(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඇතුළු පක්ෂය වෙනුවෙන් දිවිපිදු සියලු සාමාජිකයන් සිහි කරමින් පැවැත්වූ ‘28 වැනි ඉල් මහ විරු සැමරුම’ කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී අද පැවැත්විණ.
ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජික සාමාජිකයන් ඉල් මහ විරුවන්ගේ ස්මාරකය වෙත පුෂ්පෝහාර දැක්වීමෙන් පසු පහන් දල්වා ඔවුනට ගෞරවය දැක්වූහ.
දිවිපිදු අයගේ පවුල් වල සාමාජිකයෝද තම සහෝදර සහෝදරියන් සිහිකරමින් පුෂ්පෝහාර දැක්වූහ.





COMMENTS
ජවිපෙ වාර්ෂිකව මේ කරන්නේ වාමාංශික අදහස් ඇති අවංක ජනතාව ගොනාට ඇන්දවීමක්. රෝහණ විජේවීර මහතා බිත්තියේ හප්පා ඔහුගේ ප්‍රාණය නිරුද්ධ වීමටත් පෙර කොළඹ කනත්තේ අාදාහනාගාරයේ උඳුන මතට වීසිකර අමුඅමුවේ ඔහුව එදා පුළුස්සා මරා දැමු බව කවුරුත් දන්නවා.. එම ඝාතනය ඇතුළු දහස් ගණනක් තරුණයන් වෙඩි තබා අමු අමුවේ පුළුස්සා කපා කොටා මරා දැමු එම දුෂ්ට පක්ෂයේ නායකයන් සමග ජේවීපිය අද හැඳි ගෑරුප්පුවලින් බාල් කනවා. අපි අන්තර්ජාලයෙන් දකිනවා. එම මිය ගිය තරුණ තරුණියන් ඔවුන්ගේ මිනීවළවල් තුල ඉඳිමින් ජවිපයට ශාප කරනවා නොඅනුමානයි. රෝහණ විජේවීර මහතාට හැබෑ ගෞරවයක් ජවිපයට ඇත්නම් ඔහු වෙනුවෙන් අඩු ගණනේ ස්මාරකයක්වත් ඉදිකරන්න සුදානමක් නැත්තේ ඇයි? එම මහතාගේ සිරුර ආදාහනය කොට ඉතිරිවූ අළු ටිකවත් බලන්න වත් ජවිපෙ නායකත්වය අදවෙන තුරුවත් නොගිය බව එම අළු ටික ආරක්ෂිතව තවමත් තබාගන සිටින එදා විජේවීර මහතාව ආදාහනය කල අවස්ථාවේ අදහනාගාරයේ බාරකරු ලෙස කටයුතු කල පුද්ගලයා මේ මැතකදීත් කියා තිබුණා. ජවිපෙ කාවද මේ රවට්ටන්න හදන්නේ?
රංජිත් කාටද කඩේ යන්නේ?
මේක තමයි සමානාත්මතාවය. එදා රෝහණ විජේවීර මහතාත් අනෙකුත් පක්ෂ සාමාජිකයෝත් යහපත් සමාජයක් බිහිකිරීම උදෙසා රට වෙනුවෙන් දිවිපිදූ අය සේ පොදුවේ සැලකීම වඩා සාධාරණවේ. ප්‍රතිමා අඹනවා නම් මේ සියල්ලගේ ප්‍රතිමා ඇඹිය යුතුවේ. එය කල හැක්කක් නොවේ. බලන්න මෙතැන වුණත් අනුරකුමාර මහතාට නායකයා කියා විශේෂයක් කර නොමැත.
මාරුවෙන් මාරුවට අපි එකම පක්ෂ දෙක බලයට පත්කළා ඇති. මොවුන්ටත් එකවරක් ලබාදී බලමු.
සමාජවාදය ... 30,000 තරුණ ජිවිත...
රටේ සිංහල තරුණ පරපුර විනාශ කල වර්තමානයේ උගත් තරුණ පරපුර විනාශකරමින් සිටින, රට වනසන මේ සැමරුම අපි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු!!!
