
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට අගමැතිවරයාගෙන් ප්‍රශ්න දෙක බැගින් විමසා පිළිතුරු ලබාගැනීමට පාර්ලිමේන්තුවේදී ලබාදෙන අවස්ථාව හෙට (10) බදාදා සිට යළි ක්‍රියාත්මක වන බව සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
කොවිඩ් තත්වය මත පාර්ලිමේන්තුව නිසි පරිදි රැස් නොවු පසුගිය කාලයේ මෙම ප්‍රශ්න ඇසීමේ අවස්ථාව ලබා දීමට හැකියාව නොලැබුණු බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
පලවෙනි ප්‍රශ්නය දැන් සැපද.? කියලා අහන එක.
අහන්න තියෙන්න කවද්ද යන්නේ කියල තමයි.දැන් කෙරුව හොදටම ඇති මේක සුරපුරයක් වෙලා තියෙන්නේ තව වැඩිකරන්න එපා පීස්
උත්තර දෙන්නේ බයිලා වලින් ද?
ප්‍රශ්න තියෙනවද අහන්ඩ? ආසියාවේ ආශ්චර්යය ගැන තමා අහන්ඩ වෙන්නේ?
මේ විදියට සීමා කිරීම නොකරනවානම් හොදයි. මොකද ප්‍රශ්න මවන්නේත් මොලේ අඩු කට්ටිය දියවන්නාවට යවා ඇති නිසයි. ඇත්ත ඇති සැටියෙන් දකින්නට අකමැති තම ඇග බේරාගෙන තම වාසියට ඡන්දෙ දෙන මිනිස්සුන්ට හොදම පාඩම මෙවර ඉගනගන්න ලැබුණා.
එක ප්‍රශ්නයයි අහන්න තියෙන්නේ ?අයියලා මල්ලිලා සහ නෑදෑ සනුහරෙත් අරගෙන කවද්ද මේ රටින් යන්නේ කියලා ?
දැල් සැපද
දැන් මොන ප්‍රශ්නද ? මෙයිට වැඩිය සැප ඕනා නැහැනේ .
ඔය වයසට වැඩිය ප්‍රශ්න ඔළුවට ගන්න හොද නැහැ. රටේ තියෙන්නේ ප්‍රශ්න පත්තර
ප්‍රශ්න දෙකේ සීමාව විහිළුවක්.
පලවෙනි ප්‍රශ්නය දේශපාලනයට පිවිසෙන විට කොතරම් මුදලක් තිබුනාද , අද අතේ කොච්චර මුදලක් තියෙනවද.