
(අජන්ත කුමාර අගලකඩ)
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමති විමල් ඇමැති විමල් වීරවංශ මහතා අතර හදිසි හමුවක් ඉකුත් බදාදා රාත්‍රියේ පැවති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි .
අගමැතිවරයාගේ කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පැවති මෙම හමුවට ඔවුන් දෙදෙනා හැරෙන්නට වෙනත් කිසිවකුත් සහභාගි වී නොමැති බව වාර්තා වේ .
අගමැතිවරයාගේ දැනුම්දීම මත විමල් වීරවංශ මහතා මෙම සාකච්ඡාවට සහභාගී වී ඇති අතර, ආණ්ඩුව හා හවුල්කාර පක්ෂ අතර ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන්ද එහිදි සාකච්ඡා වී ඇති බව දැනගන්නට ඇත .
ඇතිව තිබෙන ගැටලු විසඳා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ,හවුල් පක්ෂවල නායකයින්ගේ සාකච්ඡාවක් කඩිනමින් පවත්වා ,අනතුරුව පක්ෂ නායකයන් හා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වීමට ද අගමැතිවරයා එහිදී එකඟතාව පළ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි .
ඉකුත්දා පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස් වැනි සංවත්සර සමුළුවටද විමල් වීරවංශ මහතා සහභාගී නොවූ අතර ඔහුගේ පක්ෂයේ නියෝජිතයෙක් පමණක් ඊට සහභාගි විය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෙමන් පෆ් හා තැඹිලි සංග්‍රහ ලෙස සූදානම්ව ඇත.
කොච්චර වටිනවද මේ විදිහට ජනතා ප්‍රශ්න කතා කරන්න වෙලාවක් අවේලාවක් බලන්නේ නැතිව මේ විදිහට හම්බවෙන එක...
ඉතා නුදුරේම වීරවංස සංවේදී වූ බව දැනගන්නට ලැබෙනු ඇත. අත්පොලසන් දෙන්න නාට්‍යයේ අවසානය
ජනේලේ එල්ලිලා ඉන්නකොට ගිහින් හමුවුණා වගේම හමුවීම් කරන්න ඕනෑ නේන්නම්... 69 ලක්ෂයට දැන් සැපද? කෝ අප්පච්චි... මළාද? කියලා අහන ප්‍රශ්නවලට මෙයා එපාද වග කියන්න...?
මැක්කාට කිසිම අයුරකින් කුක්කාගෙන් තොර පැවැත්මක් නොමැති බව හො දින් දන්නා කුක්කෝ කිසිදා වෙන්ව නොයතී, ආන්ඩුව හැරයාම ඉතුරු නඩු වල දී සත්‍ය තීන්දුව ප්‍රකාස විමට ඇති සම්භාවිතාව හොදින් දනී.
ලැජ්ජා, භය දෙක ඔයගොල්ලන්ට නැහැ.
දේසපාලුවන්ගේ රන්ගපෑම් ගැන පුදුම වෙන්ඩ දෙයක් නැහැ . දවල් මිගෙල් රෑ දනියෙල් චරිත කරලා පුරුදු . මහින්දගේ සාටකේ එල්ලිලා ගොඩගිය කෙනානේ ????
මීට කලින් මෙවැනි හමුවීම් කොතෙක් සිදුවී ඇත්ද ....ඉතිං ඇයි මෙවර අපිට කිය කිය හමුවන්නේ?
ලොක්කා ළඟ ඔය කාගේ කාගේත් ෆයිල් තියෙනවා.