(නිමල කොඩිතුවක්කු)
මධ්‍යම සංස්කෘතික අරමුදලේ තිබූ රුපියල් කෝටි 120ක් අතුරුදන් වී ඇති බවට නැගෙන චෝදනාව සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයා දැනුම් දි ඇත්තේ කරුණු සොයා වාර්තාවක් දෙන ලෙස පමණකැයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය ප‍්‍රකාශ කරයි.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අතුරුදන් වී ඇති බවට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී කරුණු දැක්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඉහත රැස්වීමට සහභාගීව සිටි අග‍්‍රාමාත්‍ය ලේකම්වරයාට ඒ සම්බන්ධයෙන් කරුණු සොයා වාර්තාවක් දෙන ලෙස දැනුම් දුන්නේ යැයි ද අග‍්‍රාමාත්‍ය කාර්යාලය කියයි.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අතුරුදන් වූ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙන්නට හැරෙන්ට පරීක්ෂණයක් පවත්වන ලෙස අග‍්‍රාමාත්‍යවරයා කිසි විටකත් දැනුම් දී නැතැයි ද අග‍්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
මිනිසුන් වන අප කාගේත් වටිනාකම් මෙන්ම දුර්වලකම්ද ඇති බැවින් කව්රුවත් තමන් නිවැරදි හෝ වැරදි යයි නොසිතා පවතින නීති හා සම්ප්‍රදායන් හිස්මුදුනේ තබා කරන හැමදේම කරයි නම් ඔවුන් බුද්ධිමතුන්ය. එසේ නොකර මමයි කෙරුම කියා හිතා කටයුතු කරන පහත් මන්දබුද්ධිකයින් බුද්ධිමත් සමාජය ඉදිරියේ නිරුවතින් නටන විකෘති ශරීර ඇති මිනිස් සිරුරු හිමි අමනුෂ්‍ය නරුමයන් වන්නේමය.
වාර්තාවට පස්සේ තීරණය කරමු නේද ? .ගෙවල් හද හද එයාගේ නම හදනවා.එකේ බදු බර මුළු ලංකාවේම මිනිස්සු ගෙවන්න ඕනේ.
පොඩ්ඩක් බයත් තියෙනවා .
වාර්තා ඉල්ලන එකයි කමිටු පත් කරන එකයි ඇරෙන්න වෙන දෙයක් කරන්න දන්නේ නැහැනේ? බලන්න පසුගිය අවුරුදු හතරහමාරේම කරපු දේවල්.
මේ වංචා පෙන්වා දී හෙළුව රටට හෙළිකර දීම අගය කරමි .ජනතාව මේවා තේරුම් ගැනීම වැදගත් .
එකනේ මහ බැංකු හොරුන්ට පුලුවන්ද අනුන්ගේ හොරකම් හොයන්න.