(සුජිත් හේවාජුලිගේ)

අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ  උපකරණ සඳහා දැනට පනවා ඇති ආනයන සීමා හැකිතාක් දුරට අවම කර  සහන ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ඊයේ (29) උපදෙස් දුන්නේය.

අගමැතිවරයා මෙසේ උපදෙස් ලබා දුන්නේ අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ වලට දැනට පනවා ඇති ආනයන සීමා හේතුවෙන් ව්‍යාපාරිකයන් සහ ජනතාව පත්ව ඇති අපහසුතා සැලකිල්ලට ගෙන යැයි  අගමැති කාර්යාලය පවසයි.

මේ අනුව මහ බංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊට අදාළ විසඳුම් ඉදිරියේදී  ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි  එම කාර්යාලය සඳහන් කරයි.

කොවිඩ්  පැතිරීමත් සමග රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීමට  රජය විසින් පියවර ගනු ලැබීය.