(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හංවැල්ල පහත්ගම ව්‍යාපාරිකයකු සහ ඔහුගේ රියදුරෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘අංගොඩ ලොක්කා’ නමැත්තාගේ සමීපතම පාතාල සඟයන් තිදෙනෙකු අද(29) අංගොඩ මුල්ලේරියාවේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරුවන් සමග ඝාතනය සිදු වූ දින ව්‍යාපාරිකයාට තර්ජනය කිරීමට යොදාගත් ජංගම දුරකථනය, සිම්පත් දෙකක්, හැඳුනුම්පතක් සහ යතුරුපැදියක්ද පොලිසිය බාරයට ගෙන ඇත.
ඉකුත් 25 වැනි දින මෙලෙස ඝාතනයට ලක් වූයේ වාද්දුවගේ විජිත් ප්‍රේමලාල් හෙවත් සුබෝධ නමැති 43 හැවිරිදි ව්‍යාපාරිකයා සහ ඔහුගේ රියැදුරු වන පාදුක්ක ගලගෙදර පදිංචිව සිටි මුරුතේට්ටුව ගමආරච්චිගේ රවිදු නමැති 32 හැවිරිදි අයවලුන්ය.
ව්‍යාපාරික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතන කර ඇතැයි අනාවරණය වී තිබේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුම් ලබා දුන් පුද්ගලයා හඳුනාගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු අංගොඩ ලොක්කා නමැත්තාගේ උපදෙස් මත එම ව්‍යාපාරිකයාට තර්ජනය කළ බව හෙළි වී ඇත.
ඔහුගෙන් කළ ප්‍රශ්නකිරීමේදී සෙසු සැකකරුවන් දෙදෙනාවද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.