(රෝෂන් තුෂාර)
අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (07) නඩු පැවරීය.
නීතිඥ එම්. මොහොමඩ් ෆර්ෂාන් මහතා මගින් ඉදිරිපත් කළ මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස තුෂාර සාලිය රණවක ඇතුළු තිදෙනකු , ඇමරිකාවේ යුටියුබ් ආයතනය සහ ගූගල් සමාගම නම්කර ඇත .
මාර්ගස්ථ ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය ප්‍රකාරව( සමාජ මාධ්‍ය පනත යටතේ)මෙම පැමිණිල්ල ගොනුකර ඇති අතර වගඋත්තරකරුවන්ට අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කිරීමට සිතාසි නිකුත් කරන ලෙසත් තමාට අපහසු වන අයුරින් ප්‍රචාරය කරන ලද වීඩියෝ පටය තවදුරත් ප්‍රචාරය කිරීම තහනම් කරන ලෙසත් පැමිණිල්ල මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත .
සෞදියේ සල්මාන් රජු අසනීප තත්ත්වයකින් පසුවෙයි. රජුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් පවසන්නේ, රජු දැඩි උණ රෝගී තත්ත්වයකින් පසුවන බවත්, හන්දි වේදනා සහ මස්පිඩ්
මහ වැසිත් සමග පුත්තලම දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් පවුල් 5000 ක පුද්ගයන් 19128 ක සාමාජීක පිරිසක් පිඩාවට පත්ව ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේ
ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ලබන 22 වැනිදා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් සම්බන්ධවූ මන්ත්‍රීවරුන් අතර සමග ජන බලවේගයේ සමගියට බාධා කරන කිසිම හැදියාවක් නැති නොසන්ඩාල කඩාකප්පල්කාරීන්ද සිටින බව විප
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ ඔහුගේ බිරිඳ අක්ෂාටා මුර්ති තෙවැනි චාල්ස් රජුටත් වඩා ධනවත් බව එරට සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සමාජ මාධ්‍යයෙන් අපහාස කළැයි යුද හමුදාපති අධිකරණයට යයි
Small man - Fake ego Wednesday, 08 May 2024 12:06 AM
ඔබ ඇත්තටම විශ්වාස කරන්නේ ගූගල් මේ රටේ සිටින පුද්ගලයා ගැන සැලකිලිමත් වන බව ද? හාස්‍යජනක!!!
Lanka U newsWednesday, 08 May 2024 01:00 PM
මේ අපගේ ආයතනයේ ප්‍රධාණියා විසින් ලබාදුන් AI නමකි. මෙහෙම අයෙක් අප හා සම්බන්ධ නැත.
Perera Wednesday, 08 May 2024 12:28 AM
හොර තක්කඩි වැඩ ප්‍රසිද්ධ වෙනකොට කවුරු වුණත් කැමති නෑනේ
පිටිගල මිලානෝ Wednesday, 08 May 2024 08:57 AM
රටේ බදු මුදල් වලින් නඩත්තු වන පුද්ගලයෙක් ගෙන් අවැඩක් සිදුවේ නම් එය පෙන්වාදීම සමාජ වගකීමක් වන අතර එවන් වංචනිකයන්ට නඩුදමා ගැලවෙන්න රටේ නීති සකසා නැත.
අරවින්ද මොනරවිල Wednesday, 08 May 2024 09:41 AM
වර්තමාන යුධ හමුදාපතිට කරන්න යුද්ධයකුත් නැති නිසා ආරක්ෂා කරන්න රටකුත් ඉතිරිවෙලා නැති නිසා සමාජ මාධ්‍ය එක්ක හරි රංඩු කෙරුවාදෙන්, අපි බලමු උසාවි තීන්දුව මොකක් කියලා.....
මැක්ස් Wednesday, 08 May 2024 11:16 AM
සමාජ මාධ්‍ය දැලි පිහි අතට ගත් වඳුරන්ට උසාවියෙන් දඬුවමක් ලැබෙනවා නම් සාමකාමි ජනතාව කැමැති වෙයි. එසේම එය මෙවැනි තුට්ටු දෙකේ මඩ අවලාද වලට උඩ ගෙඩි දෙන කොමෙන්ට් අප්පුලාටත් එය හොඳ පාඩමක් වෙයි...
Jayantha Wednesday, 08 May 2024 12:35 PM
ඔවුන් අපේ බදු මුදලින් පඩි අරගන්නවා නම්, ඔවුන් කරන තක්කඩි වැඩ ගැන හෝ ඔවුන්ගේ හැසිරීම් ගැන මහජන විවේචන බලාපොරොත්තු වෙන්න වෙනවා...!