IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඥානසාර හිමි ගොනු කළ පෙත්සම ජුනි 09 සලකා බලයි

 ( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා  කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්  තරග කිරීමට. තම නායකත්වයෙන් යුතු  "අපේ ජන බල පක්ෂයේ  "  අපේක්ෂකයන්  ඉදිරිපත් කල නාම යෝජනා පත  ප්‍රතික්ෂේප  කිරීමට  දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා  ගත් තීරණය  බල රහිත  කරන්නැයි ඉල්ලා  බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම්  පූජ්‍ය ගලගොඩ අත්තේ ඤානසාර හිමියන් ඇතුළු පිරිසක්  විසින්  ගොනු කර තිබූ රිට් පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සදහා  ජූනි මස 09  වැනිදා කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21)  තීරණය කළේය.

මෙම රිට් පෙත්සම එල් . ටී. බී  දෙහිදෙනිය, ප්‍රීති  පද්මන්  සූරසේන, ගාමිණී අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ    කැඳවූ අතර එහිදී පෙත්සම මෙදින  කැඳවීමට තීරණය විය.


ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ  මැතිවරණයට තරග කිරීම සදහා අපේ ජන බල පක්ෂයේ නාම යෝජනා පත ප්‍රතික්ෂේප කිරීම නීතිවිරෝධී බව  පවසමින් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක්   මෙම පෙත්සම ගොනු කළහ 


මැතිවරණ කොමිසම එහි  සභාපති මහින්ද දේශප්‍රිය ,එහි සාමාජිකයන් වන ජනාධිපති නීතීඥ නලීන්  අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරීවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.


මෙම පෙත්සම විභාග කර  තීන්දුවක් දෙන  තෙක්  කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී වරුන් තෝරා ගැනීමට මැතිවරණය පැවැත්වීම වලක්වන  නියෝගයක්  නිකුත් කරන ලෙස  ද පෙත්සම් මගින්  ඉල්ලා ඇත.


පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්  තරග කිරීමට ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන් ඇතුළු   අපේ ජන බල පක්ෂයේ  අපේක්ෂකයන්  ගේ නම් ඇතුලත් නාම යෝජනා පත මාර්තු මස 19වැනිදා   දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත ලබා දුන් බව පෙත්සමෙහි  සදහන් වේ.

එහෙත් එම නාම යෝජනා පත ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරීවරයා කටයුතු කළ අතර එම නාම යෝජනා පත්‍ර සමග ලබා දුන්  දිව්රුම්  පෙත්සමක දෝෂයක්  නිසා  නාම යෝජනා පත ප්‍රතික්ෂේප කල බව පෙත්සම්කරුවෝ කියා සිටිති.


එහෙත් එවැනි  හේතුවක් මත නාම යෝජනා පත ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීවරයා ට බලයක් නැති බවට පෙත්සම මගින්  පෙන්වා දී ඇත.

එබැවින් එම නාම යෝජනා පත ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය ද නීතිවිරෝධී බවට තීන්දු කරන ලෙස  පෙත්සම මගින් ඉල්ලා ඇත.



අදහස් (2)

ඥානසාර හිමි ගොනු කළ පෙත්සම ජුනි 09 සලකා බලයි

Prabha Thursday, 21 May 2020 11:19 AM

උන්නාන්සේ තවම ඉන්නවද? බැලුවේ මොකද සද්දයක් නැත්තේ කියලා..

:       0       0

Nandalal DE SILVA- France Friday, 22 May 2020 12:03 AM

ඔව්, උන්වහන්සේ තවම යහතින් ඉන්නවා. මේ ලඟදී පැරිස් නගරයේ ඉන්නවා දැක්කයි කියා මගේ යාලුවෙක් මට කීවා. නමුත් හරි දිනය නම් මට මතක නැත. කෝවිඩ් 19 එක නිසා කටුනායක ගුවන් තොටුපොල lock down කරන්න ඉස්සර උන්වහන්සේ ආපසු ගමරට බලා වැඩම කරන්න ඇති.... සිය නඩුවේ වැඩකටයුතු එකලස් කිරීම සඳහා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 130 0

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 50 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 416 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 591 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 332 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 269 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site