IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණ පනත් නඩුවේ වැඩිදුර විභාගය කල්යයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

හෙළි නොකරන ආකාරයකින් රුපියල් කෝටි තුනක මුදලක් උපයා ගත් බවට පාර්ලිමෙන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන වසරේ පෙබරවාරි මස 10 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (14)  නියම කළේය.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සළකා බැලු විනිසුරුවරයා එලෙස නියම කළේය.

2013 ඔක්තොම්බර් මස පළමුවැනිදාත් 2014 අගෝස්තු මස 31 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගණුදෙණුවකදී අයුතු ලෙස මුදල් උපයාගැනීමට කුමන්ත‍්‍රණය කිරීම, ඒ අනුව රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් බවට මුදල් විශුද්ධීකරණ පණත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා  එකොළහක්  යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

එලෙස හෙළි නොකරන ආකාරයකින් හා අයථා ලෙස උපයන ලද රුපියල් මිලියන 30ක මුදලකින් ‘‘හෙලෝ කෝප්’’ ආයතනය මිලදී ගෙන ඇති බවටද නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව වැඩිදුරටත් චෝදනා නගා තිබිණි.

දුෂණ විරෝධි පෙරමුණේ  කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශයට කරන ලද පැමිණිල්ලකට  අනුව කරන ලද විමර්ශණයකින් අනතතුරුව නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

පාර්ලිමෙන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා, පවිත‍්‍රිකා සුජානි බෝගොල්ලාගම, ගුවන් සේවිකාවක් වු නිත්‍යා සේනානී  සමරනායක, ඔරනෙල්ලා ඉරේෂා සිල්වා සහ ඉන්දික ප‍්‍රභාත් කරුණාජීව නමැත්තන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී නඩුවේ විත්තිකරුවෝ හා සාක්කිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් වැඩිදුර විභාගය ලබන වසරේ පෙබරවාරී මස 10 වැනිදා දක්වා කල් තැබීමට නියම කළ විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.

විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥවරුන් වන සම්පත් මෙන්ඩිස්, ගනේෂ් ධර්මවර්ධන සහ ජීවන්ත වීරසිංහ යන මහත්වරුන් සහ  ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා ඇතුළු නීතීඥ කණ්ඩායමක් පෙනී සිටියහ.

 

 



අදහස් (7)

නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණ පනත් නඩුවේ වැඩිදුර විභාගය කල්යයි

Rata Perata Monday, 14 October 2019 12:26 PM

රාජපක්ෂලාගේ නඩුවලට හැමදාම බාලගිරි දෝෂේ තමයි.

:       0       281

Sampath Monday, 14 October 2019 12:34 PM

නඩු ටික නම් කල් යනවා සුපිරියටම...

:       0       203

laal Monday, 14 October 2019 12:50 PM

මේවට තමයි කියන්නේ රබර් නඩු කියලා... කවදාවත් ඉවර වෙන්නෑ.. ඔහේ ඇදෙනවා..

:       0       125

Chathuri Monday, 14 October 2019 02:02 PM

පුදුම නඩු ඇහිල්ලක්... ලබන පෙබරවාරියට කල්දැම්මේ දැන් තීන්දුව දුන්නොත් ජොබ් එක සුන් නේද? ඒ නිසා ඡන්ද ප්‍රතිඵල බලලා, ජනපතිත් බලලා නැවත කඩේ යමු අනේ... කම්බ හොරුන්ගේ නඩු බල්ලට දමලා, ඉඩම් නඩුවක් අරගෙන ඉවරයක් කර දමන්න අසරණ ජනතාව බලන් ඉන්නවා ඉඩම් නඩු ඉවර වෙනකම්... අධිකරණ වහලා කැකිල්ලේ රජ්ජුරුවෙක් හදාගත්තා නම් හොඳයි මිනිසුන්ට...

:       0       329

සෙනෙවිරත්න Monday, 14 October 2019 03:40 PM

62 ලක්ෂයක් ඉල්ලූ සාධාරණයට පයින් ගැසූ රනිල් මෛත්‍රී සුසංයෝගය භංගවේවා !!!. ගෝඨා මැතිඳු රජවේවා...!!!

:       308       35

Don Monday, 14 October 2019 05:53 PM

මේවා කඩල නඩු. කවදාවත් අහන ඒවා නොවෙයි

:       0       19

ravi Monday, 14 October 2019 07:02 PM

නාගානන්ද බලයට ආවොත් මේ කට්ටියම ගෙදර.

:       8       315

ඔබේ අදහස් එවන්න

දියත

මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 65 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 211 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 246 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 556 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 198 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 378 2

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site