(නිමල කොඩිතුවක්කු)
විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සාකච්ඡාවකට සහභාගී වූයේ ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් කෙරුණු ආරාධනාවකට අනුව බව එක්සත් ජාතික පක්ෂයේ උපනායක සහ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ප‍්‍රකාශ කළේය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ට කළ දැනුම්දිමට අනුව අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අග‍්‍රාමාත්‍යවරයා සමඟ තමන් ජනාධිපතිවරයා හමුවීනැයිද අමාත්‍ය රවී කරුණානායක මහතා කීය.
විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට සහයෝගය දක්වන්නැයි ඒ හමුවේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ යැයිද අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයාගේ අදහස් දැක්විමට ප‍්‍රතිචාර දක්වමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේ මේ වනවිට එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයට අවතීර්ණ වී සිටින බවත් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට නම් ඊට විපකෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය අනිවාර්‍යයෙන්ම ලැබිය යුතු යැයි අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළ බවත් රවී කරුණානායක මහතා කීවේය.
ඊට අමතරව පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ අනුමැතිය ද විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට අවශ්‍ය බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ යැයිද අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනිමට පක්ෂ නායකයින්ගේ රැස්වීමක් කැඳවීමට වුවද සූදානම් බව ජනාධිපතිවරයා ඉහත හමුවේදී ප‍්‍රකාශ කළ බවද අමාත්‍ය රවී කරුණානායක මහතා කීවේය.
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකට ජනාධිපතිවරයා හමුවූ බවට පලවන වාර්තා සත්‍ය වුවද ඉහත හමුව සිදුවූයේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ දැනුම්දීම මත යැයි ද අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩිදුරටත් කීවේය.
2025 දෙසැම්බර් මස 04
89
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
358
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
372
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අගමැති ආවේ ජනාධිපතිවරයාගේ ආරාධනාවකටයි
angelo nugara Thursday, 29 August 2019 10:57 AM
මෙන්න බුද්දිමත් දේශපාලුවන්. ජනතාවනි 2015 තීරණය නැවත හිතන්න. මේක තවත් කුමන්ත්‍රයක්.