්ලා අස්කර ගන්නා ලෙස තීන්දු ගැනීමට කැබිනට් මණ්ඩලය ට හිමිකමක් නොමැති බවත් පෙත්සම්කරුවෝ සිය පෙත්සම මගින් පෙන්වා දෙති.
ඒ අනුව අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය තුළින් වගඋත්තරකරුවන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදුකර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම් කරුවන් අධිකරණයෙන් ඇත.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ විවේකා සිරිවර්ධන මහත්මිය පෙනී සිටියාය.
2025 දෙසැම්බර් මස 04
616
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
523
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අගමැති සහ වනජීවී ඇමතිගේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා