IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


අනතුරකින් අරුන්දිකට සුළුතුවාල

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පල්ලම සේරුකැලේ ප්‍රදේශයේදී වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ගමන් කරමින් තිබූ ජීප් රථය අද (20) උදෑසන  පෙරළී යාමෙන් ඇමතිවරයා ඇතුළු 04 දෙනෙකු සුළු තුවාල ලබා ඇතිබව පල්ලම පොලිසිය පවසයි.

රාජ්‍ය ඇමතිවරයා මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගම සමග පිළිසදරක් වැඩසටහන පැවැත්වෙන කරුවලගස්වැව නෙළුම්ගම බලා ගමන් කරමින් සිටියදී බව පොලීසිය පවසයි.

රාජ්‍ය ඇමතිවරයා අද (20) උදෑසන මෙසේ අනතුරට ලක්වී ඇත්තේ ආණමඩුව හලාවත මාර්ගයේ සේරුකැලේ වංගුව ආසන්නයේදී බව කියයි.

අනතුරින් අමාත්‍යවරයා ගමන් ගත් වාහනය වංගුවේ දී මාර්ගයෙන් ඉවතට පෙරළී යාමෙන් පසු ජීප් රථයට බරපතල හානි සිදුව ඇති අතර ඇමතිවරයා ඇතුලු ඇමති ආරක්ෂක හා රියදුරුගේ ජීවිත බේරී ඇත.

අනතුරින් පසුව සුළු තුවාල ලබා සිටි රාජ්‍ය ඇමති වරයා වෙනත් වාහනයකින් ජනාධිපතිවරයාගේ ගම සමග පිළිසදරක් වැඩසටහනට ගොස් ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූ සෙසු පිරිස හලාවත රෝහලට ඇතුළත් කර ඇති බවද වාර්තාවෙයි .



අදහස් (15)

අනතුරකින් අරුන්දිකට සුළුතුවාල

sachith Saturday, 20 February 2021 06:44 AM

කොරෝනා අස්සේ අලුතින් වාහනයක් ගන්නත් අපේ සල්ලිවලින් පරිපූරක ඇස්තමේන්තුවක් දායි හෙට අනිද්දා...

:       3       97

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 20 February 2021 06:52 AM

අර හොර ආණ්ඩුව පිහිටවපු කාලේ බයිබලය පොළොවේ ගැසුවේ කවුද දන්නේ නැහැ...

:       4       64

Rata Perata Saturday, 20 February 2021 09:00 AM

කෙනෙක්ගේ පිළිසඳරට අපේ සල්ලි විනාශ කරගෙන 500ක් යනවා. මේ රට කවදා මේ ජරා ක්‍රමයෙන් මිදෙයිද? අපේ සල්ලිවලින් දුන්නු වාහන විනාශ කළ එක ගැන පරීක්ෂණයක් කළ යුතුයි.

:       6       78

Raveendra Saturday, 20 February 2021 09:25 AM

පැයට කිලෝ මීටර 10, ඒ වගේ වේගයෙන් ගිහින් මේ උන්දෑව වංගුවේදීම පෙරළුණේ කොහොමද? කව්රුහරි කඩාකප්පල්කාරයන් ටිකක් හෙමින්ම පාරේ යන නිසා මේ පතෝල මැස්ස අල්ලලා පෙරලන්න ඇති... පව්!!! අහිංසකයාගේ දුප්පත් වාහනේ.. මුන්දෑට අපි කියන්නේ අලුත් වාහනයක් ඕනේ කියලා අඬනවා එහෙම නොවේ හරිද? ඔය දැන් පෙරළුණු වාහනේ ගන්නත් අපිනේ... මේ හිඟන්නට සල්ලි දුන්නේ... පිනට ලැබුණු දේවත් වගකීමෙන් පාවිච්චි කරන්න බැරි හරක් ජාතියක්...

