IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලංකාව - චීනය අතර ගිවිසුම් 3කට අත්සන් තැබේ

චීන රජය  හා ශ්‍රී ලංකාව  අතර ඉතා වැදගත් ගිවිසුම්  කිහිපයක් සඳහා ජනාධිපතිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(14) අත්සන් තැබීමට නියමිතය.

චීනය ශ‍්‍රී ලංකාව තුළ සිදු කරන සුවිශාල ආයෝජන සහ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඉතා වැදගත්, සුවිශේෂ ගිවිසුම් තුනකට  මෙහිදී අත්සන් තැබීමට නියමිතය.
 
වසරක් පාසා වැඩිම සංචාරකයන් පිරිසක් චීනයෙන් ශ‍්‍රී ලංකාවට පැමිණෙන අතර ශ‍්‍රී ලංකාවේ විශාලම ආයෝජන අවස්ථාවන් ද චීනය මගින් කි‍්‍රයාත්මක කිරීම හේතුවෙන් මෙම ගිවිසුම් ශ‍්‍රී ලංකාවට ඉතා වැදගත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අතර පැවති නිල හමුවේ දී 21 වැනිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට සහ සියලු ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන තිබෙන ආරක්ෂක විධිවිධාන පිළිබඳ විශේෂ කරුණු සාකච්ඡා කළේය.

මේ අතර ජනාධිපතිවරයාගේ  විශේෂ ඉල්ලීමක් පරිදි ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සඳහා ජීප් රථ 100ක් ලබාදීමට ද චීන රජය එකඟතාවය පළ කර ඇත.

මීට අමතරව චීනයේ බීජිං නගරයේ දී හෙට පැවැත්වෙන ආසියානු ශිෂ්ටාචාරයන් පිළිබද ජාත්‍යන්තර සමුළුවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රට තුළ පවතින වත්මන් තත්ත්වය සහ රටේ අනාගතය වෙනුවෙන් ගන්නා වූ සුබවාදී තීරණ ජාත්‍යන්තර නායකයන් ඉදිරියේ පැහැදිළි කිරීමට ද නියමිතය.

රාජ්‍ය නායකයා ලෙස,  පසුගියදා රටේ ඇති වූ ව්‍යාකූල තත්ත්වය ඉතා හොදින් කළමනාකරණය කරමින් තිබෙන පරිසරයක ශ‍්‍රී ලංකාවේ ආයෝජනය කළ සහ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන කණ්ඩායම්වල විශ්වාසය තහවුරු කිරීම සහ සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිළි  කිරීමට නියමිතය.

අන්තවාදී කණ්ඩායම්වල පටු අරමුණුවලට ඉඩක් නොතබා නීතිය තදින් කි‍්‍රයාත්මක කරමින්, රටේ සාමය පවත්වාගෙන යාමට  අවශ්‍ය සියලූ තින්දු තීරණ ජනාධිපතිවරයා  විසින් ගෙන තිබෙන අතර එම වගකීම් තවදුරටත් ඉදිරියට ගෙන යාමට ආරක්ෂක අංශ සහ රාජ්‍ය නිලධාරින්ට බලය පවරා ඇති තත්ත්වය ද මෙහි දී ලෝක නායකයන් හමුවේ පැහැදිලි කිරීමට නියමිතය.



අදහස් (7)

ලංකාව - චීනය අතර ගිවිසුම් 3කට අත්සන් තැබේ

Asanka Tuesday, 14 May 2019 10:57 AM

හරි හිනා මේ ප්‍රවෘත්ති දැකලා අපට නම්... රාජ්‍ය නායකයා ලෙස, පසුගියදා රටේ ඇති වූ ව්‍යාකූල තත්ත්වය ඉතා හොඳින් කළමනාකරණය කරමින් තිබෙන පරිසරයක... චීන්නු කොන්දේ බැඳලා ඇත්තේ තාම...

:       0       0

ලුම්බිණි Tuesday, 14 May 2019 11:19 AM

චීන හමුදාව ගෙන්නුවේ නැත්නම් ලොකු දෙයක්.

:       0       0

රවින් Tuesday, 14 May 2019 11:23 AM

පස්සේ කියයිද දන්නේ නැහැ අත්සන් කරපු බව දන්නේ පත්තරෙන් හෝ සමාජ වෙබ් ජාලා තුලින් කියලා .

:       0       0

Nandalal DE SILVA - France Tuesday, 14 May 2019 12:38 PM

මේ පාර අපේ රටේ සම්පතෙන් වැඩිම වටිනාකමක් ඇති දේපලක් සින්නකර ඔප්පුවක් මගින් චීන මස්සිනාලාට ලියා දෙන්න උප්පර වැට්ටියක් හදාගෙන අපේ ලොක්කා චීනයේ සවාරි ගහන්න ගියාද දන්නේ නැහැ..! කලින් පාර සිරිසේනගේ "අතිජාත, පරම හතුරා" හැටියට එයාම කියපු මැදමූලන ලොක්කා අගනුවර වටිනාම ඉඩමෙන් අපේම යුද හමුදාව පලවා හැර, එය දෑවැද්දක් දෙන අප්පච්චියෙක් හැටියට චීනට ලියා දීපු විදිය අපට තවම අමතක වී නැත..

:       0       0

Kumar Tuesday, 14 May 2019 01:14 PM

ලෝකයේ වෙන නායකයන් තම රටේ කුමන හෝ ව්‍යවසනයක් සිදුවී නම්, සියලු සංචාරය අතරමග නවතා තම රටට පැමිණේ. නමුත් අපේ ජනාධිපති ඊට වඩා වෙනස්...

:       0       0

Sarojini Tuesday, 14 May 2019 01:31 PM

ආසියානු ශිෂ්ටාචාරය සඳහා සම්මේලනයට ගිය එකම රාජ්‍ය නායකයා අපේ මිනිහා තමයි. අනිත් ඔක්කොම නිලධාරීන්... කාටද මේ නාඩගම්?

:       0       0

chandima Tuesday, 14 May 2019 02:51 PM

මොනවද මේ කලබලෙන් ගිහින් ගහපු ගිවිසුම්..? පුද්ගලික ගිවිසුම් නෙමෙයිනේ, රට වෙනුවෙන් රටේ ජනතාවගේ නියෝජිතයා හැටියට ගිහින් ගහපු ගිවිසුම්නේ, ගියෙත් මහජන මුදලින්නේ, ඉතින් ජනතාවට විස්තර කියන්නේ නැතිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 118 0

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 47 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 402 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 577 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 324 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 267 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site