IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සජිත් ප්‍රේමදාසට ගෞරව නාමයක්

(චමිල් රූපසිංහ)

ආගමික මූලස්ථානයකින් ලබා දෙන ගෞරව නාමය ඉතා වැදගත් හා උසස්  බවත් තම පියාගේ අඩිපාරේ යමින් කරනු ලබන ජාතික හා ආගමික සේවාව අගයමින් සජිත් ප්‍රේමදාස මහතාට මල්වතු මහ විහාර පාර්ශවය මගින් මෙවැනි ගෞරව නාමයක් පිරිනැමීම රජය මගින් පිරිනමන ගෞරව නාමයකට වඩා වැදගත් අවස්ථාවක් බව  අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවරදී පැවසීය.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට මල්වතු මහ විහාර පාර්ශ්වය මගින් ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමය පිරි නැමීම අද (31) මල්වතු මහ විහාරයේ පැවැති උත්සවයකදී සිදුකෙරුණි. 

සජිත් ප්‍රේමදාස මහතාට මෙම ගෞරව නාමය මල්වතු මහ විහාරය මගින් ලබා දීමට තීරණය කළේ ඔහුගේ චරිතය මෙන්ම ජනතා සේවය සැලකිල්ලට ගෙන බවත් ඔහුගේ පියාණන්ගේ අඩිපාරේ යමින් විශාල ජන මෙහෙවරක් සිදු කරමින් සිටින බවත් ආණ්ඩුවේ සාමාජිකයෙකු මෙලෙස ගෞරව නාමයකින් පිදුම් ලැබීම ආඩම්බරයට කරුණක් බවත් රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේය.

 



අදහස් (52)

සජිත් ප්‍රේමදාසට ගෞරව නාමයක්

ජයරත්න Sunday, 31 March 2019 02:49 PM

රට එකතු කරලා ඉදිරියට ගෙන යන්න පුළුවන් පිරිසිදු නායකයෙක්. ජය වේවා!

:       1746       4238

BamunuarachchiSunday, 31 March 2019 04:31 PM

රට එකතු කරනවා කියන්නේ මොකක්ද? රට එකතු කිරීමට මෙදක්වා කරලා තිබෙන්නේ මොනවද? එ්කට පිළිතුරු ලැබුණාම ඉතුරුටික අහන්නම්....

:       409       375

NissankaMonday, 01 April 2019 04:21 AM

ගෞරව නාම වලින් වැඩක් නැහැ. මොලේ චුට්ටක් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්. කට ඇරියහම හිතා ගන්න පුළුවන් මොලේ තරම.

:       1562       1631

SathyaMonday, 01 April 2019 08:03 AM

හොදම ප්‍රචාරණයට හිමි සම්මානයත් දෙන්න ඕනි. වවුනියාවේ ගෙවල් ඕපන් කලත් රට පුරාම පොස්ටර කැම්පේන් එකක් යනවා.ඊට අමතරව ජාතික පුවත්පත්වල පිටුවක දැන්වීමක් යනවා, රුපවාහිනි දැන්වීම් යනවා. ණය ගෙවන්නේ මිනිස්සු, පිනට දුන්න වගේ විවෘත කරන්නේ. තිස්සමහාරාම ආසනේ ගිහින් බලන්න ඕනි ගම්මාන හැදිල්ල. ඡන්ද ගොඩ වැඩි කරගන්න රජයේ ඉඩමක ණයට ගෙයක් දීල මිනිස්සු ගිහින් දමනවා, වතුර නැහැ, පාරවල් නැහැ, අලි වැටවල් නැහැ.

:       245       237

Sapumal. Sunday, 31 March 2019 03:21 PM

සත්‍ය වශයෙන්ම සජිත් මහතාට මෙම ගෞරව නාමය හිමිවීම සතුටට කරුණක්. එහි කිසි විවාදයක් නැහැ. එතුමා වැඩකරන හොඳ ඇමතිවරයෙකු බව සැවොම දන්නවා. ඒත්, ඡන්දය කිට්ටු මේ වගේ වෙලාවක මෙවැනි දේ කිරීම පූජ්‍ය පක්ෂය පක්ෂග්‍රාහී වීමක් යයි ඇතැමෙකුට සිතෙන්නට පුළුවන්... අනෙක් පක්ෂවලද සිටින හොඳ අය වෙනුවෙන්ද මෙවැනි යමක් කළා නම් එහි කිසියම් පොදුබවක් දැකීමට තිබුණා. මෙවැනි දේ හිට්ලර්ලා ඉල්ලන අයට ඇහේ කටු අනිනවා වගේ තියේවි...

