(ඡායාරූප චතුර එස් .කොඩිකාර )
කොළඹ ෆාතිමා මුස්ලිම් බාලිකා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී අද (28) පැවැත්විණි.
මෙහිදී ජනාධිපතිවරයා විසින් එම පාසලේ සිසු දැරියන්ගේ දක්ෂතා අගයමින් සමරු තිලිණි පිරිනැමු අතර ෆාතිමා මුස්ලිම් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ශෙහාරා අස්ලාම් මහත්මිය විසින් ජනාධිපති වරයා වෙත සමරු තිළිණයක් පිරිනැමීම සිදුකෙරිණි .
මෙහි දී එම පාසලේ දැරියන් විසින් සිංහල ගීත සදහා අලංකාර නර්තන අංගයන් කීපයක් ද ඉදිරිපත් කිරීම විශේෂත්වයක් විය.
අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම් මරික්කාර්, මුජිබර් රහුමාන්, පළාත් අමාත්‍ය රංජිත් සෝමවංශ. නාගරික මන්ත්‍රි අසාද් සාලි යන මහත්වරුන් ද විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුහු මේ අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd