


(ශාන්ත රත්නායක)
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස කැළණිය රජමහා විහාරස්ථානයේ දී දිවුරුම් දීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා අද (09) කොළඹ ගංගාරාමය විහාරස්ථානය වැදපුදා ගනිමින් ආශීර්වාද ලබා ගත්තේය.
ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ඇතුළු මහා සංඝ රත්නය නව අග්‍රාමාත්‍යවරයාට සෙත් පිරිත් සඡ්ඣායනා කරමින් ආශිර්වාද කළහ.
අගමැතිවරයාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය, අග්‍රාමාත්‍යය ලේකම් ගාමිණී සෙනරත් මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපේ රනිල් මැතිතුමාගේ පරම්පරාවේ පන්සල් 2ක් නේ... වඳින්න ගිහින් තියෙන්නේ. අභයාරාමයට යන්නේ අන්තිමටද?