:       741       1125

VajiraMonday, 01 April 2019 04:25 AM

මෛත්‍රී දැන් ආපහු ටික ටික මේ පැත්තට කිට්ටු කරනවා වගේ. අර කට්ටිය වෙන ජනාධිපති අපේක්ෂකයෙක් තෝරාගෙනලුනේ.

:       0       208

dasa Sunday, 31 March 2019 03:33 PM

පෙරහැර එන වග කස කරුවන්ගෙන් දැනේ. සාදු සාදු...!!!

:       151       255

BamunuarachchiMonday, 01 April 2019 12:53 AM

පෙරහරේ මුලට කසකාරයෝ ආවාට මුළුපෙරහැරේම ඉන්නේ ගිනිබෝල කාරයෝ.

:       217       32

Ratne Sunday, 31 March 2019 04:04 PM

මෙතුමාගේ පියා ජනපති වෙලා හිටපු කාලයේ, පංසල් ඇතුළු පුරාවිද්‍යා වැදගත්කමක් තිබූ ස්ථාන රැසකම හදිසියේම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලද අතර, පසුව පුරා වස්තු විනාශ කිරීමක්/ පැහැරගැනීමක් සිදු වී තිබුණි. මෙම බොහොමයකට මූලිකත්වය ගත්තේ මෙතුමන් යැයි කටකථා රට පුරා පැතිර ගියේය. ඒ පිළිබඳව කිසිඳු පරික්‍ෂණකයක් හෝ සිදු නොවුණි. එවැනි චෝදනාවකට ලක්වූවකුට මෙවැනි ගෞරව සම්මානයක් පිරිනැමීම කොතරම් උචිතද? යන්න සැලකිය යුතු කරුණකි...

:       1459       1421

SankaMonday, 01 April 2019 04:07 AM

සජිත් ඇමතිතුමෝ මේ මඩ ගනන්ගන්න එපා.වැඩ කරන කෙනාට තමයි... ඔක්කොම බනින්නේ. ඔබගේ ගමන ඔහොම යන්න. බහුතරයක් ජනතාව ප්‍රකෝටි ගනම් මහජන මුදල් හොරාකාපු කිසිම කෙනෙක් නැවත බලයට ගේන්නේ නැහැ. ඉදිරි ජනතිපති ඡන්දෙදි ඔබ තුමා තමයි නියම සුදුස්සා.

:       136       612

BamunuarachchiMonday, 01 April 2019 11:53 AM

ත්‍රස්තයින්ට සල්ලි අවිආයුධත් දේවිද?

:       2       0

chathuri Sunday, 31 March 2019 04:11 PM

දැන් මහින්දට මේවා... දැකලා අාවේශ වෙන්න ගන්නවා.. කොහොම හරි බලය ගන්න බලයි. මල් වට්ටි ඉහේ කෙස් ගානට පූජා කෙරුවත් මේ වනතුරු කිසිම සම්මානයක් ලැබුනේ නැහැ. එයාගේ බේබිලා දෙන්නට... සම්මාන දෙන්න නුවර මාලිගාව ලග රේස් පැද්දට...

:       1512       1808

BamunuarachchiMonday, 01 April 2019 12:57 AM

මහින්දට මේවා දැකලා දෙපැත්තෙන්ම හිනා . කෙනෙක් මගෙන් අහනවා මේ ගොයියා මේවනවිට රටට මොනවාද කලේ කියලා.

:       313       78

Chanak Los angrlesMonday, 01 April 2019 07:18 AM

හොරුන්ගේ කුණු හෝදනවා හැර වෙන දෙයක් ඇත්තෙම නැහැ .

:       1       172

Chanak Los angelesMonday, 01 April 2019 08:03 AM

අනිත් පැත්තෙන් හිනාවෙන එකත් දැකලා තිබෙනවාද ?

:       1       111

MaheeMonday, 01 April 2019 09:54 AM

බමුණු මැදමුලන වලව්වේ කරන සේවයේ හැටියට මං හිතුවා මහින්ද අනික් පැත්තෙන් හිනාවෙන හැටි නොදැක ඉන්න විදිහක් නෑ කියලා...

