ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මහජනතාව දැනුම්වත් කරමින් අත්පත්‍රිකා බෙදා දීමක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී අද (02) සවස සිදුකෙරිණි.
එම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් , සුනිල් හඳුන්නෙත්ති කේ.ඩී. ලාල් කාන්ත යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර




COMMENTS
මේ රටේ පළමු ජනාධිපතිවරණයේ සිට අද දක්වා වූ ජනාධිපති අපේක්ෂකයන්ගේ (ජේ.ආර්.ජයවර්ධන හා රණසිංහ ප්‍රේමදාස හැර) ප්‍රමුඛතම පොරොන්දුව වූයේ විධායක ජනාධිපති ධුරය අහෝසී කිරිමය. නමුත් බලයට පත් එකදු ජනාධිපතිවරයෙක්වත් තම පාලන කාලය තුළ මෙම පොරොන්දුව ඉටු නොකලද මේ රටේ බහුතරය විධායක ජනපති ක්රමයේ ආනිසංස අත්විඳ ඇති නිසා ඔවුන්ගේ විශ්වාසය හා පැතුම වී ඇත්තේද විධායක ජනපති ක්‍රමය අහෝසිකර අගමැති ප්රමුඛ කැබිනට් මණ්ඩලයට බලය හිමිවන පාලන ක්‍රමයක් වන අතර එදා විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ වූ හා අද පක්ෂවන අය පෙන්නුම් කරන්නේ තමන්ගේ දේශපාලන අවස්ථාවාදයේ නිරුවතයි...
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන් අද රටේ තිබෙන ප්‍රශ්න විසඳෙනවද? මේවා නිකම් අර්ථයක් නැති වැඩ. විසිවැනි සංශෝධනය ඉල්ලා අද නහයෙන් අඬන්නේ, පෙනෙන තෙක් මානයකවත් ජනාධිපතිවරණයකින් දිනිය හැකි අපේක්ෂකයන් නැති දේශපාලන පක්ෂ පමණයි.
අනේ රතු මල්ලිලා අර ඇමති නෝනා කෙනෙක් කියල තියෙන වාක්‍ය ටික කියෙව්වද ? මේ පත්තරේම තියෙනවා. ඒගැන මොනවද රතු බබාලා කියන්නේ? ඔහෙලගේ හිටපු නායකයා ගැනත් දැන්වත් බැලුවොත් හොඳා වෙච්චදේ ගැන අඩුතරමින්.. පාරවල් ගානේ කුඩුකාරයෝ වගේ රස්තියාදු ගහන්නේ නැතිව අපේ බදුමුදල් වලින් ඔහෙලත් තුන් වෙලා ගිලිනවා නේද? කන්න බත් පතටවත් රට වෙනුවෙන් වැඩක් කරන්න තාමත් හිත දෙන්නේ නැතුව වගේ නේද?
20 සංශෝධනය පළාතටවත් ගන්න එපා. ජවිප කාරයින් පණ බයේ ඉන්නේ ඝෝඨාභයට. විධායක ජනාධිපති එපා කියමින් මෙයාලා කරන්නේ දෙමළුන්ගේ කොන්තරාත්තුවක්...
මම ගම්මන්පිලට කඩේ යනවා නෙවයි. ජේ .වී. පෙ අය කටවල් වැහිලා තියෙන්නේ ගම්මන්පිල අහන ප්‍රශ්නවලට. පොඩ්ඩක් ඒවාට උත්තර දෙන්න.
ජ.වී.පෙ මොනවාද අද කරන්නේ. සිරිකොතට කඩේ යන එක නේද? ලැජ්ජයි. පුලුවන්නම් විජේවීරට වූ දෙය සොයා බලනු.!
මේවා දැන් කොරල වැඩක් නැහැ. රටේ ආර්ථික ප්‍රශ්න විසදන්න ඕනි.
උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන දෙමළ ජනතාවට භීතියකින් තොරව නිදහසේ ජීවත් වීමට නම් එල්.ටී.ටී.ඊ සංවිධානය යළි හිස එසවිය යුතු යැයි වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය අද පැවසුවාය.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේතු මන්ත්‍රී වරු 06 දෙනාට මාසික දීමනා වශයෙන් රු. ලක්ෂ 30 ඉක්මවන මේ රටේ අහිංසක අසරණ දරිද්‍රතාවයෙන් පෙලෙන වැසියන් ගේ බදු මුදල් ලබාගන්නවා. සාමාන්‍ය රජයේ සහ අනිකුත් සේවකයින් මාසේ පඩිය ගන්න 25 වෙනිදා වෙන කල්ම කඹුරන්න ඕනි. නමුත් මේ සමාජවාදී අලසයින්ට තම දීමනාව සෑම මසක ම පළවෙනිදා උදේ 12.00 ට පෙර බැංකුවෙන් ලබා ගන්න පුළුවන්. පාර්ලිමේන්තු මහජන දන්සලෙන් හිටු කියල බුක්ති විදිනවා. මේ රටේ අද දිවා ආහාරය තියා එක වේලක්වත් කන්න නැති අය කොච්චර ඉන්නවද? තමන්ට ලැබෙන එක පාර්ලිමේන්තු කෑම පාර්සලයක් මේ ගොල්ල එක අහිංසකයෙකුට දෙනවා දැකපු කෙනෙක් නම් අසා නෑ. දැන් කෝ මේ ගොල්ලන්ගේ උත්තරීතර සමාජවාදය? මේ බලකාය තව කොච්චර කාලයක් මේ වගේ නඩත්තු වෙයිද?
විධායක ජනාධිපති ක්‍රමේ අහෝසි කරලා විධායක අගමැති ක්‍රමේ ගෙන්න කඩේ යන විදිහ දැක්කම හරිම සතුටුයි.
අනේ මල්ලිලා ඔයකොලයක් මටත් පාරේදී බෙදන්න් එන්නකෝ කනේ අන්ගිලිගහගන්න කියන්න.