(රොමේෂ් මධුෂංඛ)
කෝප්රල් ගාමිණි කුලරත්න නොහොත් හසලක ගාමිණි රණවිරුවාගේ 26 වැනි ගුණානුස්මරණය අද(16) අලිමංකඩ හසලක ගාමිණි පිළිරුව අසලදී සිදුවිය.
හසලක ගාමිණි පිළිරුව අබියස සර්ව රාත්රික පිරිත් සජ්ඣායනාවක් පවත්වා අද උදෑසන හීල් දානය සහ පිරිකර පූජා කිරීමෙන් පසුව මෙම සැමරුම සිදු කෙරිණ.
මෙම අවස්ථාවට හසලක ගාමිණි රණවිරුවාගේ මව එස්.ජී.ජුලියට් මහත්මිය ඇතුළු ඥාතිහූ එක්වූහ.
1991 ජුලි 13 වැනි දා අලිමංකඩ ඉදිරි ආරක්ෂක වළල්ල කඩා යුද හමුදා කඳවුර දෙසට පැමිණි ත්රස්තවාදීන්ගේ බුල්ඩෝසරයක් මතට හසලක ගාමිණි රණවිරුවා බෝම්බ සමග පැනීමෙන් එම බුල් ඩෝසරය විනාශ වූ අතර ඉන් අලිමංකඩ කඳවුරේ සිටි සෙබළුන් 1500 ක් පමණ දෙනාගේ ජීවිත බේරා ගැනීමට හැකි විය.









COMMENTS
සංහිඳියාවට පහරක් කියලා යහපාලනයට රිදෙයිද දන්නේ නැහැ.
රටක් වටිනා මේ ලංකා පුත්රයාට මීට වඩා තේජාන්විත පිළිරුවක් හදවන්න තරම් මොළයක් අපේ හමුදාවේ හා රජයේ නිලධාරීන්ට නැද්ද?
එක්සත් ජනපදය තමන්ගේ හමුදාවන්ට ඉතාම ඉහලින් සලකනවා. සෑම පුරවැසියෙක් ම හමුදා සාමාජිකයන්ට නැගිටලා ආචාර කරනවා. අපේ කොල්ලෝ ටිකට සලකනවා හොඳටම මදි. හසලක ගාමිණී විරුවාණෙනි, ඔබට අපේ ආචාරය!
තරංග කියන විදිහට නැගිටින්න ගියොත් අපිට හිටගෙනම තමයි ඉන්න වෙන්නේ... හමුදාව කරන්නෙත් රාජකාරියක්...
මේ දේවත් කරන්න ඇති මේ කොන්ද පන නැති ආණ්ඩුව ඉඩ දුන්නා