:       0       116

BamunuarachchiMonday, 01 April 2019 10:55 AM

මහදැන මුත්තාගේ මගුලක් ඕනේ නැහැ.. කට ඇරලා කියනවා අපේ තුමා මේ රටට මේ සේවය කරලා තිබෙනවා. තාත්තා ජනාධිපති කාලේ පුරාවිද්‍යාවට මෙපමණ සේවයක් කරතිබෙනවා කියලා. මහදැනමුත්තා අහන ප්‍රශ්නෙට ඔය රනිල්ගේ ගෝලයෝ රබ්බඩ අයියලා, පොල්බෑමුණලා, කෝටුකිතයියලා, ඉඳිකටු පැංචලා උත්තර දුන්නොත් හොඳටම ඇති. මේ ගොයියා රටට කළ සේවය මොකක්ද? කියා කියලා...

:       1       5

BamunuarachchiMonday, 01 April 2019 11:11 AM

හලෝ මැදමුලන කරපු සේවය හින්දා තමයි මෙයා අද මල්වත්තේ හාමුදුරුවෝ ඉදිරියේ දණගහන්නේ... නැති නම් සුබ්‍රමනියම් නම්බුනාමය ගන්න දණගහන්නේ ප්‍රභාකරන් ගාව නැතිනම් ප්‍රභාකරන්ගේ මොංගල් පුතා ගාව. බෝම්බවලට අසුනොවී ජීවත්වෙන්න ඉඩ සලසලා උන්නාට හතර ගාතේ දාලා වඳිනවා මහින්දට... මහින්ද නැතිනම් ඔහෙලා මකබෑවිලා ගිය තැන්වල නිදිකුම්බා ගසුත් හැදිලා...

:       1       25

BamunuarachchiMonday, 01 April 2019 11:14 AM

අැයි ඔයාලට 2018 පෙබරිවාරිවල පෙන්නුවේ පස්වෙනි හිනාව කියලා.

:       1       11

sirimal Sunday, 31 March 2019 04:22 PM

මේ වැඩේ අර මෙතුමාගේ නායකයාට දිගට හරහට පහර ගහන ගමන් මෙතුමා නග්ගලා තියන නාලිකාවේ සජීවීව හරි " බ්‍රේකින් නිවුස් " වශයෙන් හරි පෙන්නුවේ නැද්ද?

:       50       380

sagan Sunday, 31 March 2019 07:43 PM

නිදන් හොරුන්න්ට මොන නම්බු නමද….

:       331       28

NissankaMonday, 01 April 2019 06:32 AM

ඔය කියන්නේ දුටු ගැමුණු රජ්ජුරුවන්ගේ කඩුව ගැනද? ඒක මෙයාට හොයාගන්න බැරි උනා. කෝට්ටේ පැත්තේ පන්සලක තිබිලා පහුගිය කාලේ රජවෙන්න දගලපු අය ඉස්සුවා. වැඩේට උදව් කරපු මනුස්සයාට හිර ගෙදර කැරැල්ල වෙලාවේ ගේම දුන්නා.

:       0       205

kule Sunday, 31 March 2019 08:28 PM

නායක හාමුදුරුවෝ ඔය සම්මානය දෙන්න ඇත්තෙත් උස මිටි බලල වෙන්න ඇති.

:       1       109

Abaran Sunday, 31 March 2019 09:29 PM

අර බැංකු මංකොල්ලයට ඇමතිවරු පත්කරපු අය, හොරසල්ලි අච්චු ගහල අහු උන ,හැමෝම මෙතන ඉන්නවා. හැබැයි හොර සල්ලි අහු උන වෙලාවේ බේරපු නායකයා විතරක් අඩුයි.

:       0       21

Bandara Sunday, 31 March 2019 09:58 PM

පියාගේ අඩිපාරේ ගියොත් අපේ කොල්ලන්ට ආයෙත් යටර් මාල එහෙමත් හම්බ වයෙි..

:       207       130

චන්දා Sunday, 31 March 2019 10:35 PM

බුදු හාමුදුරුවෝ සඝ සසුන තුළින් බලාපොරොත්තු වූ සමාජ සත්කාරය අද කාලයේ ඇතැම් පාර්ශව තුළින් මෙවැනි කාරණා වලට විතරක් ලොප් වීම කණගාටුවකට කාරණයකි.

:       0       230

Lal Monday, 01 April 2019 12:57 AM

මල්වත්තෙන් නේ?...ලෝක විහිලුවක්...

:       104       262

Bamunuarachchi Monday, 01 April 2019 01:07 AM

මෙයා මේ වනවිට රටේ සංවර්ධනයට දායක උන්නේ කොහොමද කියලා කියන්න.

:       246       18

Bamunuarachchi Monday, 01 April 2019 01:08 AM

පන්සලෙන් දෙන නම්බුනාම පල්ලියටත් කෝවිලටත් වලංගුද?

