අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සියලුම පක්ෂවල පක්ෂ නායකයන්ට අනුරාධපූර රුවන්වැලිසෑයේ පැවැත්වෙන තම දිවුරුම් දීමේ උත්සවයට පැමිණෙන ලෙස නව ජනාධිපති ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරාධනා කර තිබේ.
අද (18) අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ ඉදිරිපිට ආගමික වතාවත් වලින් පසුව සංඝ රත්නයේ ආශිර්වාදය මැද ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හොඳයි. සියලුම දෙනා රට ගැන හිතලා එකතුවෙන්න. හැබැයි ඉස්සරහටත් රට පෙරට මිස බඩ සහ පොකට්ටුව පෙරට කරගන්න එපා.
ප්‍රතිපත්තිමය වෙනස... ආකල්පමය වෙනස.... තුලින් සමාජ පරිවර්ථනයක් මිස බඩගෝස්තරවාදී සාම්ප්‍රදායි දේශපාලනයක් ගෝඨාභය මහත්මයාගෙන් කිසිවිටෙක බලාපොරොත්තු නොවෙමු. සුබ පැතුම්...!!!
මෙය හොඳ ආරම්බයක්. ගෝඨාභය මහතා රටේ සියලුම පක්ෂවල අයිති මිනිසුන් සහ සියලු ආගම් අදහන මිනිසුන් එකතුකිරීමේ කතාවක් කරයි කියල බලාපොරොත්තු වෙනවා. අද අවසාන වෙලාවේ පටන් සංදර්ශන පවත්වන්නේ නැතිව මහා ජනයාගේ ශුබ සිද්ධිය සඳහා කටයුතු පටන් ගනීවි කියලා අපි සිතනවා.
හොඳ දෙයක්.