IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


සි .අයි. ඩි බුද්ධි නිලධාරීන් යොදවා කළ සැලසුම අතේ පත්තුවෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ගේ අවසරයකින් තොරව මහරගම පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේ  රජයේ කොන්ත්‍රාත්කරුවකුගේ නිවසට  ගොස් කොන්ත්‍රාත්කරුගේ  පුතු  මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නෙක් බවට  ඔහුගේ බිරිඳ බිය ගැන්වූ එම දෙපාර්තමේන්තුවේ බුද්ධි ඒකකයේ කොස්තාපල්වරුන් දෙදෙනාගේ රාජකාරී වැඩ තහනම් කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

මෙම කොස්තාපල්වරුන් දෙදෙනා සමඟ පසුගිය මස 29 වැනි දින එම නිවසට ගොස් මෙම බිය ගැන්වීම කර තිබේ.

එම කොස්තාපල්වරුන් සමඟ සිද්ධියට සම්බන්ධ වරාය අධිකාරියේ සේවය කරන පුද්ගලයෙකු  මෙන්ම  ඔවුන්ට මෙම කොන්ත්‍රාත්තුව භාරදුන් පුද්ගලයාද තලවතුගොඩ ප්‍රදේශයේ හෝටලයක මත්පැන් පානය කරන බවට  මහරගම පොලිසියට ලද තොරතුරක් අනුව එහි ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ වන විට බුද්ධි නිලධාරීන් දෙදෙනා ද පලා ගොස් තිබු බව පොලීසිය කියයි.

පන්නිපිටිය දෙපානම රජයේ කොන්ත්‍රාත්කරුගේ පුතු  මාලබේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ දියණියක් සමග පෙම් සබඳතාවයකින් අනතුරුව විවාහ වී සිටින අතර එම  විවාහයට  තරුණියගේ පාර්ශවයේ මව්පියන් මුල සිටිම දැඩිව අකමැත්ත ප්‍රකාශ කරන බැවින් තරුණිය සිය තනි කැමැත්තට විවාහ වී තිබූ බව පොලිසිය කියයි.

මෙම සිද්ධිය හේතුකරගනිමින් තරුණියගේ පියා ෙඅපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ බුද්ධි නිලධාරීන් දෙදෙනකු  තරුණයාගේ නිවසට එවා ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නෙක් බවට චෝදනා කර  ඔහු නීතියේ රැහැනට හසුකර  දීමට සැලසුම් කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා අසනීප නිවාඩු වාර්තාකර තවමත් සේවයට පැමිණ නැතැයි උසස් නිලධාරියෙක් සදහන් කළේය. 



අදහස් (0)

සි .අයි. ඩි බුද්ධි නිලධාරීන් යොදවා කළ සැලසුම අතේ පත්තුවෙයි

ඔබේ අදහස් එවන්න

දියත

පුත්තලම යටවේ
2024 මැයි මස 19 95 0

මහ වැසිත් සමග පුත්තලම දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් පවුල් 5000 ක පුද්ගයන් 19128 ක සාමාජීක පිරිසක් පිඩාවට පත්ව ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේ


ආර්ථික පරිවර්තන පනත 22 මැතිසබයට
2024 මැයි මස 19 204 0

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ලබන 22 වැනිදා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.


කිරිඇල්ල කියන නොසන්ඩාලයා කවුද
2024 මැයි මස 19 1638 3

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් සම්බන්ධවූ මන්ත්‍රීවරුන් අතර සමග ජන බලවේගයේ සමගියට බාධා කරන කිසිම හැදියාවක් නැති නොසන්ඩාල කඩාකප්පල්කාරීන්ද සිටින බව විප


අගමැති සුනාක් චාල්ස් රජුත් පරදයි
2024 මැයි මස 19 1834 1

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ ඔහුගේ බිරිඳ අක්ෂාටා මුර්ති තෙවැනි චාල්ස් රජුටත් වඩා ධනවත් බව එරට සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.


විවාදයට සජබ දින දෙයි
2024 මැයි මස 19 1590 8

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබේ.


ඉරාන තානාපතිට පහරදීමක්
2024 මැයි මස 19 1813 4

ඉරාන තානාපති ආචාර්ය ඩෙල්ක්‍රොෂ් (A Delkhosh) මහතාට පහරදී , අනතුරකට ලක්කළ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 800 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2354 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2019 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site