:       158       1

vidya Monday, 01 April 2019 01:09 AM

හාමුදුරුවනේ ඔය වැඩක් නැති වැඩ කරන්නේ නැතිව. ඔය පිස්සෝ වගේ දඟලන හාමුදුරුවරු එකතු කරලා හොඳ ධර්ම දේශනා වැඩ පිළිවෙලක් කරලා . යහ මග යවන්න බලන්න . කැති උදලු ටිකක් අතට දීලා. ශ්‍රම දාන පවත්වන්න . අපරාදේ තරුණ ශ්‍රමය එලොවටත් මෙලොවටත් වැඩක් නැහැ .

:       2       180

chandima Monday, 01 April 2019 01:30 AM

නායක හාමුදුරුවන්ට වැරදුනවත්ද?

:       97       46

Chanak Los angeles Monday, 01 April 2019 01:45 AM

මොකටද හාමුදුරුවනේ මොවුන්ට ගෞරව නාම ? ඔවුන් කරන්නේ ඔවුනට කල යුතු රාජකාරියනේ?වරදක් වුනානම් සමාවෙන්න

:       4       88

malaka Monday, 01 April 2019 01:55 AM

කොහෙන්ද? මේවට හිනා වෙන්නේ ?

:       143       237

Wasudewa Monday, 01 April 2019 01:56 AM

සජිත් මහතාට මෙම ගෞරව නාමය ලැබීම ඉතාම කලොචිතයි...... මොකද මෙතුමා දුප්පත් අසරණ මිනිසුන්ට නිවාස ලබාදීමේ වැඩ පිළිවෙල ඉතාම සාර්ථකව කරගෙන යනවා. අනික් සියලුම දේශපාලුවෝ හොරකම් කරනකොට,මෙතුමා දුප්පතුන්ට යමක් කරනවා. ඉදිරි ජනාධිපති ඡන්දෙදි, ජනාධිපති අපේක්ෂකයාට සුදුසුම මෙතුමා පමණයි. මොකද...රටට හොර දේශපාලුවන්ගෙන් ලැබුණු අයහපත දැන් හොදටම ඇති.

:       252       632

p.d goonawardena Monday, 01 April 2019 03:21 AM

ගිහියෝ බණ කියනවා ....පැවිද්දෝ දේශපාලනය කරනවා........සාදු සාදු...!!!

:       2       124

ranga Monday, 01 April 2019 03:36 AM

ඡන්දේ ලඟයි..... ඡන්දේ ලඟයි.......හා හා හා

:       22       6

chaminda Monday, 01 April 2019 03:49 AM

පන්සල් වලත් පක්ෂ දේශපාලනය....

:       2       159

keppetipola Monday, 01 April 2019 03:51 AM

අර කිව්වත් වගේ නිදන් කැඩුවට වෙන්න ඇති මේ සම්මාන දෙන්නේ. මල්වතු නාහිමි දැන්මම ඡන්දෙට බැහැල වගේ යුඑන්පි ඇමතිලට නම්බුනාම දෙන්නේ. මුළු රටම දන්නා දෙයක් මේ හිමියන් යුඑන්පි පක්ෂය වෙනුවෙන් පෙනී සිටින්නේ කියල. රට හදන්න නම් මෙවැනි පූජක වරුන්ගෙන් ඉස්සෙල්ලම රට බේරාගෙන ඉන්න ඕන. මම බෞද්ධයෙක් වුවත් අතිගරු මැල්කම් රන්ජිත් පිය තුමාගේ ශ්‍රේෂ්ඨ ගතිගුණ ඉතා අගය කරන්නෙමු. රටට ආදරේ ඇති හරි දෙය කථාකරණ, එවැනි පූජකතුමන්ලා අපේ රටට මහා සම්පතකි.

:       781       1029

athuraMonday, 01 April 2019 06:01 AM

මෙතුමා නිදන් කැඩුවද නැද්ද කියල මම දන්නේ නැහැ.හැබැයි මෙතුමන්ගේ තාත්තගේ කාලේ අර පහුගිය කාලේ වගේ ගගවල් වල රත්තරන් හම්බවුනෙත් නැහැ.පොලවේ තැනින් තැන මැණික් මතුවුනෙත් නැහැ.

:       0       173

BamunuarachchiMonday, 01 April 2019 11:50 AM

හැබැයි තාත්තගේ කාලේ බෙල්ලේ ටයර් මාලා දාගත්ත කොල්ලෝ හැම හන්දියක් ගානෙම හිටියා මතු වුනා. දැන් කෝකද හොඳ? ටයර් මාල දාගත්ත කොල්ලෝ මතුවෙන එකද මැණික් මතුවෙන එකද?