:       1       73

විපරමා Saturday, 20 February 2021 10:32 AM

හෙට, අනිද්දා වෙනකොට අලුතින් වාහනයක් ගන්න බැරිවෙන එකක් නැහැ. දේශපාලකයින්ට අපිට වගේද, හතර මහා නිධානේ පහළ වෙනවා කියන්නේ නිකම්ද?

:       0       0

Nihal Nawaratne Saturday, 20 February 2021 10:35 AM

සොබාදහම රැකගන්න යන්න ඇත්තේ සොබාදහම ආශීර්වාද කරලා වගේ...

:       0       1

Wije Saturday, 20 February 2021 10:37 AM

අපරාදේ වාහනේ...

:       0       0

Nihal Nawaratne Saturday, 20 February 2021 10:38 AM

සොබාදහම රැකගන්නනේ යන්න ඇත්තේ... සොබාදහම ආශීර්වාද කරලා.

:       0       0

WCA Saturday, 20 February 2021 01:21 PM

සාමාන්‍යයෙන් පොඩි මිනිහෙක් අනතුරක් වුණා නම් වරද කෙසේවෙතත් රියදුරු කූඩුවට දාන නීතිය මෙයාගේ රියදුරුටත් එහෙමද කියලා කියන්න හොඳේ..

:       1       2

Don perera Saturday, 20 February 2021 01:59 PM

අපි තවත් එකක් අරන් දෙමු... පව්නේ..

:       0       0

chandima Saturday, 20 February 2021 02:36 PM

දැන් ආයෙත් මහජන මුදලින් අලුත් වාහනයක් අරන් දෙන්න වෙනවා.

:       0       0

Perera Saturday, 20 February 2021 06:20 PM

මෙයාලාට ජීප් රථ වෙනුවට හෙළිකොප්ටර් දුන්නානම් හරි හිතේ හැටියට ඉගිල්ලෙන්න. පාරේ යන මහජනතාවගේ ජීවිතවලටත් අවදානමක් නොකර...

:       0       0

Kamal Sunday, 21 February 2021 02:42 AM

ඡන්දෙ ඉල්ලන කාලේ හමුවෙන්න යන හැම පුද්ගලයෙකුටම මෙයා රුපියල් 2000 ගානේ දුන්නා. දැන් ඒවා වැල් පොලියත් එක්ක ගන්නවා කියලා මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ.

:       0       0

මවුබිමේ අනාතයා Sunday, 21 February 2021 03:01 AM

පේනවානේ වේගය... වෙන වාහනයක් ආවා නම් ...!!!

:       0       0

fairoos Sunday, 21 February 2021 07:33 AM

99න් බේරුණා... මේවා හොඳ පාඩම්...!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සමාජ මාධ්‍යයෙන් අපහාස කළැයි යුද හමුදාපති අධිකරණයට යයි
2024 මැයි මස 07 1034 0

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍


ජාඇළ කම්හලක ගින්නක්
2024 මැයි මස 07 186 0

ජාඇල ඒකල ප්‍රදේශයේ ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදනා ආයතනයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කම්හලට මහත් හානියක් සිදුවී ඇතැයි ජාඇළ පොලිසිය කියයි.


දයාසිරි - වලේබොඩ කී ප්‍රශ්නයක් විසඳන්න ජනපති මැදිහත් වෙයි
2024 මැයි මස 07 1335 0

රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි කුරු


පරාටේ තහනම් නීතිය සම්මතයි
2024 මැයි මස 07 1013 0

ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින්


ෆවුසිගේ පුතා අත්අඩංගුවට
2024 මැයි මස 07 125 0

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච්. පවුසි මහතාගේ පුත්‍රයාව අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.


සි .අයි. ඩි බුද්ධි නිලධාරීන් යොදවා කළ සැලසුම අතේ පත්තුවෙයි
2024 මැයි මස 07 109 0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ගේ අවසරයකින් තොරව මහරගම පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේ රජයේ කොන්ත්‍රාත්කරුවකුගේ නිවසට ගොස් කොන්ත්‍රාත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 547 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2000 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1774 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site