(තරිඳු ජයවර්ධන)
ජනරජයේ මුදල් කිසිදු වියදමක් සඳහා අනුමත කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට බලයක් නැතැයි සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට භාර දුන් යෝජනාව අට වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇතැයි පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග කියයි.
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාව සම්මත වී ඇති හෙයින් නොවැම්බර් 15 වැනි දා සිට ජනරජයේ අරමුදලෙන් කිසිම වියදමක් අනුමත කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට බලයක් නැතැයි ද, එය උල්ලංඝණය කරන කවර හෝ තැනැත්තකුට එරෙහිව නීතිමය පියවර ගත හැකි යැයි ද සඳහන් කරමින් මෙම යෝජනාව භාර දී තිබේ.
මෙම යෝජනාව න්‍යාය පුස්තකයේ 2018 නොවැම්බර් 29 වැනි බ්‍රහස්පතින්දා දිනට නියමිත කටයුතුවලට ඇතුළත් කර ඇතැයි පාර්ලිමේන්තුව සඳහන් කරයි.
නවීන් දිසානායක, රවී කරුණානායක, නාලක ප්‍රසාද් කොලොන්නෙ, වෛද්‍ය කාවින්ද හේෂාන් ජයවර්ධන , හෙක්ටර් අප්පුහාමි සහ චතුර සංදීප සේනාරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම යෝජනාව බාර දී තිබේ.
න්‍යාය පුස්තකයට ඇතුළත් කළ යෝජනාව පහත දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් වෙයිද? සිරි එ්කටත් ගැටයක් ගහයි හිටන් නේද?
අවුරුදු තුනක් ගෙවුන කරපු දෙයක් නැහැ. දැන්වත් ජනතාවට සහන දෙන්න
දැන් තියෙන්නෙ බල රහිත ආණ්ඩුවක් නම් ආයිත් යෝජනා සම්මත කර ගන්න දඟලන්නෙ මොකටද?
අවුරුදු තුන ජනතාවට දුන්නු සහන නැහැ. හැමදේකටම වැට් ගැහුවා. දැන් ගොරවන්නේ ඇයි?
ජනතාවට... 2015-2018 වෙනකම් විනකළා... ජනතාව බලාගෙන ඉන්නේ කව්ද හරි කියලා...
මේවා අහන සුද්දෝ හිනාවෙනවා ඇති...
මහබැංකුව හොරාකාපු එකම මදිද? තව තියෙනවා ගොඩක් සහන..
අනේ කාලේ වනේ වාසේ ...
ටැක්සස් නැතිව රජය යන්නේ කොහොමද? වහලුන්ට මේවා තේරෙන්නේ නැහැ.