:       1       13

smn Monday, 01 April 2019 04:12 AM

පියා වගේම රටට සේවය කිරීම අරමුණු කරගත් පුතෙක්…..කුමන ගෞරව නාමයක් දුන්නත් වටිනවා……...අපගේ සුභ පැතුම් !

:       301       536

Mahesh Monday, 01 April 2019 04:49 AM

එයා කොහොමත් මේ පක්ෂෙට කඩේ යන බව පෙනේ

:       111       129

nihal c k Monday, 01 April 2019 07:19 AM

එක කාලයක් අචාර්ය උපාධිත් ඔයවගේ දීල ආචාර්ය උපාධියත් හෑල්ලු උනා

:       0       8

Bandula. Monday, 01 April 2019 09:32 AM

අනේ ඉතින් මේ වෙලාවේ පරණ ලොක්කන්ට මොනවා හිතෙනවා ඇද්ද නේද?

:       1       33

Bamunuarachchi Monday, 01 April 2019 11:01 AM

හාමුදුරුවෝ සමාව දෙන්න ඕනේ පුරාවස්තුවලට වුණු සංහතියට. ඒත් රටට කළ නස්පැත්තියට ජනතාව සමාව දෙන්නේ නැත. පලකරනවා නම් අපි දෙන්නම්කෝ ඇට්ටි හැලෙන්න. නම්බුනාම ජනතාව ඉදිරියේ දණගහගෙන අහගෙන ඉන්නවානම්...

:       1       13

athuraTuesday, 02 April 2019 04:55 AM

බමුණෙක් වුනත් ඉර්සියාව තියනවනේ.

:       8       1

මම සපුමල් Monday, 01 April 2019 11:11 AM

රටකට නායකයෝ බලෙන් බිහි කරන්න බෑ. ඒවා නම්බුනාමවලින් ගන්නත් බෑ. එහෙම වුණාම වෙන්නේ රටක් විනාශ වෙන එක... මහින්දට දීලා රට විනාශ වුණා. ඔය හොර සපුමල් වගේ උන් කරන්නෙත් ඒක. කඩේ යන එක...

:       70       2

Mama Keedaaram Mal.Wednesday, 03 April 2019 11:45 AM

ඊයේ, පෙරේදා සිට සිට මේ අහසින් පාත්වූ 'මම සපුමල් ' කියන මන්ද මානසිකයා නිරපරාදේ අනුන්ට මඩ ගසනවා. එක්වරම අනුන්න්ගේ හැකියාවන්වලට ඉරිසියාවෙන් ඒ නම ගන්න දඟලන හොර සපුමල් කව්ද කියා සිතීම අපහසු නැහැ. මේ සපුමල්ගේ හතුරෙක් මිස මොහු සපුමල් නම ඇත්තෙකු නොවේ. අනුන්ට නම් තබන අවස්ථාවේ මොහු සිටියා වගෙයි කතා කරන්නේ. අනේ මෙහෙමත් අනුවණයන්...

:       0       65

Bamunuarachchi Monday, 01 April 2019 12:03 PM

ඔය ගමන ඔහොමම යන්න. පේඩ් පයිපර් කියන නලා කාරයා පිටුපස ගිය මීයෝ රැල වගේ අපි ඔබ පිටුපස එන්නම්. ඇවිත් මීයන්ට වූ ඉරණම අත් කරගන්නම්.

:       1       2

Bamunuarachchi Monday, 01 April 2019 12:05 PM

සර් ජෝන් ලොක්කාට තාර මතක් වෙනවා ඇති..

:       1       3

rocky Monday, 01 April 2019 12:34 PM

ඔවුනොවුන්ගේ පැවැත්ම සඳහා දූෂිත දේශපාලකයින්ට දූෂිත ශාසනයකුත්, දූෂිත ශාසනයකට දූෂිත දේශපාලකයිනුත් අවශ්‍යයි. කොහොඹ ගහට, කරවිල වැල ගියා වගෙයි!

:       0       29

Chanak Los angeles Tuesday, 02 April 2019 04:58 AM

කෙසේ වෙතත් ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත වසරක මෙවැනි ආගමික නම්බුනාම ප්‍රදානයන් දේශපාලනිකව හැදෑරීම යථාර්තවාදීය.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 7 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 81 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 240 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 274 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 579 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 206 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site