ජ වී පෙ එකෙන් මරපු අහිංසක මිනිස්සුන්ටත් උපහාර දක්වුවනම් හොඳයි
එතකොට මේ අය මරපු අහිංසක ජනතාව ගැන කවුරුවත් නැහැ කදුළු හෙලන්න... උපහාර දීලා සිහිකරන්න...
මේ අයට.p සමරන්නට දෙයක් නැත.ඇත්තේ රනිල්ට කඩේ යෑම පමණකි.රෝහණ විජේවීරගේ ප්‍රතිපත්ති අනුර කුමාර විකුණා හමාරය.රැවුලට,රතු පාට තොප්පිය සහ ඇඳුම ප්‍රතිපත්තිය නොවේ. මුදලට වහල් වී වැඩ කරන එක තමයි මොවුන්ගේ උප්පරවැට්ටිය.
මිනීමරුවා රෝහණ අමු අමුවෙන් සිංහල තරුණ කොල්ලන්ව මැරුව
ජවිපෙ වයසට ගොස් ඇත. තවදුරටත් තරුණයන්ගේ පක්ෂයක් නොවේ
මෙයාල මෙහෙ විජේවීර සමරනවා. හැබැයි විජේවීර මහත්මිය ඉන්න තැනක් නැතුව ඉන්නවා. නිකම් ලෝකෙට පෙන්න විතරයි සැමරුම්.
මරපු මිනිස්සු සමරන්නේ කවද්ද?
එතකොට මේ ගොන් හැත්ත මරපු මිනිස්සු සිහි කරන්නේ කවුද?. මුන්ගේ මිනී මරුවො විතරද මතක් වෙන්නෙ.
ත්‍රස්තවාදියා සිංහල දෙමල හෝ වෙනත් ජාතික වෙන්න පුළුවන්, මුන් සැවොම කඩාකප්පල්කාරී මිනීමරුවෝ! මෙවැනි සමරු උතුරේ වගේ දකුණේත් තහනම් කරන්න ඕනේ.
තරුණ තරුණියන් 30000ක් වලපල්ලට යවපු අයයි උන්ගේ අනුගාමිකයොයි ඉඳගෙන ඉන්න ලස්සන බලපල්ලකො පූස් පැටව් ටිකක් වගේ. ඔහොම විනයක් තිබුනනම් 71, 88-89 අද මේ ගොල්ලො තුන්වැනි බලවේගයක්.
මේ ගොල්ලොත් ත්‍රස්තවාදි කල්ලියල් පක්ෂයක්.ප්‍රභා කරන්ට සමානව මෙයාලත් මිනි මරුවා රටේ දේපොළ විනාස කලා.එතකොට ඇයි මෙයාලට විතරක් මෙහෙම සමරන්න දෙන්නේ ?ප්‍රභාකරන්ව සහ සගයන්ව සමරනකොට ත්‍රස්තවාදි කොටි කියල තහනම් කරනවා. දෙකම තහනම් කරන්න ඕනි.සිංහල කොටි සහ දෙමල කොටි දෙකම එකයි.අහිංසක මහා ජනතාවට දුන්න දුකක් මේ අය
මරපු මිනි කන්දරාව අනුව විජේවීර හතර අපායේ දැන් දුක්විදිනව ඇති, සමරු නොතිබ පුණ්‍ය කටයුත්තක් වත් කෙරුවනම් ලබන භවයකදිවත් අපාදුකින් ගැලවෙන්න.
මෙයාලා කියන එක අහනවා නම් ප්‍රගතිශීලි නැත්නම් හැමෝම ප්‍රතිගාමියි. අනේ පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මැරුණු මිනිස්සුන්ට අටපිරිකරක් දීලා සාංඝික දානයක් දීලාඉන්න... ඊට පස්සේ සමරගන්න පුළුවන්. මෙයාලාට තාජුදීන් තරම් විජේවීර වටින්නේ නැහැ.... කරන කියන දේවල් අනුව නම් පේන